IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රගතිශීලින්ගේ බලපෑමෙන් විස්සේ කෑලි හැලෙනවා

(*** අංජුල මහික වීරරත්න )

ප්‍රගතිශීලී ජනතාවගේ සෘජු මැදිහත්වීම නිසා  අද ‘‘විස්සේ”‍ කෑලි ගැලවෙමින් තිබෙන්නේ යැයිද විසිවන සංශෝධනය හැදුවේ කවුදැයි රාජ්‍ය බුද්ධි අංශයටවත් සොයා ගන්නට නොහැකි තත්වයක් නිර්මාණයවී ඇතැයි ද සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී  පැවසීය.

ආඥාදායක විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට දහනව වැනි සංශෝධනයෙනුත් ඔබ්බට ගිය ප්‍රගතිශීලී ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා රටපුරා ගොස් ජනතාව බලමුළු ගන්වන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසූවේ ‘‘20 පරදවමු”‍ තේමාවෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. කොළඹ නව නගර ශාලාවේ පැවැති  සම්මන්ත්‍රණයේ දී සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

අද දිනය හඳුන් වන්නේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය ලෙසයි. එවැනි දිනයක අප එක්වී සිටින්නේ ආඥාදායකත්වය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවන්නටයි. විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට අහිතකර බව අප සැවොම දන්නවා. රටට ආදරේ කරන බොහෝදෙනා මේ තර්කය පිළිගන්නවා.

මා විධායක ජනාධිපති ක්‍රමය අනුමත කළ පුද්ගලයෙක්. ඒත් 2010 සිට2015 දක්වා සහ ඉන් පෙරත් වූ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාවලි හරහා රටට වූ හානිය මා හොඳින් අවබෝධ කර ගත්තා. යුගයට ඔබින ආකාරයට ජනාධිපති ක්‍රමවේදයේ සංශෝධනයක් අවශ්‍ය බවට මා පිළිගත්තේ ඒ අනුවයි. 2015 වසරේදී ජනාධිපති බලය අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටියේ ඒ අනුවයි.

ඉන් පසුව දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ස්ථාපිත කරනු ලැබුවා. ඒ අනුව යහපත් රාජ්‍ය පාලනයක් සඳහා වන ආයතන නිර්මාණය කරන්නට හැකි වුණා. තනි පුද්ගලයකුට රාජ්‍ය තන්ත්‍රයම ගොදුරු කරගෙන තනි තීන්දු ගැනීමේ බලය අහිමි වුණා. අධිකරණවලට විනිසුරුවන් පත් කිරීමේදී තනි තීන්දුවලට නොයමින් සහභාගිත්ව තීරණවලට තැනක් ලැබුණා. ව්‍යවස්ථාදායක සභාව හරහා ඒ වැඩ කටයුතු නිර්මාණය වුණා.

ස්වාධීන මැතිවරණ කොමිසම හරහා ජීවිත අහිමි නොවන ආකාරයේ මැතිවරණ පවත්වන්නට හැකි වුණා. ඇමැතිවරුන් පත් කිරීම සීමා වුණා. එමෙන්ම ප්‍රසම්පාදන කොමිසම බිහි වුණා. විගණන කොමිසම බිහි වුණා.

 රටේ තිබෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි. මේ මොහොතේ කළ යුත්තේ ජනතා පරමාධිපත්‍ය පළුදු කිරීම නොවෙයි. ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කිරීමයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන කෙටුම්පතකට විරුද්ධව මෙරට සිවිල් පුරවැසියන්ට අධිකරණයට යන්නට තිබෙන කාලය කෙටිවන විට සිදුවන්නේ ජනතා ස්වෛරීත්වය හීන වීමයි. අද වන්නේ ජනවරමේ නාමයෙන් බලය එක තැනක කේන්ද්‍රගත කරගෙන ඒකාධිපති ස්වරූපයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමයි.

ජනතා බදු මුදල් ගැන හොයන්න බැරි ප්‍රසම්පාදන කොමිසම කුමටද? විනිවිද බවකින් යුතු ප්‍රසම්පාදන කොමිසමක් දියුණු රටකට අත්‍යවශ්‍යයි. එමෙන්ම විගණන කොමිසම අත්‍යවශ්‍යයි. ජනපතිගේ සහ අගමැතිගේ ආයතන විගණනය කරන්නට නොහැකිවන ආකාරයට සංශෝධන ගෙනෙන්නේ මොන රටේ ද? දියුණු ප්‍රජාතන්ත්‍රවාදය මෙයද?

පුද්ගලයන් කේන්ද්‍ර ගත කරගත් ව්‍යවස්ථා සංශෝධන රටට ඉතා අහිතකරයි. දහ නව වැනි සංශෝධනය අංගසම්පූර්ණ සංශෝධනයක් නොවන බව අප පිළිගත යුතුයි.  එහි අඩුපාඩු සහ ගැටලු‍ තිබෙනවා. අඩුපාඩුකම් තිබුණා යයි රටක වැදගත් ආයතන විනාශ කිරීම යුතුකම නොවෙයි. අඩුපාඩුකම් මගහරවාගෙන ස්වාධීන ආයතන වැඩි වැඩියෙන් ශක්තිමත් කිරීම කළ යුතුයි.

අප අදහස් කරන දහ නවයෙන් ඉදිරියට යන වැඩපිළිවෙළ එයයි. අප එතැනින් නතරවන්නේ නැහැ. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද වැඩපිළිවෙළක් ගැන අප සාකච්ඡා කරගෙන යනවා. කවුරුත් ජාතික ආරක්ෂාව ගැන කතා කළ ද ජාතික ආරක්ෂක කවුන්සිලයට පැහැදිලි නීතිමය පදනම නැහැ. ජාතික ආරක්ෂක කවුන්සිලය නිර්මාණය කිරීම ඇතුළු ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැඩසටහන් රැසක් හඳුන්වා දීමට මා බලාපොරොත්තු වෙනවා.

 විසිවැනි සංශෝධනයට විරුද්ධයි වගේම ඒ සංශෝධනය පරාජය කිරීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය නියෝජනය කරන සියලු‍ බලවේග එකතු කර ගන්නවා.

අප නොබියව රට ගැන සිතා එල්ල කළ අභියෝග හමුවේ මහා බහුතරය තිබෙනවා යයි කියන කණ්ඩායම දණ ගැස්වූවා. මේ අතර කෙසේ හෝ විස්ස දිනවන බවට කොන්ත්‍රාත්තුව බාර ගත් පිරිසක් ද සිටිනවා. විසිවැනි සංශෝධනය දිනවීම සඳහා මන්ත්‍රීවරුන් සිටිනවාලු‍. කොහේ මන්ත්‍රීවරුන් සිටිනවාදැයි මා නම් දන්නේ නැහැ. සමගි ජන බලවේගයේ කිසිම කෙනෙකු තමන් වැදූ මව පියා පාවාදී මුදල් සූට්කේස්වලට යට වෙන්නේ නැහැ.

රටට ආඥාදායකත්වයක් අවශ්‍ය නැහැ. රටේ ඉන්නේ වහලු‍න් නොවෙයි. රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමයි. අධිකරණය ව්‍යස්ථාදායකය සහ විධායකය යන තුනම ශක්තිමත් විය යුතුයි. පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන එකිනෙකාගේ බලය අඩු කර ගන්න යෑම සාර්ථක ක්‍රමය නොවෙයි. පරිණත දේශපාලන ක්‍රමවේදයක් තුළ බාල ගති ලෙස ඒ ක්‍රම හැඳින්විය හැකියි. එවැනි ව්‍යවස්ථා සංශෝධන කර රටට අනාගතයක් ලබා ගන්න බැහැ.

කොතරම් විරෝධතා පැමිණිය ද අප  සම්මන්ත්‍රණය නතර කරන්නේ නැහැ. ගම් නගර කේන්ද්‍ර කරගෙන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන සමගි ජන බලවේගයේ අප ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා සියලු‍ ප්‍රගතිශීලී බලවේග එකතු කර ගන්නවා. සියලු‍ ඡන්ද පොළ මධ්‍යස්ථානවල පොදු ජනතාව හමු වෙනවා.

විසිවැනි සංශෝධනය පරාජය කළයුත්තේ ඇයිදැයි අප එහි දී පැහැදිළි කරනවා.

දහ නවයෙන් ඉදිරියට ව්‍යාපාරයේ සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් මන්ත්‍රී කණ්ඩායමේ සියලු‍ දෙනාගේම ශක්තිය ගෙන මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු‍ම ආගමික නායකයන් ඒකරාශී කර ප්‍රබුද්ධ ගමනක් ක්‍රියාත්මක කරන්න මා නායකත්වය ගන්නවා.

ප්‍රගතිශීලී ජනතාවගේ සෘජු ස්ථාවරය නිසා අද විස්සේ කෑලි කෑලි ගැළවෙමින් යනවා. දහනවයෙන් ඉදිරියට වන ප්‍රගතිශීලි ව්‍යවස්ථා සංශෝධනය රටට ගෙන ඒම සඳහා අපි සැම අත්වැල් බැඳ ගනිමු යයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 සම්මන්ත්‍රණය සඳහා මහා සංඝරත්නය සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමුඛ විශාල පිරිසක් සහභාගී වූහ.



අදහස් (4)

ප්‍රගතිශීලින්ගේ බලපෑමෙන් විස්සේ කෑලි හැලෙනවා

Kooralage Thursday, 17 September 2020 09:08 AM

ස්වාධීන කොමිෂන් සභා විසුරුවලා සියලුම බලතල ජනාධිපතිට පැවරෙන 20වැනි සංශෝධනය හරහා... අනිවාර්යයෙන්ම බිහිවෙන්නේ ඒකාධිපති පාලනයක්. මෙයින් අන්තිමට වෙන්නේ 18ට ගෙනැල්ලා මහින්ද උපරිම බලතල අරන් ගෙදර ගියාවගේ.. 20 ගෙනැල්ලා මෙතුමාටත් අන්තිම කාලයේදී... ඒ දඬුවමම ලැබෙයිද දන්නේ නැහැ?

:       0       19

Gunapala Thursday, 17 September 2020 07:32 PM

පාර්ලිමන්ට් ජෝක්ස්... රනිල්ට නොදෙවෙනි ජෝකර් කෙනෙක්...

:       0       39

Bamunuarahchi Friday, 18 September 2020 03:54 PM

කවුද ඔය කියන අය? ඔය ඉස්සරහ ඉන්න අයද? මොකටද හලෝ ඔච්චර 20ට බය වෙන්නේ? ඔයගොල්ලෝ මේ ආණ්ඩුව පෙරලාගත්තොත් ඔය ඔක්කොම බලය ඔහෙටනේ..

:       0       19

Raveendra Saturday, 19 September 2020 09:48 AM

අම්මපා... ඇස්වහක්, කටවහක් නැහැ අපේ මේ සජි පුතා දැන් නම් නියම චාලි චැප්ලින් නොහොත් සූත්තර පුංචාගේ කපාපු පළුව වගේ..

:       0       27

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 180 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1182 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 962 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2165 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site