IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


රාජපක්ෂ පාලනයේ පෙර තිබූ හිරිහැර යළි අරම්භවෙමින් පවතින බව රංගේ බණ්ඩාර කියයි

(නිමල කොඩිතුවක්කු)

2015ට පෙර පැවති රාජපක්ෂ පාලන සමය සිහිපත් කරමින් යළි රාජ්‍ය නිලධාරින්ට, මාධ්‍යවේදීන්ට, තානාපති නිලධාරින්ට හිරි හැර කිරීම් ආරම්භ වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. 

ප‍්‍රජාතන්ත‍්‍රවාදයල යහපාලනය ප‍්‍රතික්ෂේප කළ ජනතාවට අද ඒකාධිපති පාලනය  භුක්ති විදිමට සිදුව ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා මේ වෙනස සිදුකිරීමට කැපවූ ජනතාවගෙන් වෙනස සැපයිද කියා විමසන බවත් සදහන් කලේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(27) පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

‘‘බොරුවෙන් ඉපදිලා බොරුවෙන්ම බලයට පත්වූ මේ ආණ්ඩුව  ගැන දැන් ජනතාවට ඒත්තු ගැන්වමින් සිටිනවාග  මේ ආණ්ඩුව බලයට පත්වීම සදහා බොරු නාඩගම් ටිකක් නැටුවා.

මුලින්ම විල්පත්තු නාඩගම නැටුවා. ඊළඟට  වෛද්‍ය සාෆි නාඩගම නැටුවාල මුස්ලිම්  කඩ වලට විරෝධය දක්වන්න ජාතිවාදය පතුරවන්න වදපෙති නාඩගම නැටුවාල ඊටපස්සේ වද කාන්තා යට ඇදුම් නාඩගම නැටුවා මේ අයගේ අවසන් නාඩගම විදියට කැළණි විහාරයේ නයි නාඩගම රඟ දැක්වූවා .මේ ඔක්කොම නාට්‍ය ටික අද අවසන් වෙලා තියෙනවා.

මේ නාඩගම් රද දක්වපු රාවනා බලය, බොදුබල සේනා සංවිධාන දැන්  විසුරුවා හරිනවලූ. මේ කෑ ගහපු අය ඇයි අද නිහඩ ඇයි?  මේ සංවිධාන සක‍්‍රීයව ඉදලා මේවා ගැන කතා කරන්නේ නැත්තේ කියලා අපි විමසනවා.

දැන් අපරාධ කළා කියලා බයවෙන්න දෙයක් නැහැ.  ජනාධිපති මුක්තිය මත ජනාදිපතිවරයාට එරෙහිව තිබූ නඩු සියල්ලකින්ම මේ වනවිට  ඔහු නිදහස් කිරිමට පියවර ගෙන තිබෙනවා.
පහුගිය දිනවල රණවිරුවන් කොටසක් අල්ලගෙනල වෛද්‍ය සංගමය  ආදී පිරිස් අල්ලගෙන රට පුරා විරෝධාතා සංවිධානය කළාග  අනික් පැත්තෙන් වෛරය,ක්‍රෝධය සහ ජාතිවාදය  බොහොම අගේට වැපුරුවා.  ඒ නිසා තමයි මේ මැතිවරණයේ  ප‍්‍රථිඵල ලැබෙනවිට සිංහළ බෞද්ධ  කණ්ඩායම එක පිලකටත් අනෙක් ජාතීන් තවත් පිලකටත් වැටෙන විදියට මේ ප‍්‍රථිඵල ලකුණු වෙන්න පටන් ගත්තේ.

එල්. ටී. ටී ඊ  සවිධානයට  ඕන වෙලා තිබුනේ රට බෙදන්නයිග ඒ වෙනුවෙන්  එල්ග ටීග ටී ඊ  සවිධානය ඇදලා තිබුනු සිතියමයි  මෙවර මැතිවරණයේ ප‍්‍රථිඵල  වල සිතියම දිහා බලපුවහම  ඒ දෙක අතර වෙනසක් නැහැ.

අනික් පැත්තෙනන් විමල් වීරවංශල ගම්මන්පිල ඇතුලූ පිරිස් විදේශ ගිවිසුම් ගැන බිල්ලො මැව්වාග ලංකාව ඇමරිකාවේ  කොරිඩෝවක් වෙයි කිව්වාල  දැන් නව රජයක් පත්වෙලා තියෙනවාග ජනාධිපති හෝ අගමැති හෝ මේ ගිවිසුම් පිළිබ`දවත් ඒවා අත්සනන් කරනවද නැද්ද කියලත් රටට පැහැදිලි ප‍්‍රකාශයක් සිදු කළ යුතුයි.

අද රටේ ජනතාවත් රාජ්‍ය සේවකයනුත්  බිය ගන්වා වැඩ කරන යුගයකට ඇවිත්  තියෙනවාග අපි එදා යහපාලනය තුළ  රටේ ජනතාවට මාධ්‍යයට  ඕන දෙයක් කථා කරන්න විවේචනය කරන්න අවස්ථාව දුන්නාග හැබැයි කිසිදු මාධ්‍යවේදියෙකුට  මාධ්‍ය ආයතනයකට තර්ජනය කළේල පැහැරගෙන ගියේ නැහැ.

අද මේ වෙනකොටම මාධ්‍යයට එරෙහිව වැඩ පටන් අරගෙන තියෙනවාග  ලීඩර් වෙබ් සයිට් එකට පොලිසියට ගිහින් වට කරලා ඒ ආයතනය  පරීක්ෂණයකට ලක් කරලා තියෙනවාග අනික් පැත්තෙන් අර රාමනායක  මන්ත‍්‍රීතුමාගේ කාර්යාලයට පැනලා වැරදි සෝදිසි වරෙන්තුවක් මත ඒ කාර්යාලය පරීකෂාවට ලක් කරනවා.

16 වැනිදා ජනාධිපතිවරනය පැවැත්වුනාග 18 දිවුරුම් දුන්නාග සතියක් ඇතුලත  මාධ්‍යයට අත තියලා ඉවරයිග දැන් ඔයගොල්ලො සෙල්ලම් කරන්න එපා කියලා අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. යහපාලනය  නෙමෙයි දැන් තියෙන්නේ ඒකාධිපති පාලනයයි. මේ ඒකාධිපති පලනය තුළ ඔබට සුදු වෑන් එක සූදානම්ව තිබෙනවා.

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ වැඩ කරන තැනැත්තියක් පැහැරගෙන ගිහින්  ප‍්‍රශ්ණ කළා කියලාත්  ඒ වගේම ස්විස්ටර්ලන්ත තානාපතිවරයා රටේ අගමැති හමුවෙලා මේගැන  කතා කරන්න යනවා කියලත් සමාජ මාධ්‍ය ජාලාවල සරිසරනවා මම දැක්කාග මම ඒකේ සත්‍ය අසත්‍යතාවය පිලිබද මම දන්නේ නැහැ. ඒක  අසත්‍යයක් නම් රජය  සමාජ මාධ්‍යයෙන් එය ප‍්‍රචාරය කළ  පුද්ගළයා පිලිබ`ද විමර්ශණයක් කර ඒ පිළිබ`ද පිලිතුරු සැපයිය යුතුයි.

පොලිස් නිලධාරීන් බැදිලා ඉන්නේ රටේ නීතිය හා සාමය ක‍්‍රියාත්මක කිරීම සදහා කොයි නිලධාරියාද කැමති කුණුු අදින්නග පහුගිය කාල පරිච්චේදය  තුළ පොලීසියට කවුරුත් බලපෑම් කළේ නැහැග නිදහසේ කටයුතු කලාග මේ වනවිට ඇතිවී තිබෙන බලපෑම් පිළිබද ඒ උදවිය අද අපිට පවසනවා.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන බවට ජනාධිපතිවරයා බෙල්ලන්විල රජ මහා විහාරයට ගිහින් කියනවාග19 ඇති කළේ රටේ ජනතාවට  රජයේ නිලධාරින්ට බියකින් තොරව නිදහසේ කටයුතු කරන්නයි.මේ මගින් අධිකරණයල රාජ්‍ය ආයතන ස්වාධීන ආයතන බවට පත් කළාග මේ තත්වය නැති කරලා නැවත ඒකාධිපතිත්වයකට යන බව තමයි මේ කියන්නේ.

අද නිදහස් පකෂයේ  මහලේකම් ගිහින් රාජ්‍ය අමාත්‍යධුර ගන්නවාග දැන් හිටපු ජනාධිපතිතුමාත්  ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න උත්සාහ කරනවාග මේ අය අපේ ආණ්ඩුවේ ඉන්න ගමන් රාජපක්ෂ ඇදේ නිදා ගත්තාග මේ අය එදා අපිත් එක්ක ආණ්ඩු කරාට කොයි පැත්තෙද හිටියේ කියලා ජනතාවට දැන් අවබෝධ වෙලා තියෙනවා.

විනය ගරුක රටක් හදනවා කියළා  ඇවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 704 දෙනෙකුට විදේශ ගත විම තහනම් කරලා තියෙනවාග මේ තහනම  කිරීමේ බලය තියෙන්නේ රටේ ජනාධිපතිටදල ආගමන විගමන පාලකටද අධිකරණයටද කියලා අපි අහනවා.


සුරක්ෂිත විනය ගරුක ජාතික ආරක්ෂාව ශක්තිමත් වූ රටේ  අපරාධ රාශියක් පිලිබද  පරීක්ෂන සිදුකරන ලද දක්ෂ පොලිස් නිලධාරියෙක් රටෙන් අතුරු දන් වුණාග  දැන් ඒ නිලධාරියත් සමග  වැදගත් ලියකියවිලි රාශියක් අතුරු දන් වෙලාලූග මේ  බරපතල අපරාධ පිලිබද විත්තිකරුවන් දැන් බලයට පත්වෙලා මේ නිලදාරින් රටින් පැන්නුවහම  මේ නඩු මෙහෙයවන්නේ කවුද කියලා අපි අහනවාග 2015ට පෙර හිටපු අපරාධකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ  පලමු පියවර තමයි මේ අරගෙන තියෙන්නේ.

ආපහු ජනාධිපති අගමැතිල ඇමති එකම පවුලකින් තේරි පත්වෙලා තියෙනවාග ලෝකයේ කිසිම රටක මෙහෙම තත්වයක් නැහැග

මේ රටේ ආරක්ෂාව පිලිබද සහතිකයක් තියෙන නිසා තමයි ජනාධිපතිවරයා 250 කට ඔහුගේ ආරක්ෂක සංඛ්‍යාව අඩු කලේ  ඒ වගේම  ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දීමේදි ගාලූ පාර වසා දැම්මේ නැහැ.  මේකෙන්ම පැහැදිලියි අපේ රජයෙන් රටේ ආරක්ෂාව තහවුරු කරලා තිබුනු බවග ඒ අනුව හැට නම ලක්ෂයක් මුලා වුණා කියලා දැන් පැහැදිලියි.

අද මහවිරු දිනයගගම්මනිපිල මහත්තයලා වීරවංශ මහත්තයලා අද  ඇදුම් නැතුව සිටිය යුතු දවසක්ග ගෝටාභය  රාජපක්ෂ මහතා බලයට පත්වුනහම කොටි සංවිධානය සහ මහවිරු දිනය ඉවරයි කිව්වාග  ඊයේ සහ අද දිනයේදි පමනක් ස්ථාන 91 කදි මහවිරු දිනය සමරා තිබෙනවාග මෙයට පෙර එවැනි සැමරුම් වාර්තා වී තිබෙනක්නේ 51 ක් පමණයි.

දැන් මේ සෞභාග්‍යමත් විනය ගරුක රටේ  ගත්ත  ගමන්  සිමෙන්ති මිටිය රුපියල්  100 කින් වැඩි වුණාග හාල් කිලෝ එක 110 ට ගියාග සිනි වැඩිවුනාග  බීට් රූට්  මිල වැඩිවෙනකොට සමහර  මාධ්‍ය කියනවා කාලෙකින්  ගොවින්ට බීට් රූට්  කිලෝ එකකට  හොද අගයක් ලැබිලලූ.

දැන් හෙට අනිද්දා වෙනකොට  ගෑස් එකටත්  හොද අගයක් ලැබෙයිග ඉන්ධන මිලටත් හොද අගයක් ලැබෙයිග රජයේ  සේවකයන්ටත් හොද  අගයක් ලැබෙයි කියලා අපි කියනවා යැයිද ඔහු එහිදී පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා -

ෂර්ලොක් හොම්ස් කියලා රහස් පරීක්ෂක කතා වෘතාන්තයක් තිබුනා. මේ රහස් පරීක්ෂක චරිතය මගින් සමාජයට කරන බලපෑම පිලිබද ලෝකයේම ජනාදරයට පත්වුනාග ලංකාවේ ෂර්ලොක් හෝම්ස් විදියට ෂානි  අබේසේකර මහතා හැදින්වුවා.  එතුමා ඒ තරම්ම මේ සේවයට කැපවූ දක්ෂ නිලධාරියෙක්.

ඒ මහතා කිසිම දේශපාලනඥයෙකුට යට නොවුන ආණ්ඩුවදල විපක්ෂයද බලන්නේ නැතිව තම පරීනකෂණ ස්වාධීනව  මෙහෙයවූවා.  එවැනි දක්ෂ නිලධාරියෙනක් වූ ෂානි අබේසේකර මහතාගේ ස්ථාන මාරුව කොහොම සිදුවුනාද කියලා අපි දන්නේ නැහැ.  එවැනි දක්ෂ නිලධාරීන්ගේ සේවය අපි රටට ලබා ගත යුතුයි යැයිද ඔහු එහිදි පැවැසීය.

(ඡායාරූප- ළහිරු හර්ෂණ)

 



අදහස් (0)

රාජපක්ෂ පාලනයේ පෙර තිබූ හිරිහැර යළි අරම්භවෙමින් පවතින බව රංගේ බණ්ඩාර කියයි

ඔබේ අදහස් එවන්න

මාධ්‍ය හමුව

මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්
2020 සැප්තැම්බර් මස 17 405 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර


සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී
2020 සැප්තැම්බර් මස 16 296 0

පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘
2020 සැප්තැම්බර් මස 15 309 0

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට


’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’
2020 සැප්තැම්බර් මස 03 1433 7

විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව


‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’
2020 අගෝස්තු මස 24 327 0

තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත


වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි
2020 අගෝස්තු මස 23 256 0

සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 183 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1384 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site