(රංජිත් රාජපක්ෂ)
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට විපක්ෂයෙන් අභියෝග පැමිණෙන තරමට පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
රවි කරුණානායක මහතා ඒ බව කියාසිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන කේ.කේ.පියදාස, එස්.කේසවමුර්ති යන අපෙක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා (22) හැටන් නගරයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ රවී කරුණානායක මහතා කියාසිටියේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ඇති කළ තාවකාලික පක්ෂයට අධිකරණය හොඳ තීන්දුවක් ලබා දී ඇති බවයි.
ලබන මස 5 දින පැවැත්වෙන මහ මැතිවරණයෙන් තම පක්ෂයට අභියෝග කරන අයට හොඳ විසඳුමක් ලබාදෙන බව රවි කරුණානායක මහතා පැවසීය.
මැතිවරණයක් ආසන්නයේ තම පක්ෂයට විරුද්ධ මත දරන අය බැඳුම්කර සිද්ධිය යලිත් කරලියට ගෙනවිත් මැතිවරණ වේදිකාවල කතා කරන බවත්, බැඳුම්කර සිද්ධියට වසර පහක් ගත වී තිබියදි එම සිද්ධියට අදාළ අයට එරෙහිව නීතිමය පියවර මෙතෙක් නොගැනීමට එම පිරිස කටයුතු නොකර ඇති බවද රවි කරුණානායක මහතා පැවසීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘මැතිවරණ ප්‍රචාරණයට අභියෝග එන තරමට එජාපය ජයග්‍රහණය වෙත යනවා’