(කේ බුද්ධික කුමාරසිරි )
කොළඹ - අවිස්සාවේල්ල පරණ පාරේ කඩුවෙල වැලිවිට රක්ගහවත්ත පටුමග අසලදී මාර්ගය හරහා මාරු වෙමින් සිටි පුද්ගලයෙකු යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතල තුවාල ලබා මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (02) දින අලුයම මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
අනතුර සිදු කළ යතුරු පැදියේ ගමන් ගත් හොරණ පොලිස් ස්ථානයට අනුයක්ත පොලිස් කොස්තාපල්වරයෙකු තිස්සමහාරාම ප‍්‍රදේශයේ පිහිටි තම නිවසේ සිට යතුරුපැදයෙන් හොරණ පොලිස් ස්ථානය දක්වා ගමන් කරන අතරතුරදි මාර්ගය හරහා මාරුවෙමින් සිටි පුද්ගලයෙකු මෙලෙස අනතුරට ලක්ව ඇතැයි කළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ කඩුවෙල වැලිවිට රක්ගහවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පල්ලැහැ වත්තේ ගෙදර ආරියසේන නමැති 62 හැවිරිදි දෙදරු පියෙකි.
අනතුර සම්බන්ධයෙන් හොරණ පොලිසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයා නවගමුව පොලිසිය මඟන් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යතුරුපැදියක ගැටී පුද්ගලයෙක් මරුට