(ඩබ්. ඒ පියතිලක)
වකුගඩු රෝගය අවම කිරීමේ අරමුණින් ලක්ෂ 21ක මුදලක් වැයකර ඉදිකරන ලද ජල පිරිපහදු යන්ත්‍රය සහ ගොඩනැගිල්ල ඉදිකර වසරක් ගතවූවත් ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයක නැතැයි හිඟුරක්ගොඩ පලුවද්දන ගම්වාසීහු පවසති.
පලුවද්දන පවුල් 500ක ප්‍රයෝජනය සඳහා ඉදි කළ ජල පිරිපහදු යන්ත්‍රය සහ එම ගොඩනැගිල්ල කිසිදු ප්‍රමිතියක් සහ ආරක්ෂාවක් නොමැතිව ඉදිකර ඇති බවත් එම ජල ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන් සහ නිලධාරීන් හිතාමතා එම මුදල් ලබාගෙන ඇති බවත් ඔවුහු පවසති.
පලුවද්දන ගම්මානයේ පදිංචි බී. ඒ. සුදත් බමුණුසිංහ මහතා මෙසේ පැවසීය.
“මීට අවුරුද්කට කලින් ගමට ජලසම්පාදනයේ නිලධාරි මහත්තුරු වගයක් ගමට ජල පිරිපහදු යන්ත්‍රයක් හදන්න සල්ලි පාස් වෙලා කියලා ඒ වෙනුවෙන් ගමේ සමිතියක් හැදුවා. හැබැයි අපට සල්ලි දුන්නේ නැහැ. ජිනසේන කියන ආයතනයෙන් තමයි ඔක්කෝම කළේ. අවසානයේ ගොඩනැගිල්ල විවෘත කරන්න තියෙනකොට ඒකේ දොර කඩලා මෝටර් එකක් හොරු අරන් ගිහිල්ලා. ගොඩනැගිල්ලේ දොර ජනෙල්වලට කිසි ප්‍රමිතියක් නැහැ. ඇණ ගහලායි දොර වහලා තියෙන්නේ. හොරු කඩපු දවසේ ඉදලා මේ යන්ත්‍රය අඩපණ වෙලා. ”
ආර්. ඩී. එම්. සුනිල් මහතා පැවසුවේ තම ගම්මානයේ සිටින වකුගඩු රෝගීන් බීමට ජලය ලබාගන්නේ ගමෙන් බැහැරට ගොස් වැඩි මිලක් ගෙවා බවයි. මෙම ජල යන්ත්‍රය සැකසීමට මුදල් ලැබූ ආකාරය ග්‍රාමසේවක හෝ සමෘද්ධි නියාමකවරු පවා නොදන්නා බැවින් ගමේ කරන ඕනෑම සංවර්ධන කටයුත්තක් ඔවුන් හරහා සිදුකළ යුතු බවත් වහාම මෙයට කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බවත් පි. බි. රවින්දු මහතා පැවසීය.
මේ පිළිබඳ හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරිය වන ආර්. ඒ. ඩී. පී පුෂ්ප කුමාරි මහත්මිය පැවසුවේ ව්‍යාපෘතිය පිළිබඳව ඔවුන් කිසිවක් නොදන්නා අතර මෙය ජල සම්පාදන මණ්ඩලය විසින් කරන්නක් යැයි පලුවද්දන ග්‍රාම නිලධාරිවරයා දැන්ම් දී ඇති බවය.
ජාතික ප්‍රජා ජල සැලසුම් දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව ස්ථානභාර නිලධාරි ඒ. පී. ජයතිලක මෙසේ පැවසීය.
“ ජල සම්පාදන දෙපාර්තමේන්තුව රට පුරා වෙවැනි ව්‍යපෘති සඳහා ටෙන්ඩර් කැඳවලා කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙනවා. ඒ අනුව පලුවද්දන ජල ව්‍යාපෘතිය සදහා කොන්ත්‍රාත්කරුවෙකු පැමිණ ඉදිකිරීම් සිදු කරලා තිබෙනවා. එහි අධීක්ෂණ කටයුතු අප විසින් සිදු කරනවා. එම ඉදි කිරීමේ අඩුපාඩු තිබුණ නිසා ඒ සඳහා වෙනත් කොන්ත්‍රාත්කරුවන් හෝ යොදා අපි ගැමියන්ට අවශ්‍ය ජල පිරිපහදු කටයුතු සලසනවා."
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පලුවද්දන ජල පිරිපහදු යන්ත්‍රය අක්‍රීයයි