මුදිතා දයානන්ද
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කීර්ති කාරියවසම් හා නවුසර් ෆවුසි මන්ත්‍රීවරුන් දෙදෙනා අද (04) පෞද්ගලික ප්‍රකාශයක් කරමින් විපක්ෂයේ අසුන් ගත්හ.
මෙසේ සිදුවූයේ බස්නාහිර පළාත් සභාවේ අය වැය විවාදය නියෝජය සභාපති යසපාල කෝරළගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවත්වූ අවස්ථාවේදීය.
මෙහිදි අදහස් දැක්වූ කාරියවසම් මහතා යහපාලනය ඇති කිරිමේ අරමුණ ඇතිව තමන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කළ බවත් පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරු අතරින් මුලින්ම ඔහු සමඟ හිටගත් මන්ත්‍රීවරයෙක් ලෙස මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සිදුකරමින් සිටින දේවල් අනුමත කළ නොහැකි බවද ඒ අනුව තමන් ආණ්ඩු පක්ෂය අතහැර විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළ බවද පැවසීය.
නවුසර් ෆවුසි මහතාද අදහස් දක්වමින් පසුගිය කාලයේ දේශපාලනය තුළ සිදුවූ දේවල් අනුමත කළ නොහැකි බවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් ලෙස තමන් ඒ ගැන කණගාටු වන බවද තමන්ගේ පියා හොඳ දේශපාලඥයෙක් වන අතර තමන්ද හැමවිටම ජනතාගේ පැත්තෙන් සිතා කටයුතු කළ බවද ඒ අනුව මෙම තීරණය ගත් බවද පැවසීය.
විපක්ෂයට එක්වූ මන්ත්‍රීවරුන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් උණුසුම්ව පිළිගනු ලැබිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බස්නාහිර පළාත් සබේ එජනිස මන්ත්‍රීවරු දෙදෙනෙක් විපක්ෂයේ අසුන් ගනිති