IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි

 

(අශන්ති වරුණසූරිය)

කාලයක් තමන්  නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත් කිරීමට කුහකකම් දුරලා සියලු දෙනාම එකට එකතු වී කටයුතු කළ යුතු බව ද ඔහු පැවසුවේය. මෙරට ආර්ථිකය ගොඩගැනීමට සහ හොරකම් නැති කිරීමට ඩිජිටල් කළ යුතු බව ද රවී කරුණානායක මහතා වැඩි දුරටත් පැවසුවේය. 

ඔබ නිහඬව සිටියේ ඇයි ?

වැරදි වැටහීම් තියෙනකොට නිහඬතාවයක් තියෙන එක හොඳයි. කාලෙකට පස්සේ මම මාධ්‍යකට ආවේ, මේ අවස්ථාවේ රටට අපෙන් දිය යුතු අදහස් තියෙනවා ඒ ටික දීලා අපේ යුතුකම ඉටු කළ යුතු නිසා.

අයවැය කතා බහක් යන වෙලාවක්. දැඩි ආර්ථික අර්බුදයක් සමඟ රට යන විදිය ගැන ඔබේ අදහස ?

අමාරු තත්වයක්. නිදහස ලැබූ දා සිට නිකං කන්න ගිහින් තමයි මේ අමාරුවේ වැටුණේ. එය විඳින්න ගත්තම තමයි එහි උග්‍ර බව දැනෙන්නේ. මම හිතන්නේ මේක එවන් කාලයක්. අද දේශපාලඥ්යන්ට බයිනවා. ප්‍රශ්නේ 225න් ඉවර වෙන්නේ නැහැ. රජයේ නිලධාරීන්ගේ වැරදි ක්‍රියාත් මේකට ප්‍රධාන හේතුවක්.

ඇයි එහෙම කියන්නේ ?

හැම අමාත්‍යංශයකම  ප්‍රධාන නිලධාරී ඇමති නෙමෙයි එතන ඉන්න රජයේ ප්‍රධාන නිලධාරියා. ඒවගේම දෙගොල්ලෝ  හවුල්වෙලත් සිදුවිය හැකියි. දැන් මිනිස්සු ලෙස සියලු දෙනා කොහෙද ප්‍රශ්නේ තියෙන්න කියන එක පසුවිපරම් කර බැලිය යුතුයි.

ලොකුම ප්‍රශ්නේ රාජ්‍ය නිලධාරී නම් ඔවුන්ව සහ රාජ්‍ය ආයතන  යාන්ත්‍රණය සැකසිය හැක්කේ කෙසේද ?

ටෙන්ඩර් ක්‍රියා පටිපාටියේ සිට සිදුවන දේවල් නතර කර ගත යුතුයි. දේශපාලඥයන් රජයේ නිලධාරීන් දෙදෙනාගෙම වැරදි තියෙනවා. නමුත් සියයට 90ක් රජයේ නිලධාරීන් තමයි ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. වානිජකරණය කළ යුතුයි.

තරුණ අරගලයක් ක්‍රියාත්මක වෙමින් සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව පැවසුවා. මේ ගැන ඔබේ අදහස ?

මේ ප්‍රශ්න නිදහස ලැබුන දා සිට තිබුණා. නිකන් ලැබුණාම මෙහෙම ප්‍රශ්න වෙනවා. නිකං ලැබෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ එදා ඇහුවේ නැති නිසා අද පිපිරිලා. නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. මෙහෙ විශ්ව විද්‍යාලය වල අවුරුදු ගණන් ඉන්න අය ඉන්නවා. මෙහෙ බෝර්ඩ් ලෑලි අල්ලලා රට යනවා. රට ගිහිං බෝර්ඩ් ලෑලි අල්ලන්නේ නැහැනේ. රටට තියෙන ආදරේ මෙහෙ නැති එක පිට රට ගිහිං වෙනවා ද ? ඇයි රැග් කරන්න ඉඩ දෙන්නේ. වැරදියට වටහා ගන්න එපා. වැඩ කරන කෙනාට ගහලා නැති කරනවා. ප්‍රශ්න වලට උත්තර දෙනකොට හොරෙක් වංචනිකයෙක් කියනවා. වංචා කරන කරන අය ඒවා දිගටම කරගෙන යනවා. මේක තමයි තත්වේ

ළඟම ඉන්න අය නෙමෙයි ද මෙහෙම ගැහුවේ ?

ඔව් ඒක ඉතින් ලංකාවේ සිරිතක්.

අයවැය IMF එකට අනුකූලව සැකසිලා කියලා විවේචනයක් තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකද්ද ?

අපි 2015 මේවට උත්තර දුන්නා යම් ක්‍රියාවලියක් ඒවා නැත්තට නැති කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ විශ්වාසය දිනා ගැනීම අවශ්‍යයි. නමුත් එයාලට ඕන දේවල් නෙමෙයි මේකෙන් කර ගන්න ඕන ඒවා අපි දැන ගන්න ඕන. බදු ගෙවීම් වැඩියි. ණය ගන්න ඕන ගෙවන්න බැරි ප්‍රමාණයෙන් ගැනීම වැරදියි.

කඩ වැටුණු ආර්ථිකේ නිසා ජනතාවට පටිතද කර ගන්න වෙලා. ජනතාවටත් සහනත් දීලා ආර්ථිකයත් ගොඩනැගිය හැකි ක්‍රම වේදයක් නැත්ද ?

මේ රටේ හැමදේම සහනාධාර වලට ගැනීම සිමා කළ යුතුයි. ආර්ථිකේ ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කල හැකියි.

ඒවගේම බොරු ෂෝ වැඩියි. මේවා නතර කළා නම් රට දියුණු වෙනවා.

මන්දපෝෂණය තත්වයට විසඳුමක් තියෙනවා ද ?

මේක නිදහසේ සිට තිබෙන ප්‍රශ්නයක්. සමෘද්ධි වගේ දේවල් හරියට දියත් කළා නම් මේ දේවල් වෙනවා ද ? අවශ්‍ය කෙනාට නෙමෙයි මේ දේවල් ලැබෙන්නේ. ආර්ථිකේ ඩිජිටල් කළා නම් මේ දේවල් නතර වෙනවා. දුප්පත්කම ඇති කරන්නේ දේශපාලන අරමුණින්. ප්‍රශ්න නිවැරදි කරලා උත්තර හොයලා නැවත රට පුනර්ජීවනය කළ යුතු වෙලාවක් මේක. කරන්න බැරි නෙමෙයි කරන්න වුවමනාවක් නැහැ. මිනිස්සු විතරක් නෙමෙයි හැමකෙනාම කැප විය යුතුයි. අපි මේවා එදා කිවුවා. 2015 අපි හැදුවා නමුත් එකතු වෙලා අපිට ගැහුවේ. දෙවියෝ උඩ ඉන්නවා. මේවා පේනවා. 

කොහෙන්ද හදන්නේ කියන තැනේදී, ඇයි ඔබ එකතු නොවෙන්නේ ?

අපිට නිවාඩුවක් ගන්න තිබ්බා. එය වැරදි මත නිවැරදි කරන්න අවස්ථාවක්. දැන් තේරෙනවා ඇති.

වත්මන් ජනාධිපති සමඟ ඔබ තවම සමීපව කටයුතු කරනවා නේ ?

මගේ පක්ෂයේ නායකතුමා. මෙතුමාට මේ තමයි මේ අවස්ථාවේ රට ඉදිරියට ගෙන යා හැකි එකම පුද්ගලයා. අපිටත් ප්‍රශ්න ඇති කරලා තියෙනවා. අපි කවුරුත් අංගසම්පුර්ණ නැහැ. පක්ෂ තුල යම් ගට්ඨන ඇති කරලා ප්‍රශ්න වුණා. ඒවාත් නිවැරදි කරලා, පක්ෂේට ආදරය කරන තත්වෙකට පක්ෂේ ගෙන යා යුතුයි.

එජාපය සහ පොදුජන එක්ව වැඩ කිරීම ගැන එජාපයේ පාක්‍ෂිකයන් විවේචනයට ලක් කරනවා?

මම හිතන්නේ මේක පාට කරන්න අවශ්‍ය නැහැ. මේ රට වැටිලා තියෙන වලෙන් ගොඩ එන්න හැමෝගෙම අදහස් යොමු කිරීම වැදගත්. හැමෝගෙම විශ්වාසය මත රට වෙනුවෙන් හැමෝම එකතු කිරීම වැදගත්. නමුත් කුහකකම් නිසා එවැනි තත්වයන් ඇති වෙන්නේ නැහැ.

ඒ කියන්නේ කුහකකම් එජාපය තුල ද ?

එජාපය තුලත් තියෙනවා. අනෙක් තැන වලත් තියෙනවා. මේක නැති කරනකල් අපේ රට හදන්න බැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ව්‍යවස්ථාව වෙනස් කිරීම කළ යුතුයි. මේ වගේ බොහෝ දේ තියෙනවා. ඉන්දියාව චීනය හැප්පීම කළ නොකලය යුතුයි. කරන්න පුළුවන් දේවල් නොකළ අනවශ්‍ය දේවල් වලට ඇගිලි ගහනවා.

ඔබට එජාපයේ ඉහළ තනතුරක් ලැබෙන බවට වාර්තා පල වෙනවා ?

එහි සත්‍යතාවයක් නැහැ. කණ්ඩායමේ අය තනතුරු දරමින් සිටිනවා. ඒකරාශිව කණ්ඩායමක් ඇති කළ යුතුයි. හැමදෙනාගෙම හිත් දිනාගෙන ජනතාවගේ විශ්වාසයක් ඇති කළ යුතු අවස්ථාවක් මේක. යම් පෙරළියක් ඇති කරන්න අපේ මුළු ශක්තියම ලබා දී එජාපය රකින්න අවශ්‍යයි. ඊට මට දශමෙකින් හෝ උදව් කළ හැකි නම් මම කැමැත්තෙන්ම එය කරනවා. ඒ වගේම හැකියාවත් තියෙනවා. නමුත් අපිටත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඊර්ශියා රෝගයෙන් පෙළෙන අය ඉන්නවා. මම මේකෙන් ජිවත් වෙන්නේ නැහැ. මේ සියල්ල මම දේශපාලනය එන්න ප්‍රථම ගත්ත දේවල්.

නත්තල වගේම නව වසරත් එළෙඹෙනවා, ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද ?

අවුරුදු 74ක් නිදහස ලැබුණට, අපිට ආර්ථික නිදහසක් ලැබී නැහැ. තරුණයෝ මුල් කරගෙන අපි සියලු දෙනාම ඒකරාශී වෙමු. වයෝවෘද්ධ අයටත් සතුටින් ජිවත් විය හැකි මාර්ගයක් ඇති කරමු. ආර්ථිකේ යම් අය වැට්ටුවට  අපිට ලෝකය තරණය කළ හැකි අවස්ථා තියෙනවා. "හැමදේම නිකන් ලැබෙන්නේ නැහැ" කියන සංකල්පයෙන් අපි හැමදෙනාම මහන්සියෙන්

ඉදිරියට යන්න පුළුවන් ගමනක් ආරම්භ කරමු. කුහකකම් දුරුලා නව වසර අපි අලුත් ගමනක් යන්න ආරම්භයක් ඇති ගන්න අත්වැල් බැද ගමු.

 



අදහස් (16)

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි

Nathalie Tuesday, 29 November 2022 06:04 PM

මෙයා නේද කාලෙකට කලින් මුදල් ඇමතිකමේ හිටියෙ ? අර කතන්දරයක් ගියේ මෙයා ලොකු ගෙවල් අරන්, ගත්ත බවත් අමතක වෙලා.අර අර්ජුන් මහේන්ද්‍ර සමග රනිල් ජනාධිපති ඇතුලු????? අනේඑ මන්දා

:       3       30

විජේ Wednesday, 30 November 2022 04:39 PM

ඔයාලා වගේ අවස්ථාවාදී කම්බ හොරු බලයට එන එක නවත්තන්න ඕනෙ ඊට කලින්...

:       3       30

NAK Friday, 02 December 2022 07:35 AM

කැල‍ේ ගසක් නසන්න කැල‍ේ ගසක්ම උපය‍ෝගි වනෙව වග‍ේ හ‍ොරු ගැන කියන්නත් හ‍ොර‍‍‍ෙ ක් ඕන.

:       2       26

mpTuesday, 20 December 2022 04:31 PM

ඇත්තමයි, හොරු ගැන කතාකරන්න මීට වඩා හොරෙක් මොකටද?

:       0       18

Bamunuaracchi Friday, 02 December 2022 08:26 AM

රටේ ජනතාවට කියන්න වෙන්නේ ලෝක හොරුන්ට නං රැවටෙන්න එපා කියලා තමයි.ගජමිතුරන්ගේ කල්ලියේ හොඳ සාමාජිකයෙක් තමයි මෙයා.

:       3       23

Sunil Sunday, 04 December 2022 02:38 PM

තම නායකයා හා එක්වී, මහදවල් මහබැංකුව කොල්ලකෑම නම් බොරු ෂෝ නෙවෙයි..

:       1       25

Dilrukshan Saturday, 10 December 2022 11:44 AM

රජයේ ගුදම් නෝනාගේ නමට හරවා ගත්තා, ඇතුලත්මුදලිට කරපු දේ දේශපාලනයේ ඉන්න අය කාපු බීපු වෙලාවට ලස්සනයට කියනවා... බොරු කියන්න එපා.

:       2       20

chandana Tuesday, 13 December 2022 09:08 AM

හැබැයි මෙයා මුදල් ඇමති කාලෙ එක දිගට, එකම තත්වගෙ බඩු මිල තියා ගත්ත, හැම දේස පාලුවෙක්ම වාසියට , හැබැයි මෙයා සුපිරි ඔලුවක්.

:       16       5

Jagath Sunday, 25 December 2022 12:29 PM

බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ කාලකන්නින්ව බලයට පත් කරගන්න එපා.

:       1       16

Nimal Saturday, 07 January 2023 03:20 PM

ඇයි මේ අයත් එක්ක සාකච්ඡා කරන්නේ...? 

:       0       11

විජේ Saturday, 07 January 2023 04:32 PM

'සතොස කාපු මීයා' සහ 'මහබැංකු හොරා' යන විරුදාවලි ලත් දේශපාලුවා කව්ද?

:       1       11

Perera Monday, 09 January 2023 08:01 AM

අශාන්ති වර්ණසූරිය හොරාගෙ අම්මගෙන් පේන අහන්න ගිහින්.

:       1       8

චතුරි Wednesday, 18 January 2023 06:05 PM

ඩිජිටල් කරන්න ඕනෑ ඔබලාගේ මොලේ. හොරාකන්න හදන ප්ලෑන් එළිවෙන විදියට. ඇමැති පට්ටම් දැරුවාට හරක්... මොවුන්ගෙන් හැම පදනමක්ම තාවකාලිකයි. මේ පුංචි රට කෝටි දෙකක් වගේ ජනතාව ඉන්නේ. මොවුන්ට ඒක පාලනය කර ගන්නත් බැහැ. 259 මීහරක් රෑනක් ඉඳලත්. දැන් වැඩිම ජනගහණය ඉන්නේ ඉන්දියාවේ. කොහොමද දියුණු වෙන ලස්සන..? මොවුන්ට ජනාධිපතිලා 2 ක් ඕනෑ කියයි. මඩිය තදකර ගන්න. සක්කිලිම ආණ්ඩුවක් කරන්නේ අපේ රටේ විතරයි. මොලේත් නැහැ සාමාන්‍ය දැනුමත් නැහැ. හොරා කන්න රුසියා... ඒ මොන මොලෙන්ද දන්නේ නැහැ... මේ රට වැටෙන්න ප්‍රධාන හේතුව රටේ ජනතාව... මොලේ කියන දේ ඇත්තටම නැහැ. උපන් විදියටම තවම තියෙන්නේ. මීහරක්ට අන් දෙන්නේ ජනතාව. උගත් පරපුර ඉද්දි මිහරක් පත්කර ගන්නවා.

:       0       6

LGPJ Friday, 27 January 2023 06:29 AM

නැහැ කවදාවත්ම නැහැ...!

:       0       4

LGPJ Friday, 27 January 2023 01:58 PM

තවත් ඩිජිටල් මේනියාවක් පමණි....

:       0       3

kamal Wednesday, 15 February 2023 02:53 PM

අර්තිකෙ ඩිජිටල් කරනවට වඩා ලේසි නැද්ද, ආර්තිකේට වගිකියන එවුන්ව අංසභාග කරානම්?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 16 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1154 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 884 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2298 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2149 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3677 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site