IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘ලෝකයටම මත්ද්‍රව්‍ය බෙදන ‘හබ්‘ එක ශ්‍රී ලංකාවයි‘

(පී. සමරසිංහ)

‘‘අද ශ්‍රී ලංකාව ලෝකයටම මත්ද්‍රව්‍ය බෙදන ‘හබ්’ එක බවට පත්වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය එන්නෙ සුළුවෙන් නොවෙයි නැව් පිටින්’’ යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා බෙලිඅත්තේ ‘‘ප‍්‍රඥාසාගර’’ පිරිවෙන් විහාරස්ථානයේ පැවැති උත්සවයකදී ප‍්‍රකාශ කළේය.

අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

‘‘අද මේ රටේ චෛත්‍යයක්, බුද්ධ ප‍්‍රතිමාවක් හදනකොටත් ඒවාට සිමෙන්ති ආදිය ලැබුණේ කොහොමද කියා ප‍්‍රශ්න කරන තත්ත්වයේ ආණ්ඩුවකුයි පවතින්නේ. කොයි මොහොතෙ, කවුරුන්, කුමක් සඳහා සී.අයි.ඞීයෙන් ප‍්‍රශ්න කරයි ද දන්නෙ නැහැ. දේශපාලනඥයන් මර්දනය කළ හැකියි. නමුත් ආගමත්, ධර්මයත්, පන්සලත් මර්දනය කරන්න බැහැ. එසේ කරන්නට ඉඩ දෙන්නත් බැහැ. ඈත හා මෑත අතීතයේදිත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශාල වශයෙන් ඝාතනය වුණා. පසුගිය දිනවල බෝගසක් කපන්න සූදානම් වුණා. එයට වැඳුම් පිදුම් කරන බෞද්ධයන් එයට විරුද්ධව නැගී සිටියා.

චෝල අධිරාජ්‍යවාදීන් මේ රට යටත් කර ගන්නා අවස්ථාවලදීත් මෙවන් දේ සිදුවුණා. අපේ දූ දරුවන් යහ මඟට හරවන්න ආගමික පරිසරයක් තියෙන්න  ඕන. එදා මේ රටේ සිටි වැඩි පිරිසක් සතර පෝයටම සිල් ගත්තා. නිරන්තර පන්සිල් රැක්කා. වැඩිහිටි සමාජය පස්පවේ ඇලී ගැලී සිටිනවා නම් දරුවන්ට දෙන ආදර්ශය කුමක් ද?

පළිගැනීම අද පාලකයන්ගේ සෙල්ලමක් වෙලා තියෙනවා. ඒ අතරේ රටේ මත්ද්‍රව්‍ය වැඩිවෙලා. මත් අපරාධ ශීඝ‍්‍රයෙන් වර්ධනය වෙනවා.

පසුගියදා උසාවි ගෙනයන සිරකරුවන් ඇතුළු හත් දෙනකු ඝාතනය වුණා. පිටරටක නම් ඒ සම්බන්ධව වගකිව යුතු අය කටයුතු කරන්නෙ මෙහෙම නෙවෙයි’’.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති, ප‍්‍රඥාසාගර විහාරාධිපති මොරයායේ කස්සප යන හිමිවරු ද, සභාව ඇමතූහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන නාමල් රාජපක්ෂ, ඞී.වී. චානක, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, පළාත් සභා මන්ත‍්‍රී සිංහ සමන් කුමාර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.



අදහස් (3)

‘ලෝකයටම මත්ද්‍රව්‍ය බෙදන ‘හබ්‘ එක ශ්‍රී ලංකාවයි‘

kasun Friday, 31 March 2017 08:46 AM

ඔබතුමාගේ කාලේ හිර ගෙදර දරුණු මිනීමැරුමක් උනා. එතකොට නිතිය හරියටම ක්‍රියාත්මක වෙලා අපරාධ කරුවන්ට නීතියෙන් දඩුවම දුන්න හීනෙන් වගේ මට මතකයි.

:       547       507

A s dharsana Saturday, 01 April 2017 10:46 AM

ලංකාව අවට බොහෝ රටවල් මත්දූව්‍ය සම්බන්ධයේන් නිතී රිතී තදයි. මරණීය දණ්ඩනය පවා ලැබෙනවා. අද ලංකාවේ නිතීයේ දුර්වලතාවයන් නිසා මහා පරිමාණ ජාවාරකරැවන්ට ලංකාව හොද ⁣තෝතැන්නක් කරගෙන.

:       1       18

kalpa Monday, 03 April 2017 01:19 AM

මටනම් මතක්වෙන්නේ රජ කාලේ රජ්ජුරුවන්ට සුදුහකුරු ගෙනා මිනිහගේ කතාව

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 145 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1177 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 941 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2317 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2162 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3689 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site