(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් මහජන වෙළඳපොලට පිටුපස පාරිභෝගිකයන්ට අවහිර වන සේ පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් කඩා ඉවත් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීහු අද (19) කටයුතු කළහ.
එම අනවසර වෙළඳසැල් වල වෙළදාම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් සහ සේවකයින් එම ස්ථානයට පැමිණ එම අනවසර වෙළඳසැල් කඩා ඉවත් කර එම වෙළඳසැල් වල අලෙවි කිරීමට තිබු භාණ්ඩ සහ කඩා ඉවත් කළ වෙළඳසැල් වල උපකරණ නගර සභාව වෙත රැගෙන යනු ලැබුහ.
හැටන් මහජන පොල භූමිය හරහා හැටන් ලංගම සහ පෞද්ගලික බස් නැවතුම්පොලට පිවිසිමට ඇති කෙටි මාර් ගයද මහජන වෙළඳපොල හරහා පිහිටා ඇති අතර එම මාර්ගයේ අනවසර වෙළඳසැල් ඉදි කිරිම නිසා මහජන වෙළඳසැලට පැමිණෙන පාරිභෝගිකයන් මෙන්ම ඒ හරහා ගමන් ගන්නා පාරිභෝගිකයන්ද දැඩි පිඩාවට පත් වී සිටිති.
මහජන වෙළඳපොලට වාහන වලින් පැමිණෙන පාරිභෝගිකයන්ද පවත්නා තත්ත්වය මත තම වාහනය ගාල් කිරිමට හෝ වාහනය හරවා ගැනීමට ඉඩක් නොමැති වීමෙන්ද දැඩි අසීරුතාවයට පත් වී සිටිති.
මහජන වෙළඳපොල පිටුපස අනවසර වෙළඳාමේ නිරතව සිටින වෙළඳුන්ට ඉන් ඉවත් වන ලෙසට අවස්ථා කිහිපයකදි හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් දැනුම් දී තිබුණද එම ඉල්ලීමට එම වෙළඳුන් නිසි ප්‍රතිචාර නොදැක්වීම නිසා එම වෙළඳසැල් කඩා ඉවත් කිරිමට නගර සභාව නිලධාරීහු කටයුතු කළහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හැටන් නගරයේ අනවසර වෙළඳසැල් ඉවත් කෙරේ