( මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කය තුලින් අද( 07 ) පෙරවරුව දක්වා වූ පැය 24 ක කාලය තුල නව කොවිඩ් 19 රෛවස ආසාදිතයින් 132 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් ගණන 11062 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස 16 කින් මෙම නව ආසාදිතයින් 132 දෙනා වාර්තා වී තිබේ.
උඩනුවරින් එක් අයෙකු, උඩදුම්බරින් පස් දෙනෙකු, පාතදුම්බරින් පස් දෙනෙකු, පස්බාගේ කෝරළයෙන් හය දෙනෙකු, මැණික්හින්නෙන් 38 දෙනෙකු, මැදදුම්බරින් සිව් දෙනෙකු, මහනුවර මහ නගර සභා බල ප්‍ර දේශයෙන් පස් දෙනෙකු, කුණ්ඩසාලෙන් 16 දෙනෙකු, මිනිපෙන් 24 දෙනෙකු. හාරිස්පත්තුවෙන් දෙදෙනෙකු, ගඟවට කෝරළයෙන් දෙදෙනෙකු, ගඟඉහළ කෝරළයෙන් 15 දෙනෙකු ගම්පොළින් දෙදෙනෙකු, ගලහින් දෙදෙ කු, ගලගෙදරින් එක් අයෙකු, දොළුවෙන් පස් දෙනෙකු වශයෙන් ගෙවුණු පැය 24 තුල රෝගින් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහ නගර සභා බල ප්‍ර දේශයෙන් වන අතර එය 1202 ක් වෙයි.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා කොවිඩ් මරණ 235 ක්ද වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අංශ කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහනුවර දිස්ත්ත්රික්කයේ ආසාදිතයින් 11062 ක් දක්වා ඉහළට
සනත් ඉතාලිය Monday, 07 June 2021 07:29 PM
මේවාට ප්‍රතිචාර දාන්න එකෙක් නැහැ. හැබැයි පියුමිගේ රෙදි බෑග් එක ගැන ලියන්න කට්ටිය පෝලිමේ. අඩු ගානේ කොරෝනා වලින් මුලු ලෝකෙම සුවපත් වේවා කියලා ආශිර්වාදයක් වත් දමපල්ලා...