IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කරන්න පුළුවන්නම් කරනවා බැරිනම් දමල ගහල යනවා

 

තමන්ට අමාත්‍යවරයෙක් ලෙස කොන්ද කෙළින් තියාගෙන වැඩ කිරීමට ඉඩක් නොලැබේ නම් මේ වසර අවසන් වනවිට ඇමැතිකමට ආයුබෝවන් කීමට සූදානම් බව කියන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙවර මුහුණට මුහුණ තුළින් සිය අදහස් පළ කිරීමට එක්වේ.

 

● ඇයි මේ නාහෙන් අඬ අඬ ඉන්නවා කියන්නේ?
මේක නාහෙන් ඇඬීමක් නෙවෙයි ඇත්තටම මම සාමාන්‍යයෙන් කෙළින් කතා කරන කෙනෙක්නේ. මට බාරවෙලා තියෙන්නේ තාක්ෂණික විෂයක්. තාක්ෂණයේදී ප්‍රමාද වෙන්න බෑ. අපි ප්‍රමාද වුණොත් තාක්ෂණය අපි පසුකරගෙන යනවා. හැමදේම ප්‍රමාදවෙවී මේ අමාත්‍යාංශය දුවන්න බෑ. මේ අමාත්‍යාංශය අලුත් එකක්. ඩිජිටල් කියන්නේ අද හැමදේම ඇඟිල්ලෙන් කරන්න පුළුවන් තැනට ඇවිත් තියෙන්නේ. අපි ඒ තාක්ෂණික වේගයට වැඩ කෙරුවේ නැත්තම් අපි අසමත් අය වෙනවා. මම මේකට උනන්දු වෙන තරමට මේ අමාත්‍යාංශයේ ඉන්න අනිත් නිලධාරීන් උනන්දු වෙන්නේ නැත්තම් මේක කරන්න බෑ. එහෙනම් මම බදුල්ලත් දාලා කොළඹට වෙලා ඉන්න එකේ තේරුමක් නෑ. ඒකෙන් වෙන්නේ මට බදුල්ලේ මිනිස්සු ටිකත් නැතිවෙන එක. එහෙනම් මට සිද්ධ වෙනවා දෙකෙන් එකක් තෝරා ගන්න. මේ කාරණය ගැන තමයි මම කෙළින් කතා කළේ.

 


● ඇඟිලි තුඩට පහසුවෙච්ච ඩිජිටල් තාක්ෂණය බාර හරීන්ගේ වැඩවලට ඇඟිලි ගහන්නේ කවුද?
එක්කෙනෙක් කියලා කියන්න අමාරුයි. මෙතන තියෙන මූලිකම ප්‍රශ්නය අවබෝධයක් නැතිකම. තම තමන්ගේ බලය පිළිබඳව කල්පනා කරන නිලධාරීන් අමාත්‍යාංශයක් විදිහට මේක ගොඩ දාන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ නැති එක ප්‍රශ්නයක්. රජයේ නිලධාරීන්ගේ ජොබ් එක ස්ථාවරයි. මට තියෙන්නේ අවුරුදු පහයි. ඒකෙනුත් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් ගෙවිලා. මම තව අවුරුදු දෙකක් යද්දී ඊළඟ ජන්දෙට සූදානම් වෙන්නත් ඕනෑ. ඒක නිසා මමයි මෙතන ලොකුම අර්බුදයට මුහුණ දීලා ඉන්නේ. මම අසමත් ඇමැතිකෙනෙක් විදියට මෙතනින් බැහැලා ගියොත් ඒක මගේ දේශපාලන අනාගතයට හොඳ නෑ. ඉලක්ක සපුරා ගන්න බැරිවුණු දේශපාලකයෙක් විදියට ආපසු ජනතාව අතරට යන්නත් බෑ. මේක ආණ්ඩුව පිළිබඳ ගැටලුවක් නෙවෙයි. අපේ අමාත්‍යාංශයේ නිලධාරීන් පිළිබඳ අවුලක්. අයවැයෙන් මේ අමාත්‍යාංශයට විශාල මුදලක් පාස් කරලා තියෙද්දී මට වැඩ කරන්න විදියක් නෑ. මම තීන්දු තීරණ ගත්තත් ඒවා සාර්ථක කරගන්න අනුමැතිය දීලා අත්සන් කිරීමේ බලය තියෙන්නේ නිලධාරීන්ට. ඒ අය ඒවට විශාල කාලයක් ගන්නවා. මේක තවදුරටත් මේ විදියට කරගෙන යන්න බෑ. ඒකයි මම කිව්වේ මට තීන්දුවක් ගන්න වෙනවා කියලා. කරන්න පුළුවන් නම් කරනවා. බැරිනම් දමලා ගහලා යනවා.


● ජනාධිපතිගේ සහෝදරයෙක් වන ටෙලිකොම් සභාපති හරීන්ට බැරියර් එකක් වෙලාද?
මේ ප්‍රශ්නෙදී ගොඩක් අය හිතන්නේ මට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ටෙලිකොම් සභාපති කියලා. ඒක සම්පූර්ණ නිවැරදි නෑ. මට ඔහුගෙන් ප්‍රශ්නයක් නෑ, හැබැයි මේ අමාත්‍යාංශයේ යාන්ත්‍රණය සකස්වෙලා තියෙන ආකාරයට ප්‍රායෝගික ගැටලු මතු වෙනවා. මටත් මුලින් සැකයක් තිබුණා ජනාධිපතිතුමාගේ මල්ලි මේ තනතුරට පත්වුණාම මට ප්‍රශ්න ඇති වෙයිද දන්නේ නෑ කියලා. ජනාධිපතිතුමාත් මට පසුගිය කාලයේ දෙතුන් පාරක් කතා කරලා ඇහුවා “මල්ලිගෙන් කරදරද” කියලා. එතුමාගෙන් එහෙම කරදරයක් නෑ. ඒත් මේ අමාත්‍යාංශයේ බල ව්‍යුහය අනුව මට බලයක් නැති මට්ටමට ඇවිත්. මේක දෙපාර්තමේන්තුවකින් ගැලෙව්වට පස්සේ මේක තියෙන්නේ කොටස් වෙළෙඳපොළට යටත්ව. මට පුළුවන් නිර්දේශ දෙන්න විතරයි. බෝඞ් එකට තමයි ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ. මේකෙදී මම හිරවීමකට ලක් වෙනවා. ප්‍රධාන විධායක නිලධාරියා තමයි මෙතන බලවත්. ඇමැතිවරයා විදියටවත් මට අමාත්‍යංශයේ පත්වීම් කරන්න ලැබුණේ නෑ. මේ ප්‍රධාන විධායක නිලධාරියා පත්කරලා තියෙන්නේ කලින් ඉඳපු ඇමැතිවරයා. මට කා එක්කවත් පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. එක් එක්කෙනා අනොන්‍ය අවබෝධයෙන් වැඩ නොකිරීමයි ප්‍රශ්නය. ඒකයි මම මේ වෙලාවේ පොඩි සද්දයක් දැම්මේ. ඒ සද්දේ දැම්මේ මේ නිලධාරීන්ටත් ඇහෙන්න. “පුළුවන්නම් හරියට වැඩ කරපල්ලා නැත්තම් මම යනවා” එහෙමත් නැත්නම් උඹලා පලයල්ලා” කියන පණිවුඩය මේ කතාව ඇතුළෙ තියෙනවා.


● දෙකෙන් මොකක් වෙයිද අන්තිම ප්‍රතිඵලය?
මේ තියෙන තත්ත්වය 2017 අවසානය වෙද්දීත් මේ විදියම නම් මම තවදුරටත් මෙතන ඉන්න එකේ තේරුමක් නෑ. ඊට වඩා හොඳයි ඇමැතිකමකට සීමා නොවී, කාමරේකට වාහනේකට කොටු නොවී පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට ඉන්න එක. පක්ෂෙන් අයින් වෙනවා කියන අදහසක් ඒකෙන් කියන්නේ නෑ. මම ඌව පළාත් මහ ඇමැති විදියට මහජනතාව එක්ක ඉඳලා වැඩ කරපු කෙනෙක්. අපි බලමු මේ අවුරුද්ද අන්තිම වෙනකොට මොකද වෙන්නේ කියලා.


● මේ ආරවුල ජනාධිපති හෝ අගමැති එක්ක කතා කරලා බේර ගන්න බැලුවෙ නැද්ද?
අගමැතිතුමා එක්ක මේ ගැන කතා කළා. පක්ෂෙ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙදීත් මම මේගැන එතුමාට කෙළින්ම කිව්වා.


● මොකක්ද ඔහුගේ උත්තරේ?
එතුමා කිව්වා එතුමටත් මේ ප්‍රශ්නය තේරෙනවා. මේකට ඉක්මන් විසඳුමක් දෙන්නම් කියලා.


● මේක කාගෙත් හිත හදන්න දෙන පොදු උත්තරේනේ?
නෑ. අගමැතිතුමත් හිතුවේ නැති තත්ත්වයක් තමයි දැන් ඇතිවෙලා තියෙන්නේ. වතුරට බැස්සම තමයි කාටත් මේකෙ ගැඹුර තේරුණේ. මම මේ ආණ්ඩුවේ එක ඇමැති කෙනෙක් විතරයි. මට වගේම අනික් හැමෝටමත් මොනව හරි ප්‍රශ්න ඇති. අගමැතිතුමාට සහ ජනාධිපතිතුමාට ඒ හැම ප්‍රශ්නයක් ගැනම බලන්නත් වෙනවා. මම හිතනවා මේක හොඳ අතට හැරෙයි කියලා.


● මේක හරීන් ප්‍රනාන්දුගේ දේශපාලන පෞරුෂය විනාශ කරන්න සිද්ධවෙන කුමන්ත්‍රණයක් කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම දෙයක් සිද්ධවෙනවා කියලා මම හිතන්නේ නෑ. අගමැතිතුමා මේ විෂය මට දෙන්න ඇත්තේ තරුණ දේශපාලනඥයෙක් විදියට මට මේ හරහා ලොකු දේවල් ටිකක් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන්. මටත් ඒක පේනවා. මේක වැඩ ගොඩක් කරන්න පුළුවන් තැනක්. ලෝකය හා එකතු වෙන්න පුළුවන් අවකාශය තියෙන්නේ මෙතන.


● ලෝකය එක්ක යාවීම කෙසේ වෙතත් ගූගල් බැලුමක්වත් හරියට උඩ ඇරගන්න බැරි වුණානේ. අන්තිමට කට්ටිය ඔබට ‘බැළුන් හරීන්’ කියන තැනට වැටුණා.
ඒකත් වුණේ මගේ වරදින් නෙවෙයි. මෙතන යම් යම් ප්‍රමාදවීම් තිබුණා. ඒකට ආමාත්‍යාංශ නිලධාරීන් වගකියන්න ඕනෑ. අපි මේ හරහා ලොකු අත්හදා බැලීමට ගියේ. ඒක අවතක්සේරු කරන එක හොඳ නෑ. මට අපහාස උපහාස කළාට කමක් නෑ. ඒත් මේ උත්සාහය කඩාකප්පල් වෙන එක රටට පාඩුවක්. අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් මේක තමන්ගේ බූදලයක් කියලා හිතලා අපි කරන්න හදන ව්‍යාපෘති හිර කරනවා නම් කොහොමද ඉදිරියට යන්නේ අපි?


● කොහොම හරි අවුරුදු දෙකක් යන්න කලින් හරින්ටත් සිද්ධ වුණේ උඩ ඇරපු ගූගල් බැලුමට වෙච්ච දේමයි.
ඇත්තටම මටත් එහෙම හිතෙනවා. හැබැයි දිගටම එහෙම වෙන්න දෙන්නේ නෑ. කොහොම හරි මම උඩට යනවා. අභියෝග ඉස්සරහ පැනලා දුවන කෙනෙක් නෙවෙයි මම. ඒක නිසා මේක හරි පාරට දාගන්න බැරිවෙන එකක් නෑ.


● ඇමැතිකම අතහැරීමේ අදහස තදටම තියෙන එකක්ද නැත්තම් සමහරු වගේ මෝස්තරේට කියන කතාවක්ද?
වැඩ කරන්න බැරි ඇමතිකමක ඉන්න එකේ තේරුම මොකක්ද?


● ඇමතිකම අත අරිනවානම් ඒකට ‘ඩෙඞ්ලයින්’ එකක් තියෙනවාද?
මම බලාපොරොත්තුවෙන ඉලක්ක සපුරාගන්න මට බැරි වුණොත් මේ අවුරුද්ද අවසානයේ ඒක සිද්ධවෙයි. මම ඒ කතාව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටත් කිව්වා. මම එතුමට කිවවා “වැඳලා කියන්නම් මාව ආපහු ඌවේ මහඇමති කරන්න පුළුවන්නම්” කියලා. ඒත් ප්‍රායෝගිකව  ඒ වැඬේ කරන්න අමාරුයි.


● ඇමැති සංශෝධනයක් ගැන කතා වෙනවනේ. ඒකෙන්වත් හරීන්ට සෙතක් වෙයිද?
මම නම් ඔය කියන ඇමැති සංශෝධනය විශ්වාස කරන්නේ නෑ. මං හිතන්නේ නෑ ඕක සිද්ධවෙයි කියලා. ඇමැති සංශෝධනක් වුණොත් මට මොනව වෙයිද කියලා මම දන්නේ නෑ. මම මේකෙන් අයික් කළොත් මම කරන්න පටන් ගත්තු වැඩ ටිකක් කඩාගෙන වැටෙනවා. ඒකත් ප්‍රශ්නයක්. මම මේ ටිකට මේ විෂය ගැන ගොඩක් හැදෑරුවා. ඒකත් වතුරෙ යනවා එහෙම වුණොත්. 
මම හිතනවා කොහොම හරි මේ අමාත්‍යංශයේ වැඩ පෙන්නලාම තමයි යන්න ඕනෑ කියලා. නැත්නම් මම නෝන්ඩි වෙනවා. 


● බදුල්ලේ මිනිස්සු මොකද කියන්නේ හරීන්ට?
බදුල්ලෙ මිනිස්සු ගැන තමයි මට තියෙන ලොකුම කනගාටුව. මම සාමාන්‍යයෙන් මිනිස්සුන්ට බොරු කරන්න කැමති නැති පුද්ගලයෙක්. මං ගැන විශ්වාසය තියලා මාව ඉහළටම ඔසවා තියපු බදුල්ලේ ජනතාවට යුතුකමක් තියෙනවා මට ඉටු කරන්න. ඒ අය ඉදිරියේ බොරුකාරයෙක් වෙලා ඊළඟ වතාවෙ ඡන්දෙ ඉල්ලන්න යන්න මට බෑ. එක්සත් ජාතික පක්ෂය විශාල අර්බුදයක ඉන්න වෙලාවක පක්ෂය ඔසවා තබන්න පෙරමුණ ගත්තේ බදුල්ලෙ ජනතාව. 


● එහෙම තත්ත්වයක් තුළ මේ ජාතික ආණ්ඩු සංකල්පය හරහා මටත් වඩා අඩු ඡන්ද ගත්තු අය බදුල්ලට කරන දේවල් මට කරන්න බැරිනම් මොකක්ද ඇති වැඬේ?
මට එතෙන්දී කලකිරීමක් ඇතිවෙන එක සාධාරණයි නේද? මම කාටවත් ඊරිසියා කරන්නේ නෑ. කවුරු හරි වැඩ කරනව නම් හොඳයි. ඒත් මගේ ජනතාව ඒ දිහා බලලා ‘අපි හරීන්ට වැඩ කරලත් අපිට මුකුත් නෑනේ’ කියලා කියනකොට මට කනගාටුවක් ඇති වෙනවා. 


● මහ ඇමැති ඡන්දෙට හරීන් තරඟ කරද්දී වගේම මහ ඇමැති විදියට පත්වුණු කාලෙත් යූඑන්පි එකේ ප්‍රබලයෝ ඔබත් එක්ක කරට අතදාගෙන හිටියා. දැන් ඔබ පත්වෙලා ඉන්න අසරණකම ගැන ඒ අය සංවේදී නැද්ද? 
මමත් මේ ප්‍රශ්නය ගැන කට ඇරියේ ඊයේ පෙරේදනේ. ඒ අය මේ ගැන සංවේදී වෙයි ඉදිරියේදී ගොඩක් අය මේ ගැන මාත් එක්ක කතා කරයි. හැමෝම කිව්වෙ අනවශ්‍ය විදියට කලබල වෙන්න එපා කියලා. 


● බදුල්ලේ මිනිස්සුන්ට වැඩ කරන්න බැරිවුණු නිසා ඔබ ඊළඟ ඡන්දෙ ගම්පහින් ඉල්ලන්න යන කතාවක් තියනවා. මේක ‘ප්ලෑන් බී’ එකක්ද? 
ඒක බොරු කතාවක්. මගේ ගම වත්තල නිසා අම්මා තාත්තා  වත්තල නිසා පාසල්  ගියේ වත්තල නිසා මම හැදුණෙ වැඩුනේ වත්තල නිසා වත්තල ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා. වත්තලට එන්න කියලා බදුල්ලේ මාව අභියෝග වෙච්ච ප්‍රබල දේශපාලන චරිත මාව ගම්පහට තල්ලු කරන්න  බලනවා. එතකොට ඒ අයට  වාසියිනේ. ඒ අය මේ වගේ  කටකතා පතුරුවනවා ඇති. ඒත් මම මුල අමතක කරන මිනිහෙක් නෙවෙයි. හැබැයි මට ලොකු ලජ්ජාවක් තියෙනවා. පොරොන්දු වෙච්ච දේවල්  කරන්න බැරිවුණු මිනිහෙක් විදියට නැවත වතාවක් ඡන්දෙ ඉල්ලගෙන බදුල්ලේ ජනතාව ළඟට යන්න. තාම මගේ ලජ්ජා නහරේ වැඩ කරනවා.


ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (1)

කරන්න පුළුවන්නම් කරනවා බැරිනම් දමල ගහල යනවා

Godaya Tuesday, 28 March 2017 04:12 PM

ඉතින් පලකො කිය කිය ඉන්නේ

:       2       56

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 74 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 904 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2302 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2152 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site