(අතුල බණ්ඩාර)
තන්තිරිමලේ මහ සියඹලාගස්වැව ප්‍රදේශයේදී අද (02) වල් අලියෙකු පහරදීමෙන් 47 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි තන්තිරිමලේ පොලිසිය පැවසීය.
ආර්.එම්. ගාමිණී දිසානායක නැමැති මියගිය මේ පුද්ගලයා මහ සියඹලාගස්වැව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
ඔහු අද(02) පෙරවරුවේ මහ සියඹලාගස්වැව ට යාබද හල්මිල්ලකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි සිය ඥාතියෙකුගේ අවමගුලකට සහභාගිවීම සඳහා බිරිඳ හා දරු දෙදෙනා සමග අතුරු මාර්ගයක යන අතරතුරදී මහ සියඹලාගස්වැව සුසාන භූමිය අසලදී ඔවුන් ඉදිරියට කඩාවැදුණු වල් අලියෙකු ඔහුට පහරදී තිබෙන බව තන්තිරිමලේ පොලිසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මේ අවස්ථාවේ ඔහුගේ බිරිඳ ,දරු දෙදෙනා සමග දිව ගොස් සැඟවී දිවි බේරාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
තන්තිරිමලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කරයි
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වල් අලියෙකුගේ පහරින් පුද්ගලයෙක් මරුට
kapila Wednesday, 02 June 2021 12:41 PM
කමක් නැහැ ඉතින්... මොහු ගමක ජීවත්වුණු තැනැත්තෙක්නේ. මේවගේ දේවල් නගරවල ඉන්න උදවියට වෙන එක නම් හොඳ නැහැ.