(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අනියමි සැමියා සමඟ එක්ව සිය නිවස තුළදී තම සැමියාට පිහියෙන් ඇන ඝාතනය කර නිවස පිටුපස ඇති කසළ වළකට දමා පිළිස්සූ කාන්තාවක් සහ එම අනියම් සැමියා අද(02) අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගෝනපල කුඹුක පදිංචිව සිටි 48 හැවිරිදි ශිවපෙරුමාල් නන්ද කුමාර් නැමති දෙදරු පියෙකි.
ඔහු මිට වසර දෙකහමාරකට පෙර ගෝනපල කුඹුක බටහිර කොටුපත්ගොඩ ප්‍රදේශයේ කුලි නිවසකට සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ පදිංචියට පැමිණ ඇත.
ඔහු පදිංචිව සිටි මෙම නිවසට මීට වසර තුනකට පෙර සැකකාර කාන්තාවගේ ඥාති සොහොයුරෙක් පැමිණ ඇති බවත් ඔහු එම බිරිඳගේ සැමියාට අත්වැඩ ලබාදුන් අයෙක් බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.
2017 අපේ‍්‍රල් මස 01 දින සැකකාර කාන්තාව වන ශිවලිගමි නාගවල්ලි නැමැත්තිය මොරගහහේන පොලිසියට පැමිණ තම සැමියා ආරවුලකට නිවසින් පිටව ගිය බවත් මෙතෙක් නිවසට නොපැමිණි බවත් පැමිණිල්ලක් කර ඇත. එම පැමිණිල්ල අනුව මොරගහහේන පොලිසිය විසින් පරීක්ෂණ පැවැත්වූ නමුත් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකිව ඇත. මීට දින දෙකකට පෙර පොලිසියට ලද තොරතුරක් මත ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ 16 හැවිරිදි වැඩිමහල් පුතනුවන් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමේදී රුවන් වැල්ලේ මාමා තාත්තාට පිහියෙන් අනිනවා අඩ නින්දේ පසුවූ තමන් දුටු බවට පොලිසියට පවසා තිබේ.
ඒ අනුව සැකකාර කාන්තාව සහ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.
ඝාතනයට යොදා ගත් පිහියද ඔවුන් දැනට පදිංචි නිවසේ සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
අපරාධය සිදුවු ස්ථානයට මේවනවිට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර හොරණ මහේස්ත්රාත්වරයාගේ අධීක්ෂණය යටතේ හෙට(03) මළසිරුර ගොඩගැනීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මිනීමැරුමකට වසර 2කට පසු දෙදෙනෙක් අත්අඩංගුවට