IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


20න් සිද්ධ වෙන්නේ අක්කා පෙන්වා නංගි අරන් දෑවැද්දත් කොල්ලකන වැඩක්

(*** නිමල කොඩිතුවක්කු)

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව  වෙනස් කිරීම පහසු බව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්  බැසිල් රාජපක්ෂ මහතා ඔප්පු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්  මහතා කොළඹදී ඊයේ (06 වැනිදා) පැවසීය.

දහඅට වැනි සංශෝධනය මගින් අහුරා තිබූ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන්ටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වීමේ හැකියාව දේශප්‍රේමය ගැන කතා කරන දේශහිතෛශී භාවය පෙන්වන රට ආරක්ෂා කරන බව කියන පිරිස් 20 මගින් යළි  විවර කර ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අක්කා පෙන්වා නංගීත් අරගෙන දෑවැද්දත් කොල්ලකන වැඩක් 20 වන සංශෝධනය මගින් රටට  සිදුව ඇතැයිද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (6 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් 0මහතා මෙසේද කීය.

“මේ රට ඒකාධිපතිත්වයකට මිලිටරිකරණයකට යටත් වන බවට මහ මැතිවරණයට පෙර අපි ප්‍රකාශ කළා. එහෙත් බහුතරයක් ජනතාව ඒ හඬට කන් නොදී මේ ආණ්ඩුව බලයට පත් කළා.

මම දකින විදිහට අපි මේ මහ මැතිවරණය පරාජයට පත්වෙන්න බලපාන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. මහ බැංකු බැඳුම්කර කොල්ලය සහ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා ජනාධිපතිවරණයේදී අපි පරාජයට පත්වුණා. පහුගිය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ දුර්වල ආණ්ඩුකරණය පිළිබඳව පෙන්වා දෙමින් පක්ෂ දෙකකින් ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්විය යුතු නැහැ කියලා ජනාධිපතිවරණයෙන් පස්සෙ මේ අය ප්‍රචාරණය ගෙන ගියා. ඒ නිසා ජනතාවට මේ රට මුහුණ දෙන්න නියමිත අනාගත අනතුර තේරුම් ගැනීමට නොහැකි වුණා.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මේ ආණ්ඩුව මොකද කරන්නේ කියලා දැන් ජනතාවට තේරුම් යමින් තිබෙනවා.
අර්ජුන් මහේන්ද්‍රන් කියන සිංගප්පූරු ජාතිකයා රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකු අධිපති ධුරයට පත් කරද්දී ද්විත්ව පුරවැසියකු එපා කියලා ජනතාව  කෑ ගැහුවා. අර්ජුන් මහේන්ද්‍රන් අද පැනලා ගිහින් තියෙනවා. ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ තනතුරුවලටත් ද්විත්ව පුරවැසියන් පත්කර නොගත යුතුයි කියලා අපි මේකෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි.

රටට හිතකර ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා නම් පාර්ලිමේන්තුව සහ රට පාලනය කරන තැනට පමණක් නෙමෙයි රටේ ඉහළ තනතුරුවලටත් ද්විත්ව පුරවැසියන් පත් කිරීම වැළක්වීමට නව නීති සකස් විය යුතුයි.

අද මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනත් රටක පුරවැසියන් වන ශ්‍රී ලාංකිකයන්ටත් පාර්ලිමේන්තු එන්න පුළුවන්. මේ නිසා අර්ජුන් මහේන්ද්‍රන්ට බැණ බැණ හිටපු අය ඒකෙන් පාඩමක් ඉගෙන ගත්ත බවක් අපට පේන්න නැහැ. එහෙමනම් ද්විත්ව පුරවැසිභාවය මේ දෙකටම ඇතුළත් වන විදිහටයි ගේන්න තිබුණෙ.

දැන් මේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධන අනුව දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයෙකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වීමේ හැකියාව ලැබෙනවා. දේශප්‍රේමය ගැන කතා කරන දේශහිතෛශී භාවය පෙන්වන රට ආරක්ෂා කරන්න ඉන්න අය තමයි දහ නමයෙන් අපි අහුරපු මේ අවස්ථාව අද විවර කරලා තියෙන්නේ.

විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවට ඇවිත් නටන නාඩගම් ටික අද අපට පේන්න තියෙනවා. මීට එහා සෙල්ලම් අපට ඉස්සරහට බලාගන්න පුළුවන්.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෑ කියලා 19න් අපි ගෙනාවා. දැන් මේ  20වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපතියෙක්, මිලිටරි පාලනයක් කරා  රට ගෙන ගොස් තිබෙනවා. දහ නමයෙන් අහිමි කරලා  තියෙන ජනාධිපතිවරයාගේ මුක්තිය සම්පූර්ණම යළි ලබාගෙන තියෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට ඕනෑම වරදක් කරලා බේරෙන්න පුළුවන්.

ඒ වගේම දහනවයෙන් හඳුන්වලා දීපු කොමිෂන් සභා ටික අද අකර්මණ්‍ය කරලා තියෙනවා. දැන් ව්‍යවස්ථාදායක සභාවට නියෝග ලබා දෙන්නේ ජනාධිපතිවරයා පමණයි.

ඒ වගේම වැදගත්ම කොමිෂන් සභා දෙකක් වන ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව අහෝසි කරලා තියෙනවා. රජයේ නිලධාරීන්ටත් ඇමැතිවරුන්ටත් හිතුමතයට හොරකම් කරන්න පාර විවර කිරීමක් විදියට අපි මේක දකිනවා.
නීතිපති, පොලිස්පති ඇතුළු තනතුර පත් කිරීමේ බලයත් අද ජනාධිපතිවරයා තමන් යටතට පත් කරගෙන තියෙනවා. පොලිස්පතිවරයා, නීතිපතිවරයා අල්ලේ නටන රූකඩ බවට එමගින් පත්වෙනවා.

19න් අපි සීමා කරලා තිබුණ අමාත්‍යධුර සීමා ඉවත් කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ  අභිමතය අනුව පමණක් මේ අමාත්‍යවරුන් පත් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ ව්‍යවස්ථාවෙන් අගමැතිවරයා පියන් කෙනෙක් බවට පත්වෙලා කියලා මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන ජනතාවට අපි කියනවා.

දි.මු. ජයරත්න මහතාට එදා වෙච්ච දේ තමන්ට වෙයි කියලා මහින්ද රාජපක්ෂ මහතා එදා නිකමටවත් හිතන් නැතිව ඇති. ඒත් තමුන්ගේ සහෝදරයා යටතේ මහින්ද රාජපක්ෂ මහතාට අද එම තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.

මේ ආණ්ඩුවේ සමහර අය මේකට කැමති නෑ. ඒ අයට අද වෙලා තියෙන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නයි. ඔවුන්ගේ කොඳු කඩල තියෙන්නේ.

විපක්ෂ අපට පමණක් නෙමෙයි රටේ සෑම පුරවැසියකුටම මෙම තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ රටේ පුරවැසියන්ට අබ සරණයි කියලා තමයි දැන් අපට කියන්න වෙන්නේ. අක්කා පෙන්නල නංගිත් අරගෙන දෑවැද්දත් කොල්ලකන්න වැඩක් තමයි මේ ආණ්ඩුව  20 මගින් සිද්ධ කරලා  තියෙන්නේ.

 



අදහස් (4)

20න් සිද්ධ වෙන්නේ අක්කා පෙන්වා නංගි අරන් දෑවැද්දත් කොල්ලකන වැඩක්

Senarath Monday, 07 September 2020 07:46 AM

ජනතාවගෙන් හොඳ පිළිතුරක් ලැබුණානේ.. දැන්වත් කට පියාගෙන ජනතාව කරන්න කියපු වැඩ කරන්න ඉඩදෙන්න.

:       91       567

Bamunuarachchi Monday, 07 September 2020 10:33 AM

7 දෙනෙක්ම කසාද බඳින්න පුළුවන් ඔහෙලාට ඕක මොකක්ද?

:       6       177

BamunuarachchiTuesday, 08 September 2020 06:51 AM

ඔහෙලා කරන්නේ දෑවැද්ද දීලා අක්කාවයි, නංගිවයි දෙන්නම ගන්න එකනේ.

:       2       126

විජේ Tuesday, 08 September 2020 04:22 AM

ඔයාලා අවුරුදු ගානක් කාරණේ. පීදෙන්නෙ නැතුව ඉන්න මනුස්සයෙක් වගේ, ඔයාලගෙ බකපන්ඩිතකම් අහනවට වඩා ආන්ඩුවටයි, මිනිස්සුන්ටයි දෙගොල්ලන්ටම කරන්න වෙන ඕනෙතරම් වැදගත් වැඩ තියනවා.

:       0       85

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1122 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 854 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2272 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2139 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3673 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1590 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 146 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site