(නිමල කොඩිතුවක්කු)
කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවසීය.
ආණ්ඩුව කොරෝනා ඇතුලු රටේ ප්‍රශ්නවලට විසඳම් ලබා දෙනවා වෙනුවට විමල් වීරවංශ මහතාගේ ගැටලුව රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත්කර ගෙන ඇතැයිද රත්නප්‍රිය මහතා සඳහන් කළේය. සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව පුංචි බොරැල්ලේ දී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා මෙසේද පැවසීය.
“කොරෝනා වසංගත තත්ත්වය බරපතළ ලෙස රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ආණ්ඩුව එන්නතක් ගෙනාවා. මේ එන්නත මාත්‍රා ලක්ෂ 5ක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ මාත්‍රා ලක්ෂ 5 න් දෙන්න පුළුවන් 250,000කට විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට 20%ට මුල් අදියරේදී මේ එන්නත ලබා දිය යුතුයි. ඒ අනුව මූලික වටයේදී අපේ රටේ ජනගහනයෙන් ලක්ෂ 440,000කට මේ එන්නත ලබාදිය යුතු වනවා. ඒ අනුව මේ ගෙනාපු එන්නත් ප්‍රමාණය කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න බැහැ කියලා හරිම පැහැදිලියි.
කොවීඩ් රෝගීන් 5700ක් පමණ දෛනිකව රෝහල් ගතවෙලා තියෙනවා කියලා තමයි සෞඛ්‍ය අංශ වාර්තා අනුව පැහැදිලිවන්නේ. කොවීඩ් රෝගීන් 900ගණන් 800ගණන් දැන් දිනපතා වාර්තා වෙනවා. ඒ අනුව දවස් 10ක් ඇතුළත රෝගීන් 8,000ක් හෝ 9,000ක් රෝහල් ගත වෙලා තියෙන්න ඕන. කෝවිඩ් රෝගියෙක් අවම දින 14ක් වත් රෝහල් තුළ රඳවා තබාගන්නවා. නමුත් දැන් රෝහල් වල ඉන්න 6000 ටත් අඩු ප්‍රමාණයක්. ඉතුරු රෝගීන්ට වෙච්ච දෙයක් නැහැ.කොළඹ සහ වෙනත් ප්‍රදේශවල තිබෙන කොවීඩ් මධ්‍යස්ථාන වලට කොවීඩ් ආසාදිත රෝගීන් ඇතුළත් වෙන්නේ දින 6කට 7කට පස්සෙ කියලා අපට වාර්තා වෙනවා. මේ කාලය අතරතුර මේ අය අනිත් අයට රෝගය බෝ කරනවා. මේ විදිහට කොවීඩ් මර්දනය කරන්න ආණ්ඩුවට හැකියාවක් තියෙනවද කියලා අපි අහනවා. ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළ නිසා සෞඛ්‍ය කාර්යය මණ්ඩලයත් රටේ ජනතාවත් අනතුරට ලක්වෙනවා.
ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ අද මුළුමනින්ම අසාර්ථක වෙලා තියෙනවා. අද දිවයින පුරා රෝහල් කාර්ය මණ්ඩලවලට කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙලා තියෙනවා. රෝගී සත්කාර කරන සෞඛ්‍ය කාර්යමණ්ඩල ආරක්ෂා කරගැනීම වෙනුවෙන්වත් ආණ්ඩුව කිසිදු මැදිහත්වීමක් කරන්නේ නැහැ.රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් ආණ්ඩුව දැන් විමල් වීරවංශ මහත්තයා එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන ඒක ජාතික ප්‍රශ්නයක් බවට සමාජගත කරගෙන යනවා. ඒ ගැන දිනපතා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මාධ්‍ය වලත් ඉහළින් ප්‍රචාරය කරමින් මේක රටේ මිනිස්සුන්ට අස්සවන්න උත්සාහ කරමින් ඉන්නවා.
ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳ ගන්න බැරි නිසා සති දෙකකට සැරයක් ආණ්ඩුව මාධ්‍යයත් අල්ලගෙන අලුත් ප්‍රශ්නයක් ගෙනත් ජනතාව හමුවේ තියෙනවා. කොරෝනාවට මුට්ටි ගඟට දැම්මා, ධම්මික පැනිය ගෙනාවා. රටේ ආර්ථිකය සෘණ අගයක් අරගෙන. ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. කොවිඩ් හැදිච්ච මිනිස්සු ගෙවල්වලට වෙලා ඉන්නවා. ජාතික සම්පත් විකුණනවා. මේ ප්‍රශ්න එකකටවත් ආණ්ඩුව උත්තර දීලා නැහැ.
ගිය ආණ්ඩුව කාලේ හමුදා මූලස්ථානය විකුණුවා. දැන් ලංකා බැංකු මූලස්ථානය විකුණන්න යනවා. අනිත් පැත්තෙන් විශාල පරිසරයක් සිදුකරමින් යනවා. අක්කර පනහ හැට ආණ්ඩුවේ ගජමිතුරන්ගේ බෙදමින් යනවා.ආණ්ඩුව ජනතාව පැත්තකින් තබා තම ගජ මිතුරන්ට සලකමින් සිටිනවා. ඔවුන් අද කොරෝනා ව්‍යාපාරයක් කරගෙන තියෙනවා. එක රටක් එක නීතියක් කියා ගෙන ආපු මේ ආණ්ඩුව දැන් දෙබිඩි නීතියක් ක්‍රියාත්මක කරනවා. කොරෝනාවේ දීත් රටේ ජනතාවට දෙවිදියකට සලකනවා.
අනිත් පැත්තෙන් ආණ්ඩුව විවිධ කණ්ඩායම් හරහා ඉන්දීය විරෝධයක් ගොඩ නගමින් තියෙනවා. ආණ්ඩුව රටේ විදේශ ප්‍රතිපත්තිය ආරවුලකට දමමින් තිබෙනවා. මෙහි ප්‍රථිඵල ඉදිරියේදි අපිට භුක්ති විදීමට සිදුවනවා.මේ ප්‍රශ්න කළමනාකරණය කරන්නෙ නැතුව විමල් වීරවංශ මහත්තයාගේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් කරගෙන තියෙනවා” යයිද ඔහු එහිදී පැවසීය.
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා
අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ
අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොරෝනා මර්දනයට ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ
Raveendra Thursday, 11 February 2021 07:56 AM
අරාජිතයගේ හොඳම හොඳ ගොට්ටන්ගේ පෙළපතින් පැමිණෙන මම අරාජිත ලියලා දෙන්නේ මොනවද? ඕනෑදෙයක් කියවමි. අනේ අම්මපා මෙලොදෙයක් නොදන්නා මමත් කෙටිකලකට හෝ කඩේ ගියානේ..
Bamunuarachchi Thursday, 11 February 2021 10:29 AM
මෙයා විශේෂඥ කෙනෙක් හැටියට කතා කරන්නේ. තමන්ගේ තරාතිරම දැනගෙන කතා කරන්න...
senarathSunday, 14 February 2021 03:42 AM
බමුණු මෙයා මේල් නර්ස් කෙනෙක් නේ ප්‍රාඩෝ එකෙන් යන. ඒ විතරක්ද එජාපයේ විධායක සභාවෙත් ඉන්නවනේ... මාසෙකට විතර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට ජාතික ලැයිස්තුවෙන් පත්වෙලා වාහන හිමිකමකුත් ලැබුවණේ...
BamunuarachchiThursday, 18 February 2021 05:38 AM
බෙහෙත් ගන්න ලෙඩ්ඩු පෝලිමේ එනවද?
Senarath Sunday, 14 February 2021 08:43 AM
කවුද මේ මනුස්සයා..? කොරෝනා ගැන කතා කරන්න පුළුවන් සුදුසුකම් තියෙන කිසිවෙක් එජාපයේ නැතිද?
Lakmal Monday, 15 February 2021 04:12 AM
මෙයා හිතන් ඉන්නේ මෙයා කියන දේවල් මිනිස්සු අහයි කියලා...
Chinthaka Monday, 15 February 2021 10:01 AM
තමන්ගේ තැන දැනගෙන කතාකළොත් හොඳයි..