(එම්.කේ. නන්දසේන)
යුද හමුදා බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් මත කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් අද (19) දහවල් කතරගම රෝහල පිටුපස පෙරගිරිගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවෙස් දෙකක තිබී ටී 56 උණ්ඩ යොදන සාදන ලද ගිනි අවියක්, ටී 56 උණ්ඩ 16 ක්, බෙහෙත් කොටන ගිනි අවියක්, හා සකස් කරමින්තිබූ බෙහෙත් කොටන ගිනි අවි දෙකක කොටස් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා සහ අඩංගුවට ගත් ආයුධ කතරගම පොලීසිය වෙත බාරදුන් බව කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක චමින්ද පල්ලියගුරු මහතා පැවසීය.
පළමුව එක් නිවසක තිබී බෙහෙත් කොටන තුවක්කුවක් සොයා ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනෙකුත් ආයුධ සොයාගත් බව කියයි.මෙම ස්ථානය කමිමලක් බවද පැවසීය.
පොලිස් විශේෂ කාර්ය කාර්ය බලකායේ අණදෙන බලකායේ අණ දෙන නිලධාරී වරුණ ජයසුන්දර, ගාල්ල, හම්බන්තොට කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විදුරනාථ දිසානායක, හම්බන්තොට කලාපය භාර සහකාර පොලිස් අධිකාරී උපුල් අබෙිරත්න මහත්වරුන්ගේ උපදෙස්මත කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක චමින්ද පල්ලියගුරු මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැටලීම සිදුකළහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කතරගම රෝහල පිටුපස නිවෙසක තිබී ගිනි අවි ඇතුළු ජීව උණ්ඩ තොගයක් සොයාගනී