IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ පරාජය වහලා ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරන්නආණ්ඩුව කළ වැඩක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු  

නොසන්සුන් බවින් පිරීගත් දවස් ගෙවී යමින් තිබේ. බලයට ඒමට කෑදර දේශපාලන බලවේග ජාතිවාදි විසකුරු සර්පයා අවදි කරමින් සිටින බවට ආණ්ඩුව චෝදනා කරයි. මේ කතා ඇත්තද?  


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධයෙනි.  

ප්‍රශ්නය:- මහනුවර කලබල පිටිපස්සේ හිටියේ රාජපක්ෂ කඳවුර බවට ඇතැමුන් චෝදනා කරනවා?  


පිළිතුර:- සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රචණ්ඩත්වය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන දේශපාලන ව්‍යාපාරයක් අපි. කවුද කොහොමද මේ පිටිපස්සේ රාජපක්ෂ කඳවුර ඉන්නවා කියලා කියන්නේ?  


ප්‍රශ්නය:- බලය ලබා ගැනීමට ජාතිවාදය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. පළාත් පාලන මැතිවරණයෙදිත් පොහොට්ටුව දිනුවේ ජාතිවාදය අවුස්සලා කියලයි සමහරු කියන්නේ?  


පිළිතුර:- ඒකත් ප්‍රතික්ෂේප කරනවා. එදා දර්ගා නගරයේ ඇතිවෙච්ච සිදුවීමේදීත් කිව්වේ ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරුන් තමයි පිටිපස්සේ ඉන්නේ කියලා. කොහොම වුණත් එදා ඇතිවෙච්චි ඒ අවාසනාවන්ත තත්ත්වය පාලනය කළා. ඒ විතරක් නොවෙයි කැඩී බිඳී ගිය දේපොළ නැවත ප්‍රතිසංස්කරණය කළා.  


ඒත් අපට ඔවුන්ගේ හදවත් දිනන්න බැරි වුණා. 2015 පරාජයට ඒකත් බලපෑවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් අපේ පක්ෂයවත් ඕවා අනුමත කරන්නේ නෑ.  


මුස්ලිම් ජනතාව 2015 ට වඩා වෙනස් වෙලා විශාල වශයෙන් අපට මේ පාර සහයෝගය දුන්නා. ඒ සහයෝගය හා ආශිර්වාදය අපි වර්ධනය කර ගන්නවා මිසක් නැති කරගන්නේ නෑ.  


ප්‍රශ්නය:- ඔබ එහෙනම් කියන්න මහනුවර සිද්ධිය පිටිපස්සේ සිටියෙ කවුද?  


පිළිතුර:- තනිකරම හිටියෙ ආණ්ඩුව.  

 

අපි හැම වෙලේම දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ හැම ජනකොටසකටම ආරක්ෂාව දුන්න නායකයෙක්. 


ප්‍රශ්නය:- එතකොට එදා ආණ්ඩුව නොවෙයි වෙන්නෙ කොහොමද?  


පිළිතුර:- එදා ඒක කළේ විපක්ෂය. ඇමෙරිකාවෙන් ලැබුණු මුදල් හරහා විශාල කුමන්ත්‍රණයක් දියත් වූවා. ඒකේ එක ව්‍යාපෘතියක් තමයි දර්ගා නගරය. ආණ්ඩුවේ හිටපු ඇමැතිවරු දෙන්නෙකුත් එදා ඒ ව්‍යාපෘතියෙ තදින්ම බැහැලා හිටියා.  


ප්‍රශ්නය:- ආණ්ඩුවේ ඇමැතිවරු කොහොමද විපක්ෂයේ ව්‍යාපෘතියකට සහාය දෙන්නේ?  


පිළිතුර:- ඒ දෙන්නම දැන් ඉන්නේ මේ ආණ්ඩුවේ. ඒ ඇමැතිවරු දෙන්නා තමයි මේ කුමන්ත්‍රණය පිටිපස්සෙ හිටියේ. ඔය සිද්ධියෙන් පස්සෙ තිබුණ පළමු කැබිනට් රැස්වීමේදී මට මතකයි ඔය මහා දේශප්‍රේමි ඇමැතිවරයෙක් රාවුෆ් හකීම්ට පහර දීමට පවා උත්සාහ කළා.  


මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි ඒ වෙලාවේ කෑගහලා ඒක නතර කර ගත්තේ. ඒ ඇමැතිවරයා දර්ගා නගරයේ ඇතිවෙච්ච තත්ත්වය සම්පූර්ණයෙන්ම අනුමත කරමින් තමයි කතා කළේ. ඒ ඇමැතිවරු දෙන්නම අදත් එකම ඇමැති මණ්ඩලයේ වාඩි​වෙලා ඉන්නේ.  


ප්‍රශ්නය:- එතකොට ඔබ කියන්නේ මහනුවර සිද්ධිය පිටිපස්සේ ඉන්නෙ ආණ්ඩුව කියලද?  


පිළිතුර:- මම ඔබට එක උදාහරණයක් කියන්නම්. මේ මහනුවර සිද්ධිය ඇවිළිලා යනකොට පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ මැද වාඩි වුණේ කවුද? ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් මැති ඇමැතිවරුන්. ඒ කියන්නේ ඔවුන් දන්නවා මේ ආණ්ඩුවෙන් මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් නෑ. මේ සංවිධානාත්මක ප්‍රහාරය මුස්ලිම් ජනතාවට එල්ල වෙන්නේ ආණ්ඩුව ඇතුළෙන්ම කියලයි.  


ප්‍රශ්නය:- මේ වගේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීමෙන් ආණ්ඩුවට තියෙන වාසිය මොකක්ද?  


පිළිතුර:- මේ රටේ මැතිවරණ ඉතිහාසයෙ ආණ්ඩුවක් ලබපු නින්දා සහගතම පරාජය ලැබුවේ මේ ආණ්ඩුවයි. ඒ පරාජය වහාගන්න අවශ්‍යයි. ජනතාවගේ අවධානය වෙනතකට හරවන්න අවශ්‍යයි.  


රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව එන විශ්වාසභංගය දවසකින් දෙකකින් හරි කල්දා ගන්න අවශ්‍යයි. මේ ඒ කුමන්ත්‍රණය තමයි දියත් වෙන්නේ. ආණ්ඩුවේ පැවැත්ම වගේම නායකයන් දෙන්නගෙම පැවැත්ම බරපතළ නරක අනතුරකට ලක්වෙලා තියෙන්නෙ. මේ ඒ තත්ත්වය වහගන්න තමයි දහසක් කුමන්ත්‍රණ කරන්නේ.  


ප්‍රශ්නය:- ඔබම කියනවා දර්ගා නගරයේ සිද්ධියට රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධ නැහැ නමුත් ඇමැතිවරු දෙන්නෙක් සම්බන්ධයි කියලා. මහනුවර සිද්ධියත් ඒ වගේමද? මේකට සම්බන්ධ ආණ්ඩුවමද? ආණ්ඩුවට සම්බන්ධ කිහිප දෙනෙක්ද?  


පිළිතුර:- මේක නම් ආණ්ඩුවේම ව්‍යාපෘතියක්. ඒක ඉතාම පැහැදිලියි. මහින්ද රාජපක්ෂ මැතිතුමාට පුළුවන් වුණා පැය කිහිපයකින් එදා ඇතිවෙච්ච තත්ත්වය පාලනය කරන්න. නමුත් දැන් අපි මේ සාකච්ඡාව කරන මොහොත වන විටත් මහනුවරට ඇඳිරි නීතිය දාලා. තත්ත්වය තවමත් පාලනය කරගන්න බැරි වෙලා. බැරිවෙලා නොවෙයි පාලනය කරන්නේ නැහැ.  


රජයක වගකීම තමයි රටවැසියා ආරක්ෂා කිරීම. තඹුත්තේගම ගොවියන් වතුර විකුණන්න එපා කියලා උද්ඝෝෂණය කරන කොට ප්‍රදර්ශනය කරපු පොලිස් බලය මහනුවරදී කෝ? වයස අවුරුදු හැට හැත්තෑවේ සරොම් කමිස ඇඳගත්තු ගොවියෝ. ‘මොඩ් ගොවියෝ’ නොවෙයි. ඇත්ත ගොවියෝ. ඒ ගොවියන්ට කානු පල්ලේ දාගෙන ගැහුවේ.  


මහින්ද රාජපක්ෂ කාලෙ නම් ඒවා රතුපාටින් රවුම් කරලා පෙන්වනවා. කාන්තාවන්ට ගැහුවා. ඒ නීතිය නුවරදී ක්‍රියාත්මක වුනේ නෑ. මේක ආණ්ඩුවේ නොහැකියාව නොවෙයි. මෙතැන තියෙන්නේ තත්ත්වය පාලනය කරන්න උවමනාවක් නැතිකමයි.  


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රි කිව්වා ‘කොමිසමක් පත්කරනවා’ කියලා?  


පිළිතුර:- එයා හැම එකකටම කොමිසන් පත්කරන එකනේ කරන්නේ. බැඳුම්කරයටත් කොමිසමක් දැම්මනේ. අර්ජුන් මහේන්ද්‍රන් අද හොයා ගන්නවත් බැහැ. ඒ නිසා එයා පත්කරන කොමිසම් ගැන මේ රටේ ජනතාවට කිසිම විශ්වාසයක් නෑ.  


එදා තඹුත්තේගම ගොවියාට පහර දෙන්න දුන්න අණ ආබාධිත රණවිරුවන්ට පහර දෙන්න දුන්න අණ, සයිටම් එකේ දෙමාපියන්ට ගහන්න දුන්න අණ මේ කඩාකප්පලකාරින් කුදලල ගන්න ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසයි ​අපි කියන්නේ මේක තනිකරම ආණ්ඩුවේ ව්‍යාපෘතියක් කියලා.  


ඒ නිසා තමයි ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් ඇමැතිවරුන්ට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අඬන්න වෙලා තියෙන්නේ. මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුව ඇතුළෙන් කියලා ඔවුන් දන්න නිසයි ඔවුන්ට එහෙම අඬන්න වෙලා තියෙන්නේ.  

 

ඒ දෙන්නම දැන් ඉන්නේ මේ ආණ්ඩුවේ. ඒ ඇමැතිවරු දෙන්නා තමයි මේ කුමන්ත්‍රණය පිටිපස්සෙ හිටියේ. ඔය සිද්ධියෙන් පස්සෙ තිබුණ පළමු කැබිනට් රැස්වීමේදී මට මතකයි ඔය මහා දේශප්‍රේමි ඇමැතිවරයෙක් රාවුෆ් හකීම්ට පහර දීමට පවා උත්සාහ කළා.  

 


ප්‍රශ්නය:- කොහොම නමුත් මේ වගේ ප්‍රශ්න නිසා පොහොට්ටුව ‘කාලකන්නි සතුටක්’ විඳිනවා කියන එකත් ඇත්ත?  


පිළිතුර:- නෑ. කිසිසේත්ම නැහැ. අපි හැම වෙලේම දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ හැම ජනකොටසකටම ආරක්ෂාව දුන්න නායකයෙක්. සිංහල ජනතාවට, දෙමළ ජනතාවට වගේම මුස්ලිම් ජනතාව ඇතුළු සෑම ජනකොටසකටම ස්ථාන ආරක්ෂාව දුන්නා. යුද්ධය අවසන් කළා. මූලිකත්වය දුන්නේ මේ රටේ ආරක්ෂාවට හා සහජීවනයටයි.  


ඇමෙරිකාව ඩොලර් මිලියන හත්සිය ගානක් එව්වා කුමන්ත්‍රණ මෙහෙයුමට. බැරක් ඔබාමා ඒ බව පස්​ෙස් කිව්වනේ. ඒ සල්ලි කා අතටද ගියේ කියලා තවම හොයලා නෑ. අපේ ආණ්ඩුවක් ආපු ගමන් ඉස්සෙල්ලාම හොයන්න ඕනෑ එ්ක.  


කවුද මේ සල්ලි බෙදාගත්තේ කාගෙ කාගෙ අත්වලටද ගියේ. කොහොමද මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ. අපේ ආණ්ඩුවක් ආව ගමන් මුලින්ම හොයනවා ඒක. මහින්ද ජනාධිපතිතුමා මුළු රටටම ආරක්ෂාව දුන්නා. රටට, රටේ පුරවැසියන්ට ආරක්ෂාවක් තිබුණොත් තමයි රටේ සංවර්ධනයක් වෙන්නේ. ආයෝජකයො එන්​ෙන. එදා ඇති කරන්න හැදුවේ ඒක තමයි. තාජුඩීන්ගේ මරණයක් ගැන කතා කළා. මහින්ද මහත්තයා නැගෙනහිර පළාතේ පමණක් මුස්ලිම් පල්ලි 47 ක් හදලා දුන්නා.  


බෞද්ධ නායකයෙක් වෙලත් ග්‍රෑන්ඩ්පාස් හන්දියේ බෝගසේ අත්තක් කපලා ඉවත් කරන්න නියෝග දුන්නා. එතුමා එහෙමයි මේ රටට සංහිඳියාව ගෙනාවේ. හැම ආගමිකයකුටම එතුමා සහතිකයක් දුන්නේ එහෙමයි. එහෙම නායකයකුට එරෙහිව තමයි කුමන්ත්‍රණය කළා. දැන් ඇත්ත අනාවරණය වෙලා. මැතිවරණ ඉතිහාසයේ ඇති විශිෂ්ට ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් රටේ ජනතාව පහුගිය පළාත් පාලන මැතිවරණයේදී නිර්මාණය කරලා දුන්නේ ඒ නිසයි.  


අපි යන්නේ ඒ මාවතේ. ඒ නිසා මේ වගේ සිද්ධිවලින් කාලකන්නි සතුටක් ලබන්න අපට අවශ්‍ය නැහැ. ඉතිහාසයෙ ලැජ්ජා සහගතම පරාජය ලබපු සිරිසේන - වික්‍රමසිංහ යුගලය ගැන අපිට තියෙන්නේ ඇත්තටම කනගාටුවක්. ඒ මේ රටට කරලා තියෙන විනාශය නිසයි. මේ ආණ්ඩුව දැන් ඉල්ලා අස්වෙන්න ඕන.  


මේක විකෘති පාලනයක්. පාර්ලිමේන්තුව විසුරුවා ඇරලා ඡන්දයක් තියන්න. ඒක තමයි තියෙන එකම විකල්පය. ඒකට යන්න තියෙන බය නිසා තමයි මේ වගේ කලබලකාරි තත්ත්වයක් රටේ ඇති කරන්නේ.  
ප්‍රශ්නය:- කොහොම වුණත් මේ වෙලාවේ පොහොට්ටුව බොර දියේ මාළු බානවා?  


පිළිතුර:- නෑ. කිසිසේත්ම නෑ. අපි මේ රටේ සැබෑ විපක්ෂය හැටියට රටේ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුව තුළ මතු කරනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටියා ‘සන්සුන්වන්න’ කියලා. ඒ ඉල්ලීම පළමුවෙන්ම ජනතාවගෙන් ඉල්ලුවේ එතුමා. අනික් අය කොමිසන් ගැන කතා කළා මිසක් රටේ ජනතාවගෙන් ඉල්ලීමක්වත් කළේ නෑ සන්සුන් වෙන්න කියලා.  

 

ඉතිහාසයෙ ලජ්ජා සහගතම පරාජය ලබපු සිරිසේන - වික්‍රමසිංහ යුගලය ගැන අපිට තියෙන්නේ ඇත්තටම කනගාටුවක්. ඒ මේ රටට කරලා තියෙන විනාශය නිසයි. මේ ආණ්ඩුව දැන් ඉල්ලා අස්වෙන්න ඕනැ. 


ප්‍රශ්නය:- ඇමැති රාජිත කියනවා ‘කුමන්ත්‍රණකරුවන් අනාවරණය වෙලා කියලා. කන්ද උඩරට විපක්ෂයේ මන්ත්‍රීවරයකුත් ඉන්නවලු?’  


පිළිතුර:- දැන් බලය තියෙන්නේ එයාලගෙ අතේ. පරික්ෂණ කරන්න කියන්න. අපිට දඬුවම් දෙන්න කියන්න. නමුත් මම බොහොම වගකීමෙන් කියනවා කුලියාපිටියේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහර දුන්නේ කවුද කියලා හොයන්න. ප්‍රබල කැබිනට් ඇමැතිවරයකුගෙ ලේකම් කෙනෙක් ඒ ප්‍රහාරයට සම්බන්ධයි කියලා සීසීටීවී දර්ශනවලින් අනාවරණය වෙලා තියෙනවා. ඒක හොයන්න.  


මේ මෙහෙයුම පිටිපස්සේ ඉන්නෙ ආණ්ඩුව. මේ රටේ විනාශවෙන හැම මිනිස් ජීවිතයකටම මේ කාලකණ්ණි ආණ්ඩුව වග කියන්න ඕන.  


ප්‍රශ්නය:- ඡන්ද ප්‍රතිඵලයත් එක්ක ආණ්ඩු හදන්න අගමැති වෙනස් කරන්න විශාල ඝෝෂාවක් ඔබලා කළා. අන්තිමට පුස්ස බින්දා වගේ කිසි දෙයක් වුණේ නැහැ?  


පිළිතුර:- පුස්ස බිඳිලා නෑ. මේ ආණ්ඩුව කරන ද්‍රෝහි ක්‍රියා සංහිඳියාව ගේනවා කියලා ජාතින් වෙන් කරමින් කරගෙන යන වැඩපිළිවෙළ දකුණට එක නීතියක් ක්‍රියාත්මක කළා. උතුරට තවත් නීතියක් ක්‍රියාත්මක කළා. දකුණේ පෙළපාළිවලට ගැහුවා. උතුරේ පෙළපාළිවලට ආරක්ෂාව දුන්නා. ජනාධිපතිවරයා ගිහින් ඔවුන්ට ආශිර්වාද කළා.  


රටේ නීති දෙකක් තියෙන්නේ. අපිට දැන් ජනතාව කියනවා ජනාධිපති මන්දිරයයි අගමැති මන්දිරයයි වටලන්න කියලා. නමුත් අපි කලබල නෑ. අපිට තව දින කිහිපයක් දෙන්න. ආණ්ඩුව වට්ස්අප් නතර කරලා. ෆේස්බුක් නතර කරල ඔවුන් හිතනවා නම් මේ ආණ්ඩු විරෝධි අරගලයක් මර්දනය කරන්න අපි කියනවා තවත් රටට විහිළු සපයන්න එපා කියලා. වටස්ඇප් නතර කළා කියලා මේ ප්‍රශ්නය විසඳෙයිද? අද ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරලා තියෙන්නේ.  


ෆේස්බුක්, වයිබර්, වටස්ඇප් තහනම් කරනවා. මේ හදන්නේ තමන්ට එරෙහිව එන ජනමතය යටපත් කරන්නයි.  


ප්‍රශ්නය:- කොහොම වුණත් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනවා කියපු විශ්වාසභංගයක් ආගිය අතක් නෑ. ආණ්ඩුවේ උගුලට ඔබලා අහුවුණා?  


පිළිතුර:- නෑ. කිසිසේත්ම නෑ. ඒ සටන අපි නතර කරලා නෑ. මේක විකෘති ආණ්ඩුවක්. මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කරනවා. 


ර​ෙට් ආරක්ෂාව විනාශ කරනවා. තරුණ තරැණියන්ට රැකියා අවස්ථා ලබාදීම වෙනුවට නැති කරනවා. බඩු මිල අහස උසට ගිහිල්ලා. ඩොලර් එකේ අගය වැඩි වෙලා. රුපියල දවස ගානේ බාල්දු වෙනවා. රටම අරාජික වෙලා.   


තමන්ට ඕනෑ විදියට නීති සංශෝධනය කරලා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැරි විදියට වංගු ගහලා නීති හදාගෙන. ලෝකයෙ කොහේවත් මෙහෙම වෙලා නෑ. අපි අගමැතිවරයට එරෙහි සටන අලුත් හුස්මකින්, අලුත් ජවයකින් අලුත් වටයකින් ක්‍රියාත්මක කරනවා.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, එක්සත් ජාතික පක්ෂයේත් මැති ඇමැතිවරුන් විශාල පිරිසක් ඒකට සහයෝගය දෙනවා. ඔවුන්ගේ සහයත් අරගෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා.  


අපෙ එකම බලාපොරොත්තුව තමයි මහ මැතිවරණයක් ලබාගැනීම. ඒ වෙනුවෙන් තමයි අපි මේ සියල්ලම කරන්නේ. අපි කියනවා මේ ආණ්ඩුවට මේ රට නැවත ලේ වගුරක් කරන්නේ නැතිව රට විනාශ කරන්නේ නැතිව කරුණාකරලා වේදිකාවෙන් බැහැලා යන්න.  


සැබෑ ජනතාවාදී ආණ්ඩුවක් පත් කරගන්න මහ මැතිවරණයක් තියන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

  
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා එකේ මැති ඇමැතිවරුන් පොහොට්ටුවට එනවා කිව්වට කෝ කවුරුවත් ආවේ නෑනේ?  


පිළිතුර:- ඇමැතිවරුන් විශාල පිරිසක් සාකච්ඡා කරමින් යනවා. සිරිසේන ජනාධිපතිවරයා හැමදාම කරනවා වගේ මේ පාරත් කල් ගන්නවා. ශ්‍රී ලංකා එකේ ඇතුළෙත් ආපු තෙරපීමට එයා කිව්වා ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදමු කියලා. කොහොම වුණත් සිරිසේන ජනාධිපතිතුමා කාලය ගන්න එකේ අවසානය අත ළඟටම ඇවිත් තියෙන්නේ.  


රනිල් වික්‍රමසිංහ කරන්නෙත් කල් මරණ එක. කල් මරණ නායකයෝ දෙන්නෙක් රටම මරනවා. මේකට තවදුරටත් ඉඩ දෙන්න බැහැ. මේ ගමන අවසන් කළ යුතුයි. ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී වේගවත් වෙයි.  

 

 

 

 

 සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්   

 

 
 



අදහස් (0)

මැතිවරණ පරාජය වහලා ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරන්නආණ්ඩුව කළ වැඩක්

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 185 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1184 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 965 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site