(බිඟුන් මේනක ගමගේ)
විදේශයන්හි වැඩසිටින ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පිහිටුවා ඇති සංවිධානයක් වන විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයේ කමිටු දිවයින පුරා පිහිටුවන්නේ යැයි එහි සභාපති මහලේකම් ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියෝ ‘ලංකාදීප’ යට පැවසූහ.
ආරම්භක පියවරක් වශයෙන් ගාල්ල, මාතර, කළුතර, රත්නපුර හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක පහේ පළමු දිස්ත්‍රික්ක කමිටු පහ පිහිටුවන්නේ යැයි ද සෑම ශාසනබල මණ්ඩලයක්ම නියෝජනය වන පරිදි එහි කාරක සභාව සකසන්නේ යැයි ද ධම්මාලෝක හිමියෝ පැවසූහ.
ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම කටයුතු දේශීය වශයෙන් සිදුවන්නේ යැයි කී උන්වහන්සේ ජාත්‍යන්තර වශයෙන් බෞද්ධයන් අතර ඇති සම්බන්ධතා ජාල පාවිච්චි කරගනිමින් සිංහල බෞද්ධයන් නගාසිටුවීම එහි අරමුණ යැයි අවධාරණය කළහ.
නිකාය භේදයකින් තොරව දියත් වන මෙම ව්‍යාපෘතිය මගින් දුප්පත්කමින් පීඩාවට පත්ව සිටින සාමණේර හිමිවරුන්ගේ පවුල්වලට ද උගෙනීමට දක්ෂ භික්ෂූන් වහන්සේලාගේ උසස් අධ්‍යාපන කටයුතුවලට අතහිත දීම සිදුවන්නේ යැයි තුන්හිටියාවේ ධම්මාලෝක හිමියෝ පැවැසූහ.
විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයේ (GABS) දෙවැනි සමුළුව ප්‍රංශයේ පැරිස් නුවරදී පසුගිය සැප්තැම්බර් 19 , 20 , 21 තෙදින පුරා පැවැත්වුණු අතර රටවල් 33කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් විදේශගත ධර්මදූත සේවයේ නිරත නාහිමිපාණන් වහන්සේලා හා විහාරාධිපති භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විශ්වීය භික්ෂු සම්මේලනයේ කමිටු දිවයින පුරා පිහිටුවීමට යයි
සියඹලාපේ සුමංගල හිමි Wednesday, 04 December 2019 03:41 PM
පිංවත් අති ගෞරවනීය ස්වාමීන් වහන්ස, මා දෙල්ගොඩ උඩුපිල දහම් මැදුර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින හිමි නමකි. දැනට මා ප්‍රාචීන අවසාන පණ්ඩිත උපාධිය හදාරමින් සිටියි. පහු ගිය වසර හා මෙම වසරේදී ජපානය හා ප්‍රංශය දායක වෙමින් පැවති විශ්වීය භික්ෂූ මහා සම්මේලනයේ සම්පූර්ණ වැඩසටහන ලංකාවේ සිට නැරඹුවෙමි. ඒ වැඩසටහන්වලදී ශ්‍රී ලංකාවේ උන්නතිය හා බෞද්ධ උරුම ආරක්ෂා කරගැනීම හා වැඩි දියුණු කර ගැනීම උදෙසා අත්‍යාවශ්‍ය කරන අනුශාසනා බොහෝමයක් තිබිණ. එම අනුශාසනා ක්‍රියාත්මක කිරීමට ගන්නා මෙහෙය මා පෞද්ගලිකව ප්‍රසංසා කරමි. මෙම වැඩපිලිවෙල දේශීය වශයෙන් ඉදිරියට කරගෙන යාම සදහා ලංකාවේ වැඩ සිටින මහා සඟරුවන සහ මාගේ නොමසුරු දායකත්වය ලබා දීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි ....!