(රංජිත් රාජපක්ෂ)
සිද්ධස්ථාන වලට අගෞරව කරන බංකොලොත් දේශපාඥයන්ට රට පාලනය කිරිමට ඉදිරිපත් නොවන ලෙස පැල්මඩුල්ල රජ මහවිහාරයේ විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති සහ ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසූහ.
2019-2020 වසර සදහා ශ්‍රිපාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් අද (18) නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යයාලයේදි රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා පැවති සාකච්ඡාවේදි අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මෙසේ සඳහන් කළහ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රොහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අඹගමුව ප්‍රාදේශිය ලේකම් ආර්.ටි.එස් සුමනසේකර , හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය ඇතුළු රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදි වැඩි දුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පැවසූයේ ශ්‍රි පාදස්ථානය ඉලක්ක කර ගනිමින් බංකොලොත් දේශපාලඥයින් කිහිපදෙනෙකු පසුගිය දිනක විද්‍යුත් මාධ්‍යයක් හරහා අගෞරව වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.
මෙවර ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා දුම්වැටි අලෙවි කිරිම නතර කිරිමට නල්ලතන්නියේ වෙලද සංගමය එකගතාවයකට පැමිණි අතර ශ්‍රි පාද පරිසරයේ ප්ලාස්ටික් වතුර බොතල් බැහැර කිරිම අවම කිරිම සදහා වතුර බෝතල් ලිටරයකින් ඉහළ වතුර බෝතල් පමණක් අලෙවි කිරිමට එකඟතාවයක් ඇති කෙරිණි.
ශ්‍රි පාද වන්දනා සමයේ මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතය තහනම් කළ අතර පොලිතින් භාවිතය අවම කිරිම සදහා මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් වන්දනකරුවන්ට නොමිලේ ගමන් මල්ලක් ලබා දිමටත් එම ගමන් මල්ල ශ්‍රි පාද කරුණා කිරිමෙන් අනතුරුව යළිත් ලබා ගැනිමේ ක්‍රමවේදයක් අනුගමනය කිරිමටද එකගතාවයක් ඇති විය.
2019-2020 ශ්‍රි පාද වන්දනා සමය උදුවප් පොහෝ දින 12 මස 11 දින ආරම්භ වන බවත්, පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරයේ අවාරයේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව සමන්දේව ප්රතිමාවන් සහ දේවාභරණ පැල්මඩුල්ලේ සිට ශ්‍රි පාද මළුව දක්වා 12 මස 10 දින රාජ්‍යය අනුග්‍රහය ඇතිව හැටන් මාර්ගය ඔස්සේත් , රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙත් , බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත් පෙරහැරවල් තුනක් ඔස්සේ වඩමවන බව ශ්‍රි පාදස්ථනාධිපති හිමියෝ එහිදී පැවසූහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්රජාතන්ත්රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘බංකොලොත් දේශපාලනඥයින් රට පාලනයට ඉදිරිපත් වෙන්න එපා ‘