(නිමල කොඩිතුවක්කු)
කඩා වැටී ඇති ආර්ථිකය ජන ජීවිතය නගා සිටුවමින් රට ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කර ඇති බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී අද (27) පැවසීය.
ලබන අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ දී එම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුමත කරමින් රට ගොඩනැගීමට සමගි ජන බලවේගයට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටින බවද තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීවේය.
මේ ආණ්ඩුව යටතේ ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව සිටිනවා. මේ ආර්ථික පීඩනයෙන් මිදීමට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වැඩපිළිවෙලවල් ගණනාවක් යෝජනා කර තිබෙනවා.
මාර්තු අප්‍රේල් මාස සඳහා ජල සහ විදුලි බිල්පත සම්පූර්ණයෙන්ම කපා හැරීමට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කරල තියෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කරමින් විධායක ශ්‍රේණි සඳහා ලබාදී ඇති රුපියල් 15000 දීමනාව සහ වැඩි කළ වැටුප් වහාම ලබා දීම පිළිබඳ අපේ අවධානය යොමු කරලා තියෙනවා.
ඒ වගේම කඩාගෙන වැටී ඇති ආර්ථිකය යළි නගා සිටුවීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කරලා තියෙනවා.
ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග සහ යුරෝපයේ වෙනත් රටවල දැනට රැඳී සිටින ඒ සියලු දෙනාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් අපි දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. මෙවැනි කරුණු රැසක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙය දැනට ගෙයින් ගෙට බෙදාහැරිමේ කටයුතු ආරම්භ කරලා තියනවා. මේ සතිය තුළ එය බෙදා අවසන් කිරීමට අප අපේක්ෂා කරනවා.
ඉදිරිපත් කරලා තියෙන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන නැවත බලන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. රටක් විදිහට රට ගොඩ ගැනීමේ ජාතික වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මෙය අනුමත කරලා මේ අනුව කටයුතු කරන්න අපිට බලය දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. ජනතාවට ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ බොහෝ දේවල් අද ඉටු වන්නේ නැහැ.
රටේ ජනතාවගේ ජීවන වියදම වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. ඒ නිසා ජනතාව දැඩි පීඩාවකට පත් වෙලා. මේ වැඩිවන ජීවන වියදම පාලනය කරන්න ආණ්ඩුව කිසිදු උත්සාහයක් ගෙන නැහැ. ලෝක වෙළඳපොලේ තෙල් මිල සීග්‍රයෙන් පහල බැහැලා තියෙනවා. දෙසැම්බර් මාසයේ දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 පැවතුණා .මේ වන විට ඩොලර් 30 දක්වා අඩුවෙලා තියෙනවා.
රැකියා නොමැතිව ආදායම් නොමැතිව පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට මේ සහනය ලබා දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරලා නැහැ. මේ ආණ්ඩුව ධන කුවේරයන්ට සහන දෙන ගමන් දුප්පත් අහිංසක ජනතාවට අසාධාරණ ලෙස බදු අය කරමින් විශාල මුදල් ගසා කෑමක් කරනවා.
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා
අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ
අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘කඩා වැටුණු ආර්ථිකය නගා සිටුවා රට ගොඩනගනවා’