(*** අංජුල මහික වීරත්න)
එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් විමර්ශනය කරන්නට පත්කළ ලලිත සිරි ගුණරුවන් වාර්තාව කිසිදු ගුණයක් හෝ වටිනාකමක් නැති වාර්තාවක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඉකුත් 27 වැනිදා පැවසීය.
එම වාර්තාව හරියට හොර උපාධි සහතිකයක් වගේ යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයට ගොස් නැවත පැමිණෙන අවස්ථාවේ එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් ලලිතසිරි ගුණරුවන් වාර්තාව දුටුවිට ඇමරිකා තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් ලංකාවට කිසිදු මුදලක් නිකුත් කර නැති බව.
මට පෙනෙන හැටියට නම් ගුණරුවන් වාර්තාව නුගුණ, වටිනාකමක් නැති වාර්තාවක්. එහි කිසිදු ගුණයක් නැහැ. මේ වාර්තාව හරියට හොර උපාධි සහතිකයක් වගේ.
ආණ්ඩුවට මඩ ගහන්න අපිට වුවමනාවක් නැහැ. අපි අහන්නේ එක ප්‍රශ්නයයි. එම්සීසී ගිවිසුම අනුමත කරනවාද නැද්ද යන කාරණය ආණ්ඩුව කෙළින් පැවසීය යුතුයි. ඇමරිකන් ආණ්ඩුවට මේ වනවිට දී තිබෙන පිළිතුර කුමක්දැයි හෙළි කරන්න. ඉතිරි ටික ඊට පසුව මා කියන්නම් යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා
අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ
අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ගුණරුවන් වාර්තාව හොර සහතිකයක් වගේ‘
Raveendra Tuesday, 30 June 2020 12:38 PM
අපරාදේ කියන්න බැහැ.. අපේ සත්ගුණවත් සූත්තර පුංචා ට්‍රම්පට් අයියගේ වැඩේ ගොඩදාන්නයි නේද ට්‍රයි එක? කොහොමත් දේශපාලුවන් කියන්නේ තමන් උපන් රටට සැමවිටම විනකරන පිරිසක් බව මෙමගින්ද හොඳටම පැහැදිලි වෙනවනේ..