( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පාසල් සිසුන්ට විදේශගතවීමට අවස්ථාව සලසා එම රටවලදී කී‍්‍රඩා පුහුණුව ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන අවසානයේ අගරු චෙක්පත් ලබාදී වංචා කළ බව කියන පුස්තකාල සහායකයකු අද(23) අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන, දිවයිනේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයක මීරිගම ආසනයේ සම්බන්ධීකාරයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
සැකකරු ගම්පහ දිස්තී‍්‍රක්කයේ ප‍්‍රධාන පෙළේ දේශපාලඥයකුගේ ඥාතියකු වන බවත්, මෙම සම්බන්ධතා නිසා විවිධ පුද්ගලයන් සැකකරුට දරුවන් කී‍්‍රඩා පුහුණුව සඳහා යොමු කිරීම වෙනුවෙන් මුදල් ලබාදී ඇති බවත් හෙළි වී ඇත.
පුද්ගලයන් ගණනාවකගෙන් මෙසේ මුදල් ලබාගෙන වංචා කර ඇතැයිද වේයන්ගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයකුගෙන් මීට වසරකට පමණ පෙර ලබාගත් රුපියල් 120,000 ක් වෙනුවෙන් අඟරු චෙක්පත් දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
මේ අතර මෙම සැකකරුගේ වංචාවන්ට හසුවූ අයෙකුගේ තවත් පැමිණිල්ලක් ලැබී ඇති අතර තවත් විශාල පිරිසක් මෙම අයගේ වංචාවන්ට ගොදුරුව ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සිසුන් විදේශගත කරන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට