හිරාන් ප්‍රියංකර ජයසිංහ
නියඟය හමාර කරමින් වැසි ලැබී ගොවි බිම් සශ්‍රීක කරන ලෙස ආයාචනය කරමින් නවගත්තේගම ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව ජයශ්‍රී මා බෝ සමිඳුන් වෙත දින තුනක විර්ය පාරමිතා පා ගමනක් ආරම්භ කළහ.
17 වැනි වරටත් සංවිධානය කර තිබූ මෙම විර්ය පාරමිතා පාද චාරිකාව පසුගිය යුද සමයේ රණවිරුවන්ට ආශීර්වාද කරමින් ආරම්භ කළ බවත් ඉන් පසු විවිධ හේතු මුල් කරගනිමින් නවගත්තේගම මුල්ලේගම රජමහා විහාරස්ථානයේ සිට කිලෝ මිටර් 75 ක් දුර ගෙවමින් ජය ශ්‍රී මා බෝධින් වහන්සේ ගේ ආශීර්වාද අයදිමින් ගමන් කරන බවත් එහි ප්‍රධාන සංවිධායිකාව වන එච් .ඒ .සුමනාවතී මහත්මිය පැවසුවාය.
මෙවර මෙම විර්ය පාරමිතා පාද චාරිකාවේ අරමුණ වී ඇත්තේ නවගත්තේගම ඇතුළු ප්‍රදේශ ගනනාවකට වසර හතරකට අධික කාලයක් පුරා වැසි නොලැබීම හේතුවෙන් ජනතාව අත් විඳින පීඩාවෙන් මුදවා ගෙන වැසි ලබා දෙන ලෙසට ජය ශ්‍රී මා බෝධින් වහන්සේගේ ආශීර්වාද ලබා ගැනීම බව ද ඇය කීවාය.
මෙම පාද චාරිකාවට 400 කට ආසන්න පිරිසක් එක්ව සිටිති. ඇසළ පොහෝ දින අනුරාධපුර යට ළඟා වීමේන් පසු ජය ශ්‍රී මා බෝධින් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වීමට නියමිතව ඇති බව සංවිධායකයෝ කියති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වැසි ඉල්ලා 400ක් පාගමනින් උඩ මළුවට