( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (26) සභා වාරයට සහභාගිවීම සඳහා විරෝධතා පුවරු රැගෙන සභා ගැබට පැමිණීමත් සමඟම සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා සභාව අවසන් කර අනෙකුත් මන්ත්‍රීවරු සමඟ සභා ගැබෙන් පිටවී ගියේය.
විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස විරෝධතා පුවරු අතැතිව පැමිණ මද වේලාවක් සභා ගර්භය තුළ විරෝධතාවය යෙදීමින් සිටියදී විපක්ෂ නායක දර්ශන පීරිස් මහතා සභාපති පුටුවේ අසුන්ගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස සමග විනාඩි කීපයක් සභාව පැවැත්වීමට පියවර ගත්හ.
විරෝධතාකරුවෝ ප්‍රාදේශීය සභාවේ තල් පිටි බද්ද උප කාර්යාලයට පැමිණෙන මාර්ගය අවහිර කරමින් බිම වාඩිවී , විරෝධතාවක නියැලී සිටි අතර සභා වාරය ආරම්භ කිරීම සඳහා තල් පිටි බද්ද උප කාර්යාලයට සභාපතිවරයා සහ පාලක පක්ෂයේ මන්ත්‍රීවරු රැගත් කැබ් රථයට මෙන්ම ලේකම්වරයා සහ අනෙකුත් නිලධාරීන්ට පැමිණි වාහන වලට ද ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන ලදී .
අනතුරුව සභාපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පැමිණි වාහන වලින් බැස මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ හඬ නගමින් තල පිටි බද්ද උප කාර්යාලය වෙත පා ගමනින් ගොස් සභාව ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි.
අනතුරුව විරෝධතාවේ යෙදුණු විපක්ෂයේ මන්ත්‍රීවරු විනාඩි 45කට පමණ පසු සභා ගැබට විරෝධතා පුවරු රැගෙන කඩාවදින අවස්ථාවේදී සභාපතිවරයා සභාව අවසන් කරන බව දැනුම් දීමත් සමගම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිය අසුන් වලින් නැගිට පිටවී ගියහ
මෙහිදී විපක්ෂයේ විරෝධතාවයට සහභාගී නොවී සිටි එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජනය කරන මහේෂ් කොතලාවල,චම්පා කන්නන්ගර ,හා දයා නන්දනි ,මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඒ ජේ එම් සිම්සාර් යන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් සභා ගැබෙන් පිටවී පිට වී ගිය අතර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් සිටින රොෂාන් රාජිත මෙන්ම නව වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් සිටින බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සරත් ආර් රණසිංහ මහත්වරු ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිට අනතුරුව සභා ගැබෙන් පිටවී ගියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බණ්ඩාරගම ප්‍රා.ස.නොසන්සුන් වෙයි