IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


රටේ සමස්ත කඩාවැටීමට හේතුව රාජපක්ෂවරුන්

(අශන්ති වරුණසුරිය)

රාජපක්ෂවරුන් සමඟ කිසිදාක නැවත එකතු නොවන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. පොදුජන පෙරමුණේ තමන් හිඳිම ගැන ලජ්ජා වන බවත් පොහොට්ටුව දේශපාලන පක්ෂයක් නොවන බවද රටේ සමස්ත විනාශය හේතුව රාජපක්ෂවරුන් බවද ඔහු පැවසුවේය. 
ඩලස් අලහප්පෙරුම මහතා සමඟ සිදු කල සංවාද සටහනයි මේ. 

ගෙවුණු කාලය දෙස පසුවිපරම් කරද්දී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන ඇති ?
ඔව්, වැරදුණ තැන් රාශියක් තියෙනවා.මේක සිදු වුණේ පුරවැසියාගේ හෝ මාධ්‍යවේදීන්ගේ වරද නිසා නෙමෙයි දේශපාලනඥයාගේ වරද නිසා. වැරැද්ද හදා ගැනීම අපේ වගකීමයි. ඒ වැරැද්දට අපි දායක වුණ තැන් ගොඩක් තියෙනවා. ඒකට සමාව ඉල්ලන්න පුළුවන්. ඒක විතරක් ප්‍රමාණවත් නැහැ. එතැනින් ඔබ්බට ගිහින් වැරැද්ද නිවැරදි කර ගත යුත්තේ කොහොමද කියන වැඩපිළිවෙල මේවන විට අපි සකසමින් ඉන්නවා. මම රෝද පුටුවට වෙනකල් දේශපාලනය කරන්න ආපු කෙනෙක් නෙමෙයි. 

පුතාලා දෙන්න කවදාවත් දේශපාලනයට එන්නේ නැත්ද ?
නිසැකවම කවදාවත් නැහැ. මේ දේශපාලයට ආපු පළවෙනි අලහප්පෙරුමත්, අවසන් අලහප්පෙරුමත් "ඩලස් අලහප්පෙරුම". මේ පවුල් කේන්ද්‍රීය දේශපාලනයෙන් අපේ රට මුදවා ගත යුතුයි. 

රාජපක්ෂ රෙජීමය වෙනුවෙන්, සෞභාග්‍යයේ දැක්මේ අධ්‍යාපන පැතිකඩ ඔස්සේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් ඔබ බෙහෙවින්ම වැඩ කළ පුද්ගලයෙක්. නමුත් එය සිදු වුණෙත් නැහැ .අවසානයේදී ඔබ පොහොට්ටුවත් කඩාගෙන ගියා කියලා චෝදනාවකුත් එකතු වුණා ? 
චෝදනාව විවිධාකාර විය හැකියි. ප්‍රශ්නයට මුහුණ දෙන පාර්ශව අනුව චෝදනාවේ ඉලක්ක වෙනස් වෙනවා. මම මිට කළිනුත් දේශපාලනයෙන් ඉවත් වෙලා ගෙදර ගිය කෙනෙක්

2000 වසරේදී. ඔව් මට මතකයි. එදා ඔබ තනතුරු වලින් ද ඉවත් වුණා ?
ඔව් නියෝජ්‍ය ඇමතිකම, ආසන සංවිධායකකම, පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය. නැවත මැතිවරණ දේශපාලනය ප්‍රවේශ වෙන්න හීනයකින්වත් අදහසක් තිබ්බේ නැහැ. නමුත් මහින්ද මහතාගේ ඉල්ලීම මත අවතීර්ණ වුණා. ඒ වෙලේ මම දේශපාලනය පැමිණියේ මගේ පවුලේ සියලු දෙනාගේම අකමැත්ත මත. කෙසේ හෝ එම පළමු පැය ගැන මට කණගාටුවක් නැහැ. නමුත් දෙවන පැය ඉතාම ශෝකාකූලයි. 

ජනපති අපේෂකකමට තරඟ කිරීමත් සමඟ කොටසක් ඔබ සමඟ අමනාප වෙනවා. මේ ගැන මොකද හිතෙන්නේ ?
මම ඒ වෙලේ ගන්න තිබ්බ හොඳම තීන්දුව ගත්තා. මම දන්නවා මේක ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා. ඉලක්කම් වලින් පරාද වුණත් දේශපාලන වශයෙන් මමවත් මට උදව් කළ කිසිඳු මන්ත්‍රීවරයෙක්වත් පරාද වුණේ නැහැ. එය ඉතා හොඳ ශක්තිමත් පදනමක් දැම්මා.

ඔබ ජනාධිපති වුණානම් ගන්න පළමු පියවර කුමක් ද ?
පියවර කිහිපයක් තියෙනවා. මේ රටේ දැවෙන ප්‍රශ්න වලට ක්‍ෂණිකව පිළිතුරු දෙන්න බැහැ. ඔබත් පසුගිය දා අරගලේ හිටියා. ඔතනට එකතු වුණ තරුණ පිරිසගේ ප්‍රධාන සටන් පාඨයක් වුණේ මේ චෞර මජර මහළු දේශපාලන සස්කෘතිය වෙනස් කළ යුතු බවට. මම සිදුකරන පළමු කාර්ය වන්නේ දේශපාලකයා චෞරයෙක් බවට බෞතිස්ම කළ සියලු දේ ඉවත් කර ඔහු පුරවැසියෙක් කිරීමයි.

එවන් විපර්යාසයක් කළ හැකිද ?
පුළුවන්. කරපු රටවල් තියෙනවා. දියවන්නාවේ පවුල් 225 මේ රටේ පවුල් මිලියන 22 බවට පත් විය යුතුයි.

මෙවැනි ප්‍රශ්න වලට අපි හැමදාම උත්තර හොයමින් ඉන්නවා. රට හඳන මඟ ඔස්සේ නිදහස් ජනතා සභාවෙන් මෙවන් ප්‍රශ්න වලට උත්තර තියෙනවා ද ?
ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙන ආකාරය ගැන රාමු දෙකක් අපි පසුගියදා එළි දැක්වුවා. 

එවැනි බොහෝ ප්‍රකාශ අපි බොහෝ දැක්කා. මේකත් කොළයකට සිමා වෙන දෙයක් ද ?
මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෙමෙයි. ලංකාවේ කිසිඳු දේශපාලන පක්ෂයක් මැතිවරණයට වසර දෙකකට පෙර මෙහෙම ෆ්‍රේම්වර්ක් එකක් එළියට දීලා සමාජ කතා බහට යොමු කර නැහැ. ඒ නිසා අපි අලුත් මඟකට අලුත් හැඩයක් ගත්තා. ඕන කෙනෙක්ට අදහස් කියන්න පුළුවන්. මේක සැලුම් දොරකුත් නෙමෙයි. ඒකත් කියන්නම ඕන. මේකට චෞරයන්ට එන්නත් බැහැ 

දේශපාලනඥයින්ගේ මෙවැනි කතා කෙසේ විශ්වාස කළ හැකිද නේද ?
ඔව් සැක කරන්න 

මේවන විට නිදහස ජනතා සභාව මන්ත්‍රීවරුන් 13දෙනෙක්ගෙන් සැඳුම්ලද්දක් නේද  ?
ඔව්, 13 නපුරුයි කියනවා. නමුත් අපිට ඒක වාසනාවක් 

මෙකී කණ්ඩායමට තව පිරිස් එකතු වෙනවා කියලයි අපිට ආරංචි වෙන්නේ ?
ඔව් සාකච්ඡා මට්ටමෙන් යනවා. 

පොදුජන පෙරමුණ ගැන කලකිරීමක් නැත්ද? මහින්ද මහත්තයා එහෙම තවම හමුවෙනවා ද ?
පාර්ලිමේන්තුවේදී හමු වුණාම කතාබහ කරනවා. පොදුජන පෙරමුණ තමයි මේ විනාශයට පාරක් කැපුවේ. 

ඉතිං ඔබත් එහි ප්‍රධාන සාමාජිකයෙක් ?
ඔව් ඒක තමයි. මම විත්ති කුඩුවේ ඉදලා කතා කරන්නේ. ඇත්තටම පොදුජන පෙරමුණ කියන්නේ දේශපාලන පක්ෂයක් නෙමෙයි. මට ලජ්ජා හිතුණා මම ගැන. පොදුජන පෙරමුණේ ඉන්නේ මම නමින් දන්නා 3දෙනයි. නායකයා මහින්ද රාජපක්ෂ, සභාපති ජිඑල් පිරිස්, මහලේකම් කාරියවසම්. වෙන කිසි කෙනෙක් නමින් නැහැ. බැසිල්වත් නැහැ. කොයිතරම් වංචනිකද ? විශ්වාසය කඩා වැටුණා 

විශ්වාසය කඩා වැටුණා ද ? කඩා වැට්ටුව ද? 
කඩා වැට්ටුවා 

කවුද ?
ඔය මම කියපු සියලු දෙනාම. උදාහරණයක් විදියහට, ගෝඨාභය මහත්තයා ඔහු ගැන තිබ්බ විශ්වාසය ඔහු විසින්ම නැති කළා. අවසන් ප්‍රථිපලය තමයි මෙම සමස්ත කඩා වැටීම.  පක්ෂයක්, කැබින්නටුවක්, පාර්ලිමේන්තුවක් විදියට තීන්දු නොගෙන තුන්හතර දෙනෙක් රට වෙනුවෙන් තීන්දු ගත්තම විනාශ වෙනවා. පොදුජන පෙරමුණේ, 69ලක්ෂයේ, රටේ විනාශය රාජපක්ෂවරු .

නැවත රාජපක්ෂවරුන් සමඟ එකතු වෙන්නේ නැත්ද ?'
නිසැකවම කවදාවත්ම නැහැ

එතකොට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ?
ඔහු ගැන කියන්න මම දැන්ම ඉක්මන් වෙන්නේ නැහැ. නමුත් ඔහුට පොහොට්ටුවට සහ එම පවුලට තියෙන වගකීමෙන් බැහැර වෙන්න බැහැ. 

නව වසරේ ඔබ ජනතාවට ලබා දෙන පණිවිඩය මොකද්ද ?
පළමු ඉල්ලීම අපේක්ෂා භංග වෙන්න එපා. අපි ඛේදවාචයක් එක්ක අලුත් අවුරුද්දට පා තියන්නේ. ඛේදවාචකය ආශීර්වාදයක් බවට පත් කර ගමු. 

ඉදිරි මැතිවරණයන්ට ඔබලා සූදානම් ද ?
අපි දැන් ඉන්නේ පළාත් පාලන මැතිවරණය ලබා ගැනීමේ සටනේ.  


සම්පුර්ණ වීඩියෝව
YouTube - https://youtu.be/QAanOZvrjQ0



අදහස් (2)

රටේ සමස්ත කඩාවැටීමට හේතුව රාජපක්ෂවරුන්

පන්සලේ ගෙදර Thursday, 05 January 2023 06:46 AM

ගෝඨාට කඩේ ගිහින් මිනිස්සු රවට්ටලා රටකාපු රට ඉවරම කරපු කෙනා දැන් අළුත් බණක් කියනවා. මොවුන්ව හිරේදාන්න ඕනෑ. ඔවුන්ව ගෙනාවේ, දැන් එළවන්න බැහැ ඡන්දයක් එනකන්... ළමයි නෝනා ඇමෙරිකා යවන්න මුදල් කොහෙන්ද?

:       5       18

පරණ බයිලාමයි! Wednesday, 01 February 2023 08:11 AM

රාජපක්ෂලා එක්ක හවුල් වී මෙතෙක් කල් මුදල් සොයාගත්තා. දැන් අළුත් සිංදුවක් ගයනවා ජනතාව රවටන්න. අනේ යන්න මහත්තයෝ! අපි එදාත්, අදත් කියන්නේ මේ බයිලා තමයි.

:       2       5

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1115 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 850 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2269 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2136 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3671 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1589 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1420 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site