(දීලීප් ජයසේකර)
ගංජා කිලෝ 2යි ග්‍රෑම් 500ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ වරදට වැරදිකරු වූ සැකකරුවෙකුට වසර දෙකක අත්හිටවූ සිර දඬුවමක් හා රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද(22) නියෝග කළේය.
මෙලෙස සිර දඬුවම් හා දඩ නියම වුයේ රිකිල්ලපාන, ගගුලන්දෙණිය, කටුවන පදිංචි වීරසිංහගේ ප්‍රියශාන්ත නැමති පුද්ගලයෙකුටය.
සැකකරු 2015.11.07 වන දින යතුරු පැදියකින් ගංජා රැගෙන ජාවාරමේ යමින් සිටියදී මිද්දෙණිය පොලීසියට ලද ඔත්තුවකට අනුව මිද්දෙණිය නගරයේදි අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු සන්තකයේ තිබී ගංජා කිලෝ 2යි ග්‍රෑම් 500ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුට එරෙහිව පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පැවරීය. අදාළ නඩුවේ විභාගය අවසන් කරමින් සැකකරු චෝදනා දෙකටම වැරදිකරු බවට ඔප්පු වීම හේතුවෙන් මහාධිකරණ විනිසුරුවරයා අද (22) සැකකරුට දඬුවම් නියම කෙරුණි.
ඒ අනුව සැකකරුට පළමු චෝදනාවට වසර 2ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිරණ විනිසුරුවරයා එය වසර 15ක කාලයක් සඳහා අත්හිටවන ලදී. දෙවන චෝදනාව සඳහා රුපියල් 25,000ක දඩ මුදලක් නියම කළ අතර එය නොගෙවන්නේ නම් වසර 2ක බර වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි.
මීට අමතරව සැකකරුට දඩුවම් පමුණුවන අවස්ථාව වන විට තවත් සමාන පෙර වැරැද්දක්ද පැවතීම හේතුවෙන් ඉහත දඬුවම්වලට අමතරව තවත් රුපියල් 25,000ක දඩ මුදලක්ද නියම කෙරුණි. සැකකරු එය නොගෙවන්නේ නම් තවත් වසර 2ක බර වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි.
පැමිණිල්ල වෙනුවෙන් මිද්දෙණිය පොලිසිය සමගරජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරන්න මහතා පෙනීසිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගංජා ජාවාරම්කරුට අවුරුදු 2ක අත්හිටවූ සිර දඬුවමක්