IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උඩින් බැස්ස බැසිල් උඩින්ම ගිය හැටි

මං ආවේ මහජන ඡන්දෙකින් නෙමේ. මට අයිතියක් තියනවා ඉවත් වෙන්න. ඒ අය පත් කළේ ජනතාව. ජනපතිතුමා පත්වෙන්නෙ 69 ලක්ෂයකින්. මන්ත්‍රීවරු පත්වුණේ 68 ලක්ෂෙකින්. අපි එහෙම වෙලත් දිස්ත්‍රික් නායකයන් සියල්ලන්ගෙ තනතුරු කැප කළා. කුරුණෑගල, රත්නපුර රට වෙනුවෙන් පක්ෂයක් හැටියට පරිත්‍යාග රැසක් කරලා තියනවා.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත් බ්‍රහස්පතින් දා මන්ත්‍රීධුරයෙන් ඉවත්විය. එම ඉවත්වීමට හේතු වූ කරුණු ගණනාවක් ඇති බව වාර්තා වේ.

මූලික වශයෙන් සඳහන් වන්නේ 21 වැනි සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ආසන ලබා නොදීමට ඉදිරිපත් කරන සංශෝධනය බව කියැවේ.   


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපතිවරයාට ඇති බලතල අවම විය යුතු බවට සමාජය තුළ බරපතළ ලෙසින් පවතින ඉල්ලීමට අනුව මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මතවීම අනිවාර්ය වනු ඇත. එමගින් අනිවාර්යයෙන්ම ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ආසනය අහිමිවීම සිදුවේ. ඒ අහිමිවීම බැසිල් රාජපක්ෂ මහතාට ද බලපානු ලබන්නේ ඔහු ද ද්විත්ව පුරවැසියකු වීම නිසාය.   


රාජපක්ෂ පවුලේ සාකච්ඡාවක දී බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී පදවියෙන් ඉවත්වීම සුදුසු බව පෙන්වා දී ඇත. ජනාධිපති බලතල අවම කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් තුළ හා රටේ ජනතාව තුළ තදබල උද්ඝෝෂණයක් පවතී. එම සංශෝධනය සම්මත වූ විට එහි ඇතුළත් වන ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට පත්විය නොහැකි බවට සඳහන් යෝජනාවට අනුව බැසිල් රාජපක්ෂ මහතාට සිය තනතුරෙන් ඉවත් වීමට සිදුවීම අනිවාර්යය.   


ද්විත්ව පුරවැසි භාවය ඇති බැසිල් රාජපක්ෂ මහතා මෙම තීන්දුව ගත්තේ කල් ඇතිවම ඉවත්වී රාජපක්ෂ පවුලේ ගෞරවය ආරක්ෂා කිරීමට බව ද සඳහන් වේ.   


තවත් කරුණක් වශයෙන් සඳහන් වන්නේ ඔහු සම්බන්ධයෙන් ගොඩනැගී පවතින ජනතා විරෝධයයි. ‘ගෝඨා ගෝ ගමේ’ ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ බැසිල් රාජපක්ෂයි. එම අරගලයේ යෙදී සිටින තරුණ පිරිස බැසිල් රාජපක්ෂ වංචනිකයකු වශයෙන් හඳුන්වා දී ඇත.   


මීට අමතරව කිසි බලයක් නොමැතිව අවලංගු කාසියක් වශයෙන් සිටිනවා වෙනුවට ඔහු යළි ඇමරිකාවට යා යුතු බවට පවුලේ මතයක් ගොඩ නැගී පවතින බව ද කියති. බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය ඉකුත් බ්‍රහස්පතින්දා (9) උදෑසන ඇමරිකාව බලා පිටත්ව ගියාය. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා ද රට යථා තත්ත්වයට පත්වන තුරු ඇමෙරිකාවේ රැඳී සිටීමට යන බව ද දැන ගන්නට ඇත.   


තවත් කරුණක් වන්නේ බැසිල් රාජපක්ෂ මහතා කෙරෙහි පක්ෂයේ බහුතරයක් තුළ පවතින අප්‍රසාදයයි. එම අප්‍රසාදය ඇතිවීමට රටට අහිතකර ලෙස ගනු ලැබූ තීන්දු තීරණ ද හේතුවී ඇති බව කියති. උදාහරණයක් වශයෙන් කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට අලෙවි කිරීමට ගිවිසුම් ගතවීම බව සඳහන් වේ. මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව එල්.එන්.ජී. ගෑස් පිළිබඳව කිසිදු වගවීමක් නොවීම පිළිබඳව දැඩි විරෝධයක් එල්ලවී තිබුණි.   


බැසිල් රාජපක්ෂ මහතා කෙරෙහි පාර්ලිමේන්තුවේ විරෝධය ඇතිවීමට තවත් හේතුවක් ලෙස සඳහන් වන්නේ පුනර්ජනනීය බලාගාරයක් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට මූලික වීමයි. එම පුනර්ජනනීය බලශක්තිය රටට ලබා ගැනීම ඩොලර්වලින් සිදු කිරීමට නියම විය.   


මීට අමතරව සේවක අර්ථ සාධක අරමුදල විශ්‍රාම වැටුපකට පරිවර්තනය කිරීමට ඉදිරිපත් කළ යෝජනාවයි. මහින්ද රාජපක්ෂ ජනපති සමයේ ගෙන ආ එම යෝජනාවේ ප්‍රතිඵලයක් වූයේ කටුනායක ආයෝජන කලාපයේ සේවය කළ තරුණයකුට වෙඩි වැදී මිය යාමයි.   


මේ ආදි වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා මූලික වී ගත් තීන්දුවලට එම පක්ෂයේම අප්‍රසාදය පළ විය.   
පොදුජන පෙරමුණට සම්බන්ධ පිවිතුරු හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාවලිය ගැන දැඩි ලෙස විවේචනයට ලක් කළහ. දින 100 වැඩ පිළිවෙළ යටතේ හිතවත් දේශපාලනඥයන්ට මුදල් වෙන් කිරීම පිළිබඳව ද බැසිල් රාජපක්ෂ මහතා විවේචනයට ලක්විය. මෙම මුදලින් සංවර්ධනය කර තිබූ පාරවල්වලට යළි කාපට් කිරීම පිළිබඳව බරපතළ චෝදනා එල්ල වී තිබුණි.   
බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් දා මන්ත්‍රීධුරයෙන් සමුගනිමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වූ අතර එහි දී ඒ මහතා මෙසේ කීවේය.   


මං කතා කරන්නේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට. මීට මාස 11 කට පෙර ජුලි 07 වැනිදා මං මුදල් ඇමැති ලෙස පත් වුණේ. පසුගියදා ඇමැති මණ්ඩලයෙන් පිරිස ඉවත් වෙද්දී මාත් ඉවත් වුණා. අද මං මන්ත්‍රී ධුරයෙනුත් ඉවත් වෙනවා. පොදුජන පෙරමුණට සුදුසු කෙනෙකුට පත්වීමක් දෙන්න තමා මං ඉවත් වෙන්නේ. මේ ගැන අහන ජනතාවට මං මේ දැනුම්දීම කියන්නයි මේ හමුව පවත්වන්නේ. මෙතෙක් කල් පක්ෂයක් ලෙසත් ඇමැතිවරයකු ලෙසත් දැක් වූ සහායට ස්තුතිවන්ත වෙනවා.   


රාජ්‍ය පාලනය හා දේශපාලනය යන්න දෙකක්. මං අද සිට රාජ්‍ය පාලනයේ කිසිදු කටයුත්තකට සම්බන්ධ වෙන්නෙ නැහැ. නමුත් දේශපාලනය කිරීම නතර කරන්න විදිහක් නැහැ. මාත් එක්ක සිටි අය වෙනුවෙන් අවශ්‍ය නම් ඒ කැපවීම කරනවා.   


21න් මන්ත්‍රී ධුරය නැති ​ෙවන නිසා නේද මෙහෙම කරන්නෙ?   


21 වැනි සංශෝධනය නිසාම නෙමේ මාව වැඩක් නැහැ. දැන් මේ පාර්ලිමේන්තුවට මං ආවේ මුදල් ඇමැති ධුරයට. එය අතහැරි නිසා තමයි මෙම තීරණය ගත්තේ.   


රාජපක්ෂවරුන්ට ගෞරවනීය විදියට යන්න බැරි වුණේ ඔබ නිසා ද?


දැන් ගිහින් ඉවරනේ.   


මීට කලින් අයිඑම්එෆ් යන්න බැරිවුණේ ඔබ නිසාද?   


මං ආපු හැටියේ නියෝජිතයො යැව්වා. අයි. එම්. එෆ් එකට. කවුද කියන්නෙ මං කළේ නැහැ කියල. ඒ අය වරින්වර එනව. කවදත් ණය දීල තියනවා. මං කලින් කරන්න තිබ්බ දෙයක් කළේ නැහැ කියල පිළිගන්නෙ නැහැ. ඒක මං කළේ නැහැ කියල චෝදනා කරන්න බැහැ.   


ජනාධිපතිතුමා කිව්වනෙ කලින් කළා නම් මේ අර්බුදය නැහැ කියල?   


ජනාධිපති තුමා කිව්වෙ මං කරපු වරදක් නෙමේ. එතුමා කිව්වෙ මීට ඉහත කරගන්න තිබ්බ දෙයක් ගැන.   
මං අනිත් රාජපක්ෂලා වගේ නෙමේ. මං ආවේ මහජන ඡන්දෙකින් නෙමේ. මට අයිතියක් තියනවා ඉවත් වෙන්න. ඒ අය පත් කළේ ජනතාව. ජනපතිතුමා පත්වෙන්නෙ 69 ලක්ෂයකින්. මන්ත්‍රීවරු පත්වුණේ 68 ලක්ෂෙකින්. අපි එහෙම වෙලත් දිස්ත්‍රික් නායකයන් සියල්ලන්ගෙ තනතුරු කැප කළා. කුරුණෑගල, රත්නපුර රට වෙනුවෙන් පක්ෂයක් හැටියට පරිත්‍යාග රැසක් කරලා තියනවා.   


ගෝඨාභය කියනව පස්සෙ පාස් වෙනව කියලා. ගෝඨාභය පාස්වෙයි ද?   


පාස් නොවී බෑනෙ. මං හිතනව රට බේරගන්න පුළුවන් වෙයි කියලා   


ජනපතිට මේ දේ කරගන්න බැරි වුණේ රාජපක්ෂලා නිසා ද?   


ඒක එක්තරා කණ්ඩායමක මතයක් විතරයි. අපේ පක්ෂයේ හොඳම අපේක්ෂකයා වුණේ මහින්ද රාජපක්ෂ. එතුමාට ඉල්ලන්න බැරි නිසා තමයි සුදුස්සෙක් නම් කළේ. එතුමාට අපි වැඩ කළා. ජයගත්තා. එතුමාට බලයක් තිබුණ ජනවරමක් තිබුණ. එම කටයුත්ත ඉදිරියටත් හරියට කරාවි කියල හිතනවා.   


අපේ පරම හතුරා වුණ රනිල්ටත් දැන් අගමැති තනතුර දීලා ඒ කැප කිරීමත් කරල තියනවා.   

 

 

සටහන
දයාසීලි ලියනගේ



අදහස් (0)

උඩින් බැස්ස බැසිල් උඩින්ම ගිය හැටි

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 57 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1159 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 896 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2150 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3680 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site