IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොරෝනා මෙන්ම 20 ත් වසංගතයක්

 


 
 
(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතය මෙන්ම මේ ආණ්ඩුව හඳුන්වාදුන් විස්සත් වසංගතයක් බැවින් අද මෙම වසංගත දෙකෙන්ම ජනතාවට බැට කෑමට සිදුව ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී  අද(02) පැවසීය.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පත් වී වසරක් ගතව ඇතත් රටේ ආර්ථිකය, සංවර්ධනය, ජන ජීවිතය ඇතුළු සියල්ලක්ම අසාර්ථක වී ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළේය.

සංවර්ධනය වෙනුවට වසංගතය රට පුරා පැතිර වීම පමණක් මේ ආණ්ඩුව යටතේ සිදු වූ බවද විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

කොරෝනා වසංගතයේ  ව්‍යාප්තිය වගේම ආර්ථිකයේ සහ ජන ජීවිතයේ විශාල කඩාවැටීමක් අද වන විට සිදුව තිබෙනවා. අද මුළු රටේම කොරෝනා වෛරසය පැතිර ගොස් තිබෙනවා. කොරෝනා රෝගීන් නිවසට වෙලා තමන්ම ප්‍රතිකාර කරගන්න තත්වයකට  පත්වෙලා තියෙනවා.

මාර්තු දෙවන දා වසංගතය රටට ඇතුල් වෙච්ච වෙලාවෙ ඉදන් විපක්ෂය විදිහට අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම හඬක් නැගුවා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය නිසා මේ කිසිවකට කන් දුන්නේ නැහැ.

ලෝකෙන්ම කොරෝනා පාලනය කළ සාර්ථකම රට අපේ රට කියලා බොරු බේගල් ඇද බාමින් ආණ්ඩුව මහ මැතිවරණයේදී ඡන්දය ගත්තා. එදා මේ වෛරසය පාවිච්චි කරලා ඡන්දය ගත්ත නම් අද මේ වෛරසයේ වගකීමත් ආණ්ඩුව ගත යුතුයි.

ඇඟේ හයියෙන් කොරෝනා පාලනය කරන්න බැහැ කියලා ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට අපි කියනවා. නාමයෝජනා භාර දෙන අවශ්‍ය නිසා මුල් අවස්ථාවේදී රට වහලා අවශ්‍ය පියවර ගත්තේ නැහැ. මේ වතාවේ 20 සම්මත කරගැනීමට අවශ්‍ය නිසා කොරෝනා මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. විස්සත් වසංගතයක් මේකත් වසංගතයක්.

අද ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. ස්වයං රැකියාවල නිරත වුණ, පෞද්ගලික අංශයේ රැකියා කරන ලක්ෂ පහළොවකට විස්සකට පමණ අද රැකියා අහිමි වෙලා තියෙනවා. ආණ්ඩුව මේ ගැන කිසිම පියවරක් ගෙන නැහැ. මේ තත්ත්වය කළමනාකරණය කිරීම රජයේ වගකීමක්.

අද මේ වෛරසය පාලනය කරන්න මන්තර ගුරුකම් කාරයො අල්ලගෙනන සෞඛ්‍ය අමාත්‍යවරිය වතුර කළ ගංගාවලට විසි කරනවා. අද සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනයක් නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා.

අද ජනතාවට බෙහෙතක් නැහැ. රෝහලට එන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න කියනවා.මේකට ද තුනෙන් දෙකක බලයක් දීලා ආණ්ඩුවක් පත් කර ගත්තේ කියලා අපි අහනවා.

පලවෙනි රැල්ල පාලනය කළා කියලා රජයේ ලකුණු දාගත්තා. දැන් පාලනය කරගන්න බැරි උනහම රජයේ වගකීම ජනතාව පිට පටවනවා. හරි ගියාම තමන්ටත් වැරදුනහම ජනතාවටත් චෝදනා කරන ආණ්ඩුවක් තමයි මේක.

අද ආණ්ඩුව හැම පැත්තකින්ම අසාර්ථකයි. කොරෝනා පාලනය අසාර්ථකයි. ආර්ථිකය හැසිරවීම අසාර්ථකයි. රටේ සංවර්ධනය අසාර්ථකයි ජනතාවට සහන කිසිවක් නැහැ.

ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව පත් වෙලා වසරක් ගත වෙන්න එනවා. රටට වෙච්ච දෙයක් නැහැ. බඩු මිල අහස උසට නැගල. සංවර්ධනය වෙනුවට වසංගතය රටපුරා රට පුරා පැතිරිලා. මේක තමයි මෙ ආණ්ඩුවේ පළමු වසරේ ප්‍රගතිය කියලා අපි කියනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා.
මේ ආණ්ඩුව කොරෝනා වසංගතය යට ගහපු නිසා තමයි අද මෙච්චර ව්‍යාප්තියක් සිද්ධ වෙලා තියෙන්නෙ. විස්ස නිසා අද මුළු රටම අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. අද මේ ව්‍යසනය වගකීම බාරගන්න කෙනෙක් නැහැ. අඩුම තරමේ රටට ප්‍රකාශයක් කරන්නවත් කවුරුත් ඉදිරිපත් වන්නේ නැහැ. දැන් කොයි දේටත් හමුදාපති ඉදිරිපත් කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. සිංහ නාද දාලා ඇවිත් මේ ආණ්ඩුව බලු කෙඳිරිලි නගනවා.

මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක්. දැන් සෞඛ්‍ය අමාත්‍යවරිය රෝග පාලනය පැත්තකින් තියලා ගංගාවලට කලගෙඩි හලන්න යනවා. මේ වගේ විකාර කරන්නෙ නැතුව තමන්ගේ වරදින් මේක ව්‍යාප්ත වුණා කියලා හරි වගකීම් අරගෙන ආණ්ඩුව බේරගන්නවත් කටයුතු කරන්න කියලා අපි එතුමියගෙන් ඉල්ලා සිටිනවා.
 

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා.

මිනිස්සු විද්‍යාවෙන් ඉදිරියට යද්දී මේ ආණ්ඩුව මිථ්‍යාවෙන් ඉදිරියට යනවා. මැතිවරණයට පෙරත් ජනතාව මිථ්‍යාවෙන් රවට්ටලා 69 ලක්ෂයක් ඡන්දය ලබා ගත්තා. අද මේ ආණ්ඩුව අභාග්‍යය ආණ්ඩුව බවට පත්වෙලා තියෙනවා
 

 



අදහස් (7)

කොරෝනා මෙන්ම 20 ත් වසංගතයක්

Raveendra Monday, 02 November 2020 11:01 AM

බලයේ ඉන්නකොට මොලේ කදුලක් නැහැ උද්දච්චකමින් හිස උදුම්මාගෙන ඉන්නේ.

:       0       2

Bamunuarachchi Monday, 02 November 2020 01:46 PM

"මේ ආණ්ඩුව කොරෝනා වසංගතය යට ගහපු නිසා " මම අහලා තිබෙන ලොකුම යට ගැහිල්ල තමයි තාත්තා පුතාට කියපු පාස්කු ඉරිදා බෝම්බ ඔත්තුව යට ගැහිල්ල. ඉස්සා කප්පරක් අසුචි ඔලුවේ තියාගෙ මන් සුදනා කියනවලු.

:       2       4

Nimal Tuesday, 03 November 2020 12:08 AM

බමුණෝ, මේ කට්ටිය අලියාගේ පිටෙන් බිමට වැටිලා ඔලුව වැදිලා මේ වෙනකොට යන එනමන් නැතිව අනාතවෙලා ඉන්නේ. ඒක නිසා මේ කණ්ඩායම කරන කියන දේවල් දැන් කවුරුත් ගණන් ගන්නේ නැහැ.

:       0       1

Nimal Tuesday, 03 November 2020 12:52 AM

අද ජනපතිට බැන්නාට, සෞභාග්‍ය දැක්ම තමා මෙයාලත් මාධ්‍ය සකජ්ඡා වලට අරගෙන අවේ.

:       0       1

Raveendra Tuesday, 03 November 2020 03:13 AM

20 හා කොරෝනා වෛරසය සංසන්දනය කරමින් "විහිළුවකටවත්" ඒ පිලිබදව අදහස් දැක්වීම සුදුසුද නැද්දවත් තේරුම් ගැනුමට නොහැකි මෙවන් මෝඩ තකතීරුවන් යහතින් ජීවත් වෙනවනේ..

:       0       2

nimal Tuesday, 03 November 2020 11:45 PM

ආණ්ඩුව හඳුන්වාදුන් විස්සත් වසංගතයක් බව කියන්නාවූ සමගි ජනබලවේගය මේවන විට මුළු මනින්ම අසාර්ථක බව රටටම පෙන්වා දී ඇත. එම පක්ෂයේ නායකත්වයේ අසාර්තක බව නිසා එම පක්ෂය තුල සිටි අනෙක් සාමාජික පක්ෂ නියෝජිතයන් 20ට සහ යෝගය ලබා දුන්නේය. එපමණක් නොව මේ වන විට සුළු පක්ෂ නායකක් සමගි ජනබලවේගයේ නායකත්වය ලබා ගැනීමට සුදානම් බව කියා ඇත.

:       0       1

Kuma Friday, 06 November 2020 10:33 PM

ඔයයි, සමගි පෙරමුණයි ලෝක වසංගතයක්....

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 57 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1159 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 896 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2150 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3680 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site