IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පක්ෂ 4කට තහංචි


පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි නැවතත් රටේ කතාබහක් ඇතිවී තිබේ. ආණ්ඩුවේ වැඩි පිරිසකගේ අදහස් වූයේ පළාත් සභා ක්‍රමය රටට අනවශ්‍ය එකක් හෙයින් එය අහෝසි කිරීමටය. එහෙත් ආණ්ඩුවේ කොටසක් පළාත්සභා අවශ්‍ය බවට විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කළහ. ඒ අනුව ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පළාත්සභා ඡන්දය පැවැත්වීමට තීන්දු කළහ. එම තීන්දුවෙන් පසුව නැවතත් අවුල් වියවුල් තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ආණ්ඩුව අදහස්කරන මැතිවරණ ක්‍රමයට ඇතැම් පක්ෂ එකඟ නොවීම හේතුකොට ගෙනය.

යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සම්මත කළ පළාත් සභා ඡන්ද ක්‍රමයට අනුව පනහට පනහ ආකාරයෙන් නියෝජිතයන් තෝරා ගැනීමට තීන්දුකර තිබිණ. කොට්ඨාස ක්‍රමයෙන් සියයට 50ක් ද සමානුපාතික ක්‍රමයෙන් සියයට 50 ක්ද ආදී වශයෙන් පළාත්සභාවලට නියෝජිතයන් පත්කර ගැනීම යහපාලන ආණ්ඩුවේ අදහස වී තිබුණේය. එහෙත් වර්තමාන ආණ්ඩුව ඊට විරෝධය පළකරයි. කොට්ඨාස ක්‍රමයෙන් සියයට 70ක් ද සමානුපාතික ක්‍රමයට සියයට 30ක් ද ආදී වශයෙන් නියෝජිතයන් පත්කර ගැනීමටත් ඒ සඳහා නව පනත් කෙටුම්පතක් සම්මතකර ගැනීමටත් ආණ්ඩුව අදහස්කර ගෙන තිබේ. සුළු දේශපාලන පක්ෂ ආණ්ඩුවේ අදහසට යම් යම් විරෝධතා දක්වන බවක් ද පෙනේ.

මෙතෙක් තිබුණේ ජයග්‍රහණය කරන පක්ෂයට බෝනස් මන්ත්‍රීධුර දෙකක් ලබාදීමයි. එහෙත් ආණ්ඩුවේ අලුත් යෝජනාව ජයග්‍රහණය කරන පක්ෂයට බෝනස් ආසන දිස්ත්‍රික් ක්‍රමයට ලබාදීමටය. එක් දිස්ත්‍රික්කයකට බෝනස් ආසන දෙක බැගින් ලබාදීම ආණ්ඩුවේ යෝජනාවය. බස්නාහිර පළාත් සභාව ජයග්‍රහණය කරන දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට බෝනස් ආසන හයක් හිමිවේ. කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනට මන්ත්‍රීධුර දෙක බැගින් එම මන්ත්‍රීධුර හය හිමි වේ. මීට අමතරව ආණ්ඩුව යෝජනා කරන්නේ එක් කොට්ඨාසයකට එක් දේශපාලන පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමටය. අපේක්ෂත්වය ඉල්ලා බොහෝ පිරිස් පොරකන ප්‍රශ්නයටත් ඒක විසඳුමක්. එක් දේශපාලන පක්ෂයකින් හෝ කණ්ඩායමකින් හෝ අපේක්ෂකයන් තිදෙනෙකු බැගින් තරග කළ පසුව වැඩිම මනාප ගණන අපේක්ෂකයාට ආසනය හිමිවෙන ක්‍රමයක් තමයි ඒක’ යැයි ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් පැහැදිලි කරන්නේය. කෙසේ වෙතත් නව ක්‍රමය ඇතැම් පිරිස් අපේක්ෂා කළ නිර්ණායක කණපිට හැරවීමක් ලෙස හුවා දක්වති.

‘පොලිතින් ඉටිකොළ භාවිතය නැතිකිරීම, අනවශ්‍ය තරගය ඉවත් කිරීම, එකම දේශපාලන පක්ෂයේ අපේක්ෂකයන් ගහමරා ගැනීම නතර කිරීමට තමයි නව මැතිවරණ ක්‍රමය සකස්විය යුත්තේ. එහෙත් නව ක්‍රමයෙන් තරගය, අල්ලස. තෑගිබෝග ලබාදීම තවත් වැඩිවෙනවා’ යැයි ද ඊට විරෝධය දක්වන පිරිස පැහැදිලි කරති.

පළාත් සභා මැතිවරණය ගැන කතාබහ එලෙස පැතිර යද්දී මැතිවරණ කොමිෂන් සභාව ද වැඩ ආරම්භ කර තිබේ.

‘ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම ඉලක්ක කොටගෙන අපි පොලිස් නිලධාරීන් පුහුණු කරන්න වැඩසටහනක් ආරම්භ කරනවා. පොලිස් නිලධාරීන්ට අමතරව රාජ්‍ය නිලධාරීන්, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් ද පුහුණු කිරීමට අපේක්ෂා කරනවා. සියලු වැඩසටහන් මේ මාසෙ අවසන් සතියේ සිට ආරම්භ කරනවා. ඒ සඳහා දැනටමත් වැඩපිළිවෙළ සකස්කර අවසන්. මැතිවරණ රාජකාරියේ නිරතවන පොලිස් නිලධාරීන්ට විශේෂ පුහුණුවක් අවශ්‍යයි. මැතිවරණ කොමිසම පොලිස් නිල ධාරීන් පුහුණුකර නැහැ. ඒක අවශ්‍යයි. මැතිවරණ නීතිය ගැන ඡන්ද අපේක්ෂකයන්ගේ ක්‍රියාකලාපය ආදිය ගැන හොඳ දනුමක් පොලිස් නිලධාරීන්ට  අවශ්‍යයි. ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව වැඩසටහනක් සකස්කර තිබෙනවා’ යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

 පිළිගත් දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවට ගිණුම් වාර්තා ලබාදීම අනිවාර්ය කර තිබේ. එහෙත් පිළිගත් දේශපාලන පක්ෂ 4ක් එම වගකීම පැහැර හැර ඇතැයි වාර්තාවේ. මැතිවරණ කොමිසම එම දේශපාලන පක්ෂවලට අවවාද කර ඇත්තේ මේ මස 22 වැනි දිනට පෙර ගිණුම් වාර්තා ලබාදිය යුතු බවටය. එලෙස ගිණුම් වාර්තා ලබා නොදෙන පක්ෂවල ලියාපදිංචිය තහනම් කරන බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ.

 මීට අමතරව පිළිගත් දේශපාලන පක්ෂවල ව්‍යවස්ථා, නිල නාම පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට මැතිවරණ කොමිසම කමිටුවක් පත්කර තිබේ. එම පක්ෂවල නිලනාම, ව්‍යවස්ථාවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කරුණු ඇතුළත් වී තිබේ ද ඒවායේ ආගමික හෝ වාර්ගික වශයෙන් කරුණු සඳහන්ව තිබේද යන්න සොයාබලා වාර්තා කිරීම එම කමිටුවට පවරා තිබේ.

කමිටුව පස්දෙනෙකුගෙන් සමන්විත අතර ඔවුන්ගේ කාර්යයන් අධීක්ෂණය කිරීමට කොමිෂන් සභාවේ සාමාජිකයකු සහ මැතිවරණ කොමසාරිස් ජනරාල් සහ කොමිසමේ ලේකම්වරයා ද පත්කර තිබේ.

 වන විනාශයක් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාර සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ද අවධානය යොමුකර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඉකුත් ඉරිද‌ා පස්වරුවේ සිංහරාජ වනාන්තරයට ගියේය. වජිර අබේවර්ධන මොරවක, දෙනියාය ආදී ප්‍රදේශවල ද සංචාරය කළේය. එහිදී පැතිර යන කතා පිළිබඳව සභාපතිවරයා රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා කළේය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජනබලවේගයේ මහජන නියෝජිතයන් පිරිසක් ඉකුත් සඳුද‌ා මුණගැසී සාකච්ඡාවක නිරත වූහ. එහිදී පක්ෂ දෙකේ ඉදිරි වැඩසටහන් හා දෙපිරිසම එක්ව කටයුතු කිරීම පිළිබඳව ද යම් අදහස් හුවමාරුවක් සිදුවී තිබිණ. මේ අතර පක්ෂයේ ඉදිරි වැඩසටහන් කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට එජාප නායකයෝ ඉකුත් අඟහරුවාද‌ා සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වූහ. එම සාකච්ඡාවට රුවන්, වජිර, අකිල, දයා පැල්පොල ආදී පිරිසක් එක්ව සිටියහ. කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මැයි දිනය සැමරීමට තිබෙන බාධා පිළිබඳව ද මැයි දිනය කුමනාකාරයෙන් සැමැරිය යුතු ද යන්න පිළිබඳව ද එජාප නායකයෝ අදහස් හුවමාරු කරගත්හ. මැයි දිනය චාම් අයුරින් පැවැත්වීමට ද මැයි දිනය යොවුන්  මැයි දිනයක් ලෙස සැමරීමට ද එහිදී යෝජනා විය.

ආණ්ඩුවට විපක්ෂය එල්ලකරන චෝදනාවලට දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පිළිතුරු දීමට පටන්ගෙන තිබේ. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය යනු එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගිය පිරිසකි. ඔවුන් තවත් දේශපාලන පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වන අතර එහි නායක සුගත් හේවාපතිරණ සඳහන් කරන්නේ සජිත් ප්‍රේමද‌ාසට තම පක්ෂය අභියෝග කරන බවය. විපක්ෂනායකවරයා ලෙස අදහස් ප්‍රකාශ කිරීමටත් ජනතාව දැනුවත් කිරීමටත් ඔහුට අයිතියක් තිබෙන බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායකයා සඳහන් කරන්නේය.

 ‘විපක්ෂය ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා ප්‍රාර්ථනයක් තිබෙන්නට පුළුවන්. එය සිදුකළ යුත්තේ ශිෂ්ට සම්පන්න සහ සද‌ාචාරාත්මක ක්‍රමවේදයකටයි. ආණ්ඩුවට තවම මාස හතයි. ජනාධිපතිවරයාට මේ රටේ ජනතාව වසර පහක කාලයක් ලබා දී තිබෙනවා. කොවිඩ් වසංගතය ජයගන්න ආණ්ඩුව ලොකු උත්සාහයක් ගන්නවා. රජයේ උත්සාහයට අකුල් හෙලීම බොළඳ දේශපාලනඥයන්ගේ වැඩක්. රාජ්‍යතාන්ත්‍රික හැසිරීමකින් යුත් විපක්ෂනායකයකුට ඒ ක්‍රමය ගැළපෙන්නේ නැහැ’ යැයි ද සුගත් හේවාපතිරණ කියන්නේය.

 ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තහවුරු කරමින් චීනය ශ්‍රී ලංකාවට එරට නිෂ්පාදිත එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉකුත් බද‌ාද‌ා ලබා දුන්නේය. එන්නත් තොගය භාර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන්තොටුපළට ගොස් සිටියේය. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා නිල වශයෙන් ජනාධිපතිවරයාට එන්නත් තොගය බාරදුන්නේය. ‘දෙරට අතර තිබෙන ගැඹුරු සහෝදරත්වය විදහා දැක්වීමට මෙම පරිත්‍යාගය ඉවහල් වෙනවා’. ජනාධිපති ෂී ජින් පිං හා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතර ඉකුත් සඳුද‌ා ඉතා වැදගත් දුරකතන සංවාදයක් සිදුවුණා. ‘චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සලකන සහ සහය වන සුහද අසල්වැසියන්, හොඳ මිතුරන්, අන්‍යොන්‍ය ගරුත්වය රකින හවුල්කරුවන්’ යැයි චීන තානාපතිවරයා එහිදී කීවේය. මේ අතර චීන ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ප්‍රකාශකර ඇත්තේ චීනයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසය. ජනාධිපතිවරයා එම ආරාධනාව පිළිගෙන තිබුණේය.

ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ශ්‍රී ලංකාවට එල්ලවන චෝදනා හා ශ්‍රී ලංකාව ඊට ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් දේශපාලන කරළියේ දැඩි කතාබහක් ඇතිවී තිබේ. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ජිනීවා ගැටලුව එකිනෙකාට වාසිවන අයුරින් කළමනාකරණය කිරීමටත් විග්‍රහ කිරීමටත් පටන්ගෙන තිබේ. ජිනීවා ප්‍රශ්නය විග්‍රහ කරන ආණ්ඩුවේ දේශපාලනඥයෝ හිටපු විදේශ ඇමැති මංගල සමරවීරට දොස් තබන්නට පටන් ගෙන සිටිති. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට  සම අනුග්‍රාහකත්වය ලබාදීම මංගල සමරවීරගේ ගැටයක් බවත් ඉන් රට පාවාදුන් බවත් ආණ්ඩුවේ දේශපාලනඥයෝ කියති. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කර තිබුණේ තමන් එම යෝජනාව සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටි බවය. එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට මංගල සමරවීර ඉකුත් බද‌ාද‌ා පිළිතුරක් ලබාදුන්නේය. ‘ජිනීවා 30.1 යෝජනාව පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම දැනුවත්ව සිටියා. 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී මම ජිනීවාවල හිටියා. ජනාධිපති සිරිසේනත් හිටියා. කොළඹ අරලියගහ මන්දිරයෙන් සකස්කළ යෝජනාවේ හැම වගන්තියක් පිළිබඳවම මම ජනාධිපති සිරිසේන දැනුවත් කළා’ යැයි මංගල සමරවීර කීවේය.

 මේ අතර හිටපු ජනාධිපතිවරයා ඉකුත්ද‌ා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති යෝධයා යළි නැගිට්ටවීමට තමන් කටයුතු කරන බවය. පක්ෂය යළි ගොඩනැගීම සඳහා ශ්‍රීලනිපය අලුත් වැඩසටහනක් ආරම්භ කර තිබේ. හිටපු ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප නායකයෝ ඉකුත්ද‌ා මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ. එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ආණ්ඩුවේ සිටින අතරේම ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරන බවය.

(*** කස්තුරි)
 



අදහස් (1)

පක්ෂ 4කට තහංචි

yasantha Saturday, 03 April 2021 09:27 PM

මේ පද්ධතිය අවලංගු කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

කරළියේ පෙරළි

නිමක් නැති ඩොලර් අර්බුදය
2022 ජනවාරි මස 22 4306 3

ඩොලර් අර්බුදය එන්න එන්නම දරුණු අතර හැරෙමින් පවතියි. ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය පහත යමින් තිබෙන බවය. සංචිතය ස


රට ගොඩගන්න අයි.එම්.එෆ් යන්න බලපෑම්
2021 දෙසැම්බර් මස 17 2840 6

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට හෙවත් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා පියවර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා විසින් ඉ


අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය
2021 නොවැම්බර් මස 26 2994 0

මාතලේ දිස්ත්‍රික් ස.ජ.බ. පක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී බඩුමිල සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.


බඩු මිලට ජනතාව ඇවිස්සෙයි
2021 ඔක්තෝබර් මස 15 3151 4

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‍ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත්විය. සහල්, සීනි, ගෑස් සහ සි


ගුරු වැටුප් සටන දුර දිග යයිද?
2021 ඔක්තෝබර් මස 08 4091 4

නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ගණනාවක් මේ වන


සීමා පිට ඇරෙන රට
2021 ඔක්තෝබර් මස 01 3017 1

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දොස් අසන්නට සිදු වූයේය. සහල්, කිරිපිටි, ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site