( තිලකරත්න දිසානායක.)
ගම්පහ , ඉදිගොල්ල දේවස්ථානයට ඇතුළුවූ සොරෙකු එහි තිබූ පිං කැට තුනක් කඩා මුදල් රැගෙන ගොස් ඇති බව ගම්පහ පොලීසිය පවසයි.
අලුයම් කාලයේ දේවස්ථාන භූමියට ඇතුලුවී ඇති අයෙකු පිං කැට කඩා මුදල් රැගෙන යන අන්දම දේවස්ථානයෙහි ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති බවද පොලීසිය සදහන් කරයි.
මෙලෙස මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම මත සිදුකළ විමර්ශන අනුව හොරා පිං කැටවල තිබූ මුදල් නෝට්ටු පමණක් ගෙන කාසි ඉවතට දමා ඇති බව පෙනී ගොස් ඇති බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
පිං කැටවල තිබී දමා ගොස් තිබූ කාසි රැස් කොටදේවස්ථානයේ පියතුමෙකු විසින් දේවස්ථානය තුලට රැගෙන ගොස් ඇති බැවින් සොරකම සිදු කළ හොරාගේ ඇගිලි සලකුණු ලබා ගැනීම අපහසුවී ඇති බවද පොලීසිය පවසයි.
සොරා අත් අඩංගුවට ගැනීම සදහා පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.
2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේවස්ථානයක පිංකැට තුනක් කඩා මුදල් සොරකම් කරලා