IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොටියාගල වතුකම්කරුවෝ සත්‍යග්‍රහයක

( රංජිත් රාජපක්ෂ )

බගවන්තලාව වැවිලි සමාගමට අයත් කොටියාගල තේ වතු යායේ වතු කම්කරුවන් පිරිසක් වතු පාලන අධිකාරියට විරෝධය පාමින් අද (30)  උදැසන එම තේ කර්මාන්ත ශාලාවට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව අසල සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

වැටුප් පරිපාලක සභාව විසින් තමන්ට වැඩි කළ රුපියල් දහසක දෛනික වැටුප ලබාදිමට වතු පාලන අධිකාරිය විසින්  අමු තේ දළු කිලෝ 18 නෙලන ලෙසට බලපැම් කරන බවත්,එසේ අමු තේ දළු කිලෝ 18 නෙලිමට ප්‍රතික්ෂේප කරන වතු කම්කරුවන්ට නෙලන තේ දළු ප්‍රමාණයට පමණක් කිලෝවට රු 40 බැගින් ගෙවිමක් සිදු කරන බව සත්‍යග්‍රහයේ නියැලි සිටින වතු කම්කරුවෝ කියති.

වතු පාලන අධිකාරිය තමන්ට පවසන පරිදි අමතර තේ දළු කිලෝ 5 ක් නෙලිය නොහැකි බවත්,දැනට දිනකට නෙලන අමු තේ දළු කිලෝ 13 ට අමතරව තවත් අමු තේ දළු කිලෝ 2 ක් පමණක් නෙලා දිය හැකි බව සත්‍යග්‍රහයේ නියැලි සිටින  වතු කම්කරුවෝ  කියති.

පවත්නා තත්ත්වය මත දැනට මාස දෙකක කාලයක් තිස්සේ වතු පාලන අධිකාරිය සමග මෙම ගැටළුව පවතින බවත්,එම මාස දෙකේ කාලය තුල තේ දළු කිලෝ 18 ක් නෙලිම ප්‍රතික්ෂේප කිරිම නිසා වතු පාලන අධිකාරිය විසින් තමන්ට දෛනිකව ලබාදෙන වැඩ දින ගණනද අඩු කිරිම නිසා තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින බවද කෙටියාගල වතු යායේ වතු කම්කරුවන් කීවේය.



අදහස් (0)

කොටියාගල වතුකම්කරුවෝ සත්‍යග්‍රහයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 600 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site