IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුරු වැටුප් සටන දුර දිග යයිද?

නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ගණනාවක් මේ වන විටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා ප්‍රවේශ වෙමින් සිටී. මීට අමතරව ගුරු හා විදුහල්පතිවරුන්ගේ වර්ජනයට ද දින 83ක් ගත වී තිබේ. විවිධ කේෂ්ත්‍රවල වෘත්තීය සමිති ද මේ වන විට ගුරුවරුන්ගේ සහායට එක්වීමට සාකච්ඡා පවත්වන බවක් වාර්තා වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ ගුරුවරුන්ට පමණක් වැටුප් වැඩි කිරීම බරපතළ තත්ත්වයක් බවය. ගුරුවරුන්ට පමණක් වැටුප් වැඩිකිරීමෙන් තිරස් හා සිරස් කේෂ්ත්‍ර ගණනාවකට බලපෑම් එල්ල විය හැකි බවය. මේ අතර වැටුප් ප්‍රශ්නය මුල්කරගෙන ඉදිරියේ දී කේෂ්ත්‍ර ගණනාවක වෘත්තීය සමිති විවිධ ක්‍රියාමාර්ග ගනු ඇති බව ද එය 2003 වසරේ ඇති වූ වර්ජන රැල්ලට සමාන එකක් විය හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවමින් ප්‍රකාශ නිකුත් කර තිබේ. මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ප්‍රශ්නය මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අන්තර් විශ්වවිද්‍යාල  ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් වෘත්තීය සමිති 80 කට වැඩි සංඛ්‍යාවක් ඒකාබද්ධ වී තිබේ. ‘‘අධ්‍යාපනය මිල්ටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය’’ නමින් එම වෘත්තීය සමිති ඒකාබද්ධ  වී තිබේ. දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ ගුරු වැටුප් කොතලාවල විශ්වවිද්‍යාලය සහ රාජ්‍ය සම්පත් විකිණීම යන මාතෘකා ඉදිරියේ දී කොළඹ නගරයේ සටන් පාඨ බවට පරිවර්තනය විය හැකි බවය.

ආණ්ඩුව විවිධ ක්‍රියා මාර්ග ඔස්සේ ප්‍රශ්න වැඩිකර ගනිමින් සිටින බව ද ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වන බව ද දේශපාලන විචාරකයෝ පවසති.

මේ අතර ගුරුවරුන්ගේ සහායට විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව බදාදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීය. කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවති එම සමුළුවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එම සර්ව පාක්ෂික සමුළුවේදී තීරණය කර ඇත්තේ ගුරුවරුන්ගේ සටනට සහාය පළකිරීමටය. අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් මෙන්ම හිටපු ජනාධිපතිවරයාත් විපක්ෂනායකවරයාත් අනෙකුත් දේශපාලන පක්ෂවල නියෝජිතයනුත් ගුරුවරුන්ගේ සටනට සහාය පළකළ අතර ආණ්ඩුව ගුරු ගැටලුවට විසඳුම් ලබාදිය යුතු බවටත් ඔවුහු කරුණු දැක්වූහ.

මේ අතර පැන්ඩෝරා පත්‍රිකාවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළවී ඇති කරුණු පිළිබඳව මසක් ඇතුළත පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ උපදෙස් දුන්නේය. හිටපු නියෝජ්‍ය ඇමතිවරියක වන නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන කෝටිපති ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් පැන්ඩෝරා පත්‍රිකාවල කරුණු හෙළි කර තිබුණේය. ඔවුන්ගේ කෝටි ගණන් වත්කම් පිළිබඳව එහි සඳහන් විය. නිරූපමා රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් වී මාස ගණනාවකට පසුව විදේශයන්හි මුදල් තැන්පත්කර ඇති බවට ද එම වාර්තාවල සඳහන් වූ අතර ඉකුත් සතියේ දේශපාලන වේදිකාවේ බොහෝ උණුසුම් පුවත් මවන්නට එම සිදුවීම හේතු වූයේය. දේශපාලනඥයන් විවිධ අදහස් උදහස් පළකරමින් කරුණු කී අතර ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ දේශපාලනඥයන්ට ද ඇඟිල්ල දිගු කරමින් කතා කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට නියෝග කර තිබුණේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසය.

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රීංග්ලා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ප්‍රථම නිල සංචාරය ද එය වූ අතර හෙතෙම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් යන ආණ්ඩුවේ ප්‍රබලයන් සමඟ බොහෝ කරුණු කාරණා සාකච්ඡා කළ බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය. ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ගුවන් සහ මුහුදු මාර්ගයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව ද ඉහළ නැංවීමට වන යෝජනා ඇතුළු දෙරටටම වාසිදායි ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම පිළිබඳව අදහස් හුවමාරු කරගත් බව ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ බලය බෙදාහැරීම පළාත් සභා මැතිවරණයට ඉතා ඉක්මනින් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ කරුණු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ ලේකම්වරයා අදහස් හුවමාරුකර ගත් බවය. එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා ආණ්ඩුවට දන්වා ඇත්තේ 13 වැනි සංශෝධනයේ ඇතුළත් කරුණු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනු දැකීම ඉන්දියාවේ අපේක්ෂාව බවයි.

සමගි ජනබලවේගය පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හටගෙන ඇතැයි ද ඒ නිසාම පක්ෂය කෑලි පහකට කැඩී ඇතැයි ද ඉකුත් දා වාර්තා පළවිය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට හිතවත් පිරිසක් වෙනම කටයුතු කරන බවත් චම්පික රණවකට හිතවත් පිරිසක් වෙනම වැඩ  කරන බවටත් තොරතුරු වාර්තා විය.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඒ පිළිබඳව පළමු වෙඩිමුරය තැබීය. ඔහු පක්ෂයේ නායකයා ගැන අදහස් කීවේය. මේ පිළිබඳව ආණ්ඩුවේ ඇමැතිවරු ද වැඩි අවධානයකින් පසුවූහ. ‘‘අපට ආරංචි හැටියට සජිත් ප්‍රේමදාස තනි මතයට වැඩ කරනවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් සලකන්නේ නැහැ. චම්පික රණවක 43 වැනි සේනාංකය එක්ක වැඩ කරනවා. දෙමළ හා මුස්ලිම් පක්ෂත් වෙනම වෙනම තමයි වැඩ කරන්නේ. පක්ෂයේ දේශපාලන මණ්ඩලය කළමනාකරණ කමිටුව ගන්න තීන්දු තීරණ ඇතැම් පිරිස් ක්‍රියාත්මක කරන්නේ නැහැ’’ යැයි ඔහු කීවේය.

මේ පිළිබඳව සමගි ජනබලවේගයේ තවත් මන්ත්‍රීවරයෙක් ද අදහස් පළ කළේය.
‘‘සමගි ජනබලවේගයේ පක්ෂයට එක් නායකයෙක් නොවෙයි නායකත්ව මණ්ඩලයක් අවශ්‍ය බවට අපි තීන්දුවක් ගත්තා. එවිට පක්ෂයක් ලෙස වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න පුළුවන්. සමගි ජනබලවේගයට අලුත් ව්‍යවස්ථාවක් පවා සකස් කරලා තිබෙනවා’’ ඔහු කීවේය. මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ සමගි ජනබලවේගයේ කිසිදු බෙදීමක් නැති බවය. සමගි ජන බලවේගය අතර මතවාද අදහස් තිබෙනවා. ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්න විසඳගන්නවා. ‘‘සමගි ජනබලවේගය අඛණ්ඩව ඉදිරියට යනවා. අපේ පක්ෂයේ බෙදීමක් නැතැයි’’ ද කිරිඇල්ල මන්ත්‍රීවරයා කියන්නේය.

කුරුණෑගල රෝහලට වෛද්‍ය උපකරන තොගයක් පිරිනැමීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතාපැතිර ගියේය. රෝහිත රාජපක්ෂ  දේශපාලනයට එන්න උත්සාහ ගන්නා බවට විවිධ පාර්ශ්ව අදහස් දක්වා තිබුණේය. මේ පිළිබඳව රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණේ ‘‘ලෝක වසංගත තත්ත්වයක් වන කොවිඩ් 19 ආසාදිතව පීඩා විඳින රෝගීන් සුවපත් කිරීම සඳහා කුරුණෑගල රෝහලේ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බව සැලවීමත් සමඟ මම රෝහල් අධ්‍යක්ෂවරයාට කතා කළා. අනතුරුව රෝහල් අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම පරිදි මිලියන 10 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් පොල්පිතිගම කුමාරරත්න මහතාගේ සහයෝගය සහිතව පිරිනැමූවා යනුවෙන් ඔහු සැප්තැම්බර් මස 23 වැනි දින ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණේය. කෙසේ වෙතත් පැතිර යන කතා ප්‍රතික්ෂේප කරමින් රෝහිත රාජපක්ෂ සඳහන් කර ඇත්තේ තමාට දේශපාලනයට ඒමේ අදහසක් නැති බවය.
නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය අලුත් වැඩ සටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ‘‘වෙනසකට මගක්’ නමින් වන එම වැඩ සටහන යටතේ කාන්තාවන් සිය දෙනකු දේශපාලනයට යොමු කිරීමට බලාපොරොත්තු වෙයි. කාන්තාවන් දේශපාලනයට සක්‍රීයව දායක කිරීමේ අරමුණින් නව වැඩ සටහන සැලසුම් කර ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියයි.

‘‘පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි. මේ සඳහා අපි පුහුණු පාඨමාලාවක් ආරම්භ කරනවා. මේ සඳහා අපි කාන්තාවන් සිය දෙනකු තෝරාගෙන තිබෙනවා. දේශපාලනයේ නියැළී සිටින හෝ දේශපාලනයට පිවිසීමට අපේක්ෂිත නායකත්ව ලක්ෂණ සහිත කාන්තාවන් අපි තෝරා ගෙන තිබෙනවා. තෝරාගත් පිරිසට න්‍යායත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම ලබා දෙනවා. රාජ්‍ය පාලනය, මූලික ගිණුම්කරණය, කළමනාකරණය, නීතිය, මැතිවරණ ක්‍රම තාක්ෂණ භාවිතය, පෞර්ෂ වර්ධනය අපේ පුහුණුවට අයත් වෙනවා’’ යැයි රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරයි. පුහුණුව ලබන කාන්තාවන්ට සහතික පත්‍රයක් පිරිනමන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ දින දෙකක් පාර්ලිමේන්තු කටයුතු වෙනුවෙන් කාලය වෙන්කර තිබිණ. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ගැන මෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශනයේදී අගතියට පත් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් විමසා  සිටියේය.

මේ අතර එජාපය හැරගොස් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නැවත එජාපයට එක්වීමේ සූදානමක් ගැන ද තොරතුරු වාර්තා වූ අතර පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම ඒ ගැන රනිල්ගෙන් විමසා සිටියහ. එහෙත් රනිල්  කිසිවක් කීවේ නැත. ‘‘ශක්තිමත් විපක්ෂයක් නැතිවීම ගැන අපිත් කලකිරිලා. ඔබතුමා විපක්ෂනායක ධුරයේ කටයුතු කළ කෙනෙක්නේ. දැන් තත්ත්වය වෙනස්’’ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් රනිල්ගෙන් විමසා සිටියේය. ‘‘විපක්ෂය බෙදිල ඉන්නකොට ආණ්ඩුවට වාසියි. අපි උත්සාහ කරන්නෙ මේ බේදය නැති කරන්නයි. ඔයාලත් සහය දුන්නොත් අපිට ඒක කරන්න පුළුවන්’’ රනිල් පිළිතුරු දුන්නේය.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ ජන්ම දිනය යෙදෙන මේ මස 20 වැනි දින එජාපය අලුත් වැඩක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඒ පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීම නව ක්‍රමවේදයකට සිදු කිරීමටය. එජාපය සඳහන් කරන්නේ ක්‍රම තුනක් ඔස්සේ සාමාජිකයන් බඳවා ගැනීමට නියමිත බවය. විද්‍යුත් සාමාජික හැඳුනුම්පතක් වෙනුවෙන් මෘදුකාංගයක් සකස් කිරීමට ද එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් තිබේ. එම ඩිජිටල් සාමාජික කාඩ්පතද ලබන සතියේ නිකුත් කරන බව එජාපය සඳහන් කරයි.

(*** කස්තුරි)



අදහස් (4)

ගුරු වැටුප් සටන දුර දිග යයිද?

chandana Saturday, 09 October 2021 11:17 AM

රාජ්‍ය සේවකයාට වැටුප් ගෙවන්නේ රජය විසින් මහජන මුදලිනි. එසේ වැටුප් ගෙවන්නේ මහජනතාවට සේවයක් සැලසීම වෙනුවෙන් මිස වැටුප් ලැබීමට පුද්ගලයකුට ඇති අයිතියක් තහවුරු කිරීමට නොවේ. අතීතයේ සිට පැවති තනතුරු සඳහා රජයේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සමාන අනුපාතයන් භාවිතා කර ඇති බව පැරණි වැටුප් චක්‍රලේඛ අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. මහජනතාවට සේවයක් ලබාදීමට අවශ්‍ය සුදුසුකම් නිර්ණය කර සුදුස්සන් පත් කිරීමටත්, එකී සුදුසුකම් හා ලබාගන්නා සේවය මත වැටුප් ගෙවීමටත් රජය විසින් ප්‍රතිපත්ති සකස් කරනු ලබන නමුත් වෘත්තීය සමිතිවලට තම වැටුප තීරණය කිරීමට ඉඩදීම ඉතා භයානක තත්වයකි. මක්නිසාදයත් තමාගේ ගොඩ වැඩිකර ගැනීමට ඕනෑම වෘත්තියක් කැමති වන බැවිනි. එම තත්වය තේරුම් නොගෙන ගත් ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් ලෙස එක් අවස්ථාවකදී හුදු දේශපාලන තීන්දුවක් මත ගුරු වැටුප් පමණක් අස්වාභාවික ලෙස වැඩිකර ඇති අතර එම තත්වය 1997 වැටුප් සංශෝධනයේදී නිවැරැදි කිරීමට උත්සාහ කර ඇත.

:       4       4

chandana Saturday, 09 October 2021 11:39 AM

සේවය, සුදුසුකම, වැටුප යන සියල්ලම සම්බන්ධයෙන් සාධාරණ හා විද්‍යාත්මක ක්‍රමවේදයකින් 2006 දී වැටුප් සංශෝධනය කර ඇති නමුත් එයින් පසුව වුවද ඇතැම් වෘත්තීය සමිති පිනවීමට සමස්ථ බලපෑම නොසලකා ඒක පාර්ශවිකව වැටුප් වැඩි කර ඇතත් සමස්ථයක් ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවත්, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවත් ඒකාබද්ධව සිදු කරන ලද 2006 මූලධර්ම හා අනුපාතයන් සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු බව කිවයුතුයි. එබැවින් ඕනෑම අවස්ථාවක රාජ්‍ය සේවක වැටුප් වැඩිකළ යුත්තේ වාර්ෂික අයවැය යටතේ සමස්ථ රාජ්‍ය සේවයටම ඒක වැරැදිය. රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේදී රාජ්‍ය ප්‍රතිපත්තිය වරින්වර වෙනස් නොකළ යුතුයි. එසේම අප සැවොම අවබෝධ කරගත යුතු සහ අවබෝධ කරදිය යුතු කාරණය වන්නේ මහජනතාවට සේවය කිරීමට නැතහොත් රාජ්‍ය සේවකයකු වීමට අනාගත සැමට ඇති සාධාරණ අයිතියට හානියක් නොකළ යුතුවීමයි. එනම් කුමක් හෝ හේතුවක් මත පවතින තත්වයට අකමැති වන්නේ නම් එවැන්නන්ට ඉවත්ව යාමට හෝ ඉවත් කිරීමටත්, පවතින තත්වය යටතේ සේවය කිරීමට කැමති නවකයින්ට අවස්ථාවක් ලබාදීමටත් රජය ප්‍රතිපත්ති හා නීති සැකසිය යුතුයි...

:       3       1

Mahee Saturday, 09 October 2021 10:08 PM

අනේ දෙයියනේ, ජේ. ආර්. පප්පාව එක සතියකට ආපසු එවන්නකෝ... මේ පිංපඩි කාරයින්ට සලකන තාලේ උගන්නන්න..

:       1       1

fairoos Monday, 11 October 2021 01:15 PM

අවුරුදු 2ක් වැනි කෙටි කාලයකින් ජනතා අප්‍රසාදයට පත්වුණු ආණ්ඩුවක්... සර් තාම හොඳටම ෆේල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

කරළියේ පෙරළි

නිමක් නැති ඩොලර් අර්බුදය
2022 ජනවාරි මස 22 4308 3

ඩොලර් අර්බුදය එන්න එන්නම දරුණු අතර හැරෙමින් පවතියි. ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය පහත යමින් තිබෙන බවය. සංචිතය ස


රට ගොඩගන්න අයි.එම්.එෆ් යන්න බලපෑම්
2021 දෙසැම්බර් මස 17 2840 6

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට හෙවත් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා පියවර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා විසින් ඉ


අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය
2021 නොවැම්බර් මස 26 2996 0

මාතලේ දිස්ත්‍රික් ස.ජ.බ. පක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී බඩුමිල සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.


බඩු මිලට ජනතාව ඇවිස්සෙයි
2021 ඔක්තෝබර් මස 15 3153 4

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‍ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත්විය. සහල්, සීනි, ගෑස් සහ සි


ගුරු වැටුප් සටන දුර දිග යයිද?
2021 ඔක්තෝබර් මස 08 4091 4

නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ගණනාවක් මේ වන


සීමා පිට ඇරෙන රට
2021 ඔක්තෝබර් මස 01 3018 1

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දොස් අසන්නට සිදු වූයේය. සහල්, කිරිපිටි, ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site