IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඒ වෙලාවට අවශ්‍ය මොන වාහනයද මම ඒකේ නගිනවා

සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   

රාජිත සේනාරත්න 

  • මේ රට විනාශ කළේ රාජපක්ෂලානේ, රනිල් වික්‍රමසිංහ නොවෙයිනේ.  
  • මේ දේශපාලනිකව රාජපක්ෂලාගේ අවසන් කාලය.  

“රාජිත යළිත් කරණමක” මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් පුවතක් බවට පත්ව තිබෙන්නේ එයය. ඇත්තටම ඔහු කරණමක් ගසයිද? සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි. 

? යළිත් ඔබ දේශපාලන කරණමකට සූදානම් බවයි වාර්තා වෙන්නේ?  


පිළිතුර:- ඔය කරණම කියන වචනය පාවිච්චි කරල තිබුණේ ගිය සුමානේ ඉරිදා ලංකාදීප පත්තරේම තමයි. ඒ දාපු ප්‍රවෘත්තිය එදාම ටීවී එකේ පත්තරේ විස්තරවලට කියනවා. ඒ ටික ගන්නවා සමාජ මාධ්‍යය. කරණම ගහන දිනය ඒ ගොල්ලොම තීරණය කරනවා. කතා හැදෙන්නේ ඔහොමයි. මම දන්නෙවත් නැතිව මාව ආණ්ඩුවට යවලා.  


 ඔය කතාව හැදෙන්නේ නිකම්ම නොවෙයිනේ. ඔබේ හැසිරීමත් ඒකට බලපෑවා?  


පිළිතුර:- මෙතැන තියෙන්නේ කරණමක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. එහෙම තනියෙන් යන ගමනකුත් නොවෙයි. මම මුල ඉඳලම දරපු මතය තමයි මේ රට විශාල ආර්ථික අගාධයකට වැටිලා තියෙන්නේ. නිදහසෙන් පස්සෙ මෙහෙම තත්ත්වයක් රටේ ඇතිවෙලාම නෑ. අපට ආර්ථික අර්බුද තිබුණා. ජාතික අර්බුද තිබුණා. නමුත් ඒවායින් අපට ගොඩඑන්න පුළුවන්කම ලැබුණා. මේ සැරේ ඇවිල්ලා තියෙන්නේ ආර්ථික අර්බුදයක් විතරක් නොවෙයි. මූල්‍ය අර්බුදයකුත් ඇවිත් තියෙන්නේ. අපට රුපියලුත් නෑ. ඩොලරුත් නෑ. තිබුණ ඒවා දිය කරලා තමයි ගෝඨාභය ගියේ. රාජපක්ෂලා මේ විනාශ කරපු රට මෙතැනින් ගොඩගන්න මම හිතන්නේ නෑ තනි පක්ෂයකට පුළුවන් කියලා. අපේ පක්ෂය ඇතුළෙ මම මේ ප්‍රශ්නය ඇහුවාම ඒකට ලැබුණ පිළිතුර ඒක දුන්නේ ආර්ථික විශේෂඥයන් තමයි. ඒගොල්ලො කිව්වෙත් තනි පක්ෂයකට කොහොමත් බෑ කියලා තමයි. එහෙම නම් අපිට කරන්න බැරි දෙයක් වෙනුවෙන් අපි ආණ්ඩුවක් පිහිටුවලා මොකටද? එහෙම වුණොත් දෙවැනි වටයේදි අපිට වෙන්නේ මිනිසුන්ගෙන් ගුටි කන්න. අපේ ගෙවල් ටිකත් ගිනි තියාගන්න. ඒකට ලෑස්තියි නම් තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන්. මට නම් එහෙම දෙයක් කරගන්න කිසිම අවශ්‍යතාවක් නෑ. ඒ නිසා මම දිගින් දිගටම මේ සම්බන්ධයෙන් බොහොම ගැඹුරින් හිතනවා. ගැඹුරින් අදහස් ප්‍රකාශ කරනවා. ඒකට තමයි ඔය කියන්නේ කරණම කියලා.  


මගේ යෝජනාව මේ වෙලාවෙදි සියලු පක්ෂ එකතු වෙලා එක අරමුණකට වැඩ කළ යුතුයි කියන එකයි. ඒ සඳහා වැඩපිළිවෙළක් ඇති කර ගන්නට ඕනෑ. ඒ වැඩපිළිවෙළ අවසානයෙ ආණ්ඩුවක් දක්වා යනවානම් මම ඒකට එකඟයි.  


 අවසානයේ ගමන නතර වෙන්නේ ආණ්ඩුවක් හදලා ඇමතිකමක් ගත්තම?  

පිළිතුර:- ආණ්ඩුවක් හදනවා කියන්නේ රටට වැඩක් කරන්න නම් ආණඩුවක් හදන්නේ ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මේ වගේම තත්ත්වයක් ආවනේ 2007 දී. යුද්ධය තිබුණා. උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැමදාම සටන් කරපු මම දෙමළ ජනතාවට සමාන අයිතියක් දිය යුතුයි කියලා කියපු මම යුද්ධයට සහයෝගය දුන්නේ ඇයි? එදා 2005 දී ජනාධිපතිවරණයේදී යුදවාදී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සඳහා උතුරේ ඡන්ද වර්ජනය කරලා සාමය වෙනුවෙන් ඉදිරිපත් වුණු රනිල් වික්‍රමසිංහව පරාජය කළා. එදා මම දැනගත්තා ප්‍රභාකරන්ට කිසිම ප්‍රතිපත්තියක් නෑ. ප්‍රභාකරන්ට අවශ්‍ය වෙනම රටක් විතරයි කියලා. ඒ නිසා මම තීන්දු කරගත්තා මෙවැනි අයත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගන්න යෑම පොත්වල තියෙන න්‍යායන් පමණයි කියලා. එහෙම නම් එයාව ඉවරයක් කරන්න ඕනෑ. එයාව ඉවර කළාට පස්සෙ තමයි දෙමළ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ කියලා. මම ​මේ මතය දිගටම පක්ෂය ඇතුළේ කිව්වා. මම කිව්වා දැන් මහින්ද යුද ප්‍රකාශ කරලා තියෙනවා. මේක දෙකෙන් එකක් ඉවර කරන්න ඕනෑ. එහෙම නැත්නම් කාටවත් මේ රටේ ආණ්ඩු කරන්න බෑ. කාටවත් රට දියුණු කරන්න වෙන්නේ නෑ කියලා. ඒ අනුව තමයි අපි මහින්දට සහයෝගය දුන්නේ.  


 ඔබ මේ කියන්නේ ‘‘අද තියෙන්නෙත් ඒ වගේම තත්ත්වයක්. ඒ නිසා අපි රනිල්ට සහයෝගය දිය යුතුයි’’ කියලනේ.  


පිළිතුර:- මෙහෙමයි. මම එදත් යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂයට යමු කියලා. ඒකට ඉඩ දුන්නේ නෑ  


 ඒ කවුද?  

පිළිතුර:- වර්තමාන ජනාධිපති එදා හිටපු පක්ෂ නායකයා. මම එදත් කිව්වා ‘‘මේ මල් වට්ටියට අත ගැහුවොතින් පින්. අත නොගහන අය සදාකාලික පාපකර්මයකට ගොදුරු වෙනවා’’ කියලා. පක්ෂය අහපු නැති නිසා අපි ආවා. අපි යුද්ධය කළා. යුද්ධයෙන් පස්සෙ මම සටන පටන් ගත්තා. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඒක කෙරෙන්නෙ නැති වුණාම තමයි අපි මහින්දව අත්හැරලා අනික් පැත්තට ආවේ. මේවා තමයි සමහර අයට පේන්නේ කරණම් කියලා. සමහර අයට පක්ෂය ලොකුයි. රට පොඩියි. මම හැමදාම දේශපාලනය කළේ රට එකට තියාගෙන. මම රජයේ විධායක ශ්‍රේණියේ රැකියාව අතහැරලා, විශාල විශ්‍රාම වැටුප කැප කරලා, පෞද්ගලික සායන නවත්වලා, පිටරටින් ඖෂධ ගෙන්වන සමාගමත් වහලා දාලා දේශපාලනයට ආවේ පක්ෂ කරන්න නොවෙයි රටට සේවය කරන්නයි. ඒ දේ වෙනකම් මම මේ ගමන යනවා. ඒකට අවශ්‍ය වාහනය මම තෝරා ගන්නවා. ඒ වෙලාවට අවශ්‍ය මොන වාහනයද මම ඒකෙ නගිනවා. එහෙනම් සජබෙ ඉන්න සජිත් ප්‍රේමදාසගේ ඉඳලා ඔක්කොම කට්ටිය කරණම් ගහපු අය තමයි. රනිල් වික්‍රමසිංහ විතරයි කරණම් ගහලා නැත්තේ. අනික් ඔක්කොම කරණම් ගහපු අය. එජාපයෙන් අපි ආවේ පක්ෂයේ ප්‍රශ්නයක් නිසා. දැන් තියෙන්නේ රටේ ප්‍රශ්නයක්. රනිල් විරුද්ධ වෙද්දි එදා මහින්ද එක්ක ගියා වගේම අද රනිල් එක්ක යනවද නැද්ද කියන එක තීරණය කරන්නත් ඕනෑ ඒ විදියට.  


 ඔබ කිව්වා සියලු පක්ෂ එකතු විය යුතුයි කියලා. ජනාධිපති ගෝඨාභය ඒ ආරාධනාව කළා. එදා නොගිහින් අද යන්න හදන්නේ ඇයි?  

පිළිතුර:- ගෝඨාභය ඉන්නකොට අපි ඒක ප්‍රතික්ෂේප කළානේ. රාජපක්ෂලාත් එක්ක අපි කිසිම දෙයක් කරන්නේ නෑ කියලා. මොකද මේ රට විනාශ කළේ රාජපක්ෂලානේ. රනිල් වික්‍රමසිංහ නොවෙයිනේ. අපි බාර දුන්න රටේ ප්‍රශ්නයක් තිබුණේ නෑ. සජිත් යවපු ලියුමේ මූලිකම කොන්දේසිය තමයි ‘‘අපට රාජපක්ෂලා එක්ක බෑ’’ කියන එක. දැන් රාජපක්ෂලා ආණ්ඩුවේ නෑනේ. ගෝඨාභය අයින් වෙලා ගියා. බැසිල්ට එන්නත් බෑ. අපට තියෙන ආරංචි අනුව නාමල්ටත් කැබිනට් දෙන්නේ නෑ. මහින්ද රාජපක්ෂත් දේශපාලනයෙ කොන් වෙලා ඉන්නේ. මේ දේශපාලනිකව රාජපක්ෂලාගේ අවසන් කාලය හරි. ඒ නිසා අපට මූලිකව තිබුණ බාධාව ඉවරයි.  


 සජිත් ප්‍රේමදාස කැමති වෙයිද රනිල්ගේ නායකත්වයෙන් ආණ්ඩුවට යන්න?  

පිළිතුර:- මෙහෙමනේ. ඩලස් අලහප්පෙරුම ජනාධිපති වෙන්න පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා ඉන්නකොට ඒකට යන්න බැරි ඇයි? රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු කීයක සජිත් හිටියද?  


 නමුත් සජිත් පක්ෂයෙන් එළියට බැස්සේ රනිල්ට අභියෝග කරලා?  

පිළිතුර:- දේශපාලනයෙදි අභියෝග කියන්නේ මොකද්ද? අද මෛත්‍රීපාල සිරිසේන අභියෝග කරලා මහින්ද රාජපක්ෂ යටතේ ආපසු වාඩි වුණේ. එහෙම අභියෝග කරල කී දෙනෙක් ආපහු ගිහින් වාඩි වුණාද? ප්‍රශ්න කියන ඒවා ඔක්කොම හිතේ තියාගෙන දේශපාලනය කරන්න බෑ. එදා රනිල්ගේ හා සජිත්ගේ ගෝරිය එදාට වලංගුයි. අදට වලංගු නෑ හරිද? අද වලංගු රටේ ප්‍රශ්නයයි. මේක වෙනම තත්ත්වයක්.  


 ආණ්ඩුවට යෑම සම්බන්ධයෙන් සජබය තුළ අලුතෙන් සංවාදයක් ආරම්භ වුණාද?  

පිළිතුර:- එහෙම කතා වරින්වර පැන නැගුණා. එක වෙලාවක හර්ෂ කිව්වා ‘‘මම කොහොමත් යනවා’’ කියලා. එතකොට කිව්වා ‘‘ඔයා පරදියි’’ කියලා. එයා කිව්වා ‘‘පැරදිලා ගෙදර ගියත් කමක් නෑ මම මගේ යුතුකම ඉෂ්ට කරනවා’’ කියලා. ඒ වගේ උච්ඡ අවස්ථාවකටත් ආවා. ඒ වෙලාවෙදිත් මම කිව්වේ නෑ ‘‘එහෙම යමු’’ කියලා. අද මම කියන්නෙත් නෑ ආණ්ඩුවට එකපාරටම යමු කියලා. ඒ සඳහා යම් වැඩපිළිවෙළක් හදාගන්න ඕනෑ. එවැනි වැඩපිළිවෙළකට එරෙහිව අපි ක්‍රියා කරන්නත් නරකයි. දැන් මම දන්නවා මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග යම් අවබෝධයක් ගොඩනැගිය යුතුයි කියලා තීන්දු කරලා රන්ජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් තුන් දෙනෙකුගෙන් විතර කණ්ඩායමක් පත් කරලා ඉවරයි. සජිත්ටත් ඒක තේරෙනවා. මේ අවබෝධය තුළින් අපට පුළුවන්නම් පුද්ගලයන් විදියට නොවෙයි පක්ෂය හැටියට ආණ්ඩුවක් හදලා හොඳ සංවර්ධනාත්මක අමාත්‍යාංශ 10ක් විතර හදලා රට හදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකියි.  


 2007 දී ඔබ කණ්ඩායමක් සමග මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගියා වගේ මේ පාරත් පක්ෂය නාවොත් කණ්ඩායමක් එක්ක යනවා.  


පිළිතුර:- අපි බලමු. ඉස්සෙල්ලාම මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. මම හිතනවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. මම මන්ත්‍රීවරුත් එක්ක පෞද්ගලිකව කතා කළාම ඒ අය ඔක්කොම එකඟයි මේකට. මේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදිය හැකියි. එහෙම නැත්නම් දෙවැනි ලෝක යුද්ධය වෙලාවෙදි එංගලන්තයෙ ක්ලෙමන්ට් වැට්ලි චර්චිල්ට අභි​යෝගය දුන්නේ විපක්ෂයේ ඉඳගෙන. විපක්ෂ  නායක ධුරයක් හොබවමින් තමයි ඇට්ලි   සහයෝගය දුන්නෙ. ඒ විදියට වුණත් මෙතැනදි අපිට කටයුතු කරන්න පුළුවන්. විපක්ෂ නායක කමත් සජිත් තියාගන්නවා. කීප දෙනෙක් ඒ ආණ්ඩුවේ වැඩ කරනවා. හොඳ ප්‍රබල අමාත්‍යාංශ 10ක් විතර වැඩක් කරන්න පුළුවන් අය බාර අරගෙන එක ඉලක්කයට වැඩ කළොත් මේ රට ගොඩගන්න පුළුවන්.  


 ඔබේ ඒ යෝජනාව තනිකරම දේශපාලන විකෘතියක් කියලා කිව්වොත්?  


පිළිතුර:- සම්ප්‍රදායික ක්‍රමයෙන් ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි. අපට තරුණයො කියන්නෙත් ‘‘සිස්ටම් චේන්ජ්’’ එකක් අවශ්‍යයි කියලනේ. අපි දැන් ඒ සිස්ටම් එකත් චේන්ජ් කරගෙන මේ ගමන යා යුතුයි.  

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

ඒ වෙලාවට අවශ්‍ය මොන වාහනයද මම ඒකේ නගිනවා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1154 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 880 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2296 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2147 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3676 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1595 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site