IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දෙපාර්ශව වෛරයේ අවසානය?

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අවසන් මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය භාරගැනීමට තීන්දු කිරීම සහ එජාපයෙන් පළාත්පාලන ආයතනවලට තේරීපත්ව සිටින සභිකයන් 69 දෙනකුගේ සභිකධූර අහෝසි කිරීමට මැතිවරණ කොමිසමට සිදුවීම යන කාරණා ඉකුත් සතියේ දේශපාලන කරළියේ අලුත් අලුත් ප්‍රවෘත්ති මවන්නට සමත් වූයේය. කල්යල් බලමින් සිට මාස ගණනාවක් ගෙවීගිය පසුව රනිල් වික්‍රමසිංහ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්කරන බව සඳහන් කරමින් මහලේකම් රංගේ බණ්ඩාර මැතිවරණ කොමිසමට ඉකුත්දා ලිපියක් බාර දුන්නේය.

ඒ අනුව එම ලිඛිත දැනුම්දීම පිළිගත් මැතිවරණ කොමිසම එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්කරන බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු සම්පාදනය කළේය. එම අතිවිශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත්වීමට නියමිතය. මේ අතර ඉකුත් මහමැතිවරණයේ දී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සෘජුව හෝ වක්‍රව සහාය පළකිරීමට කටයුතු කිරීම නිසා පළාත්පාලන ආයතන සභිකයන් 69 දෙනකුට එරෙහිව කටයුතු කිරීමට එජාපය තීන්දුවක් ගත්තේය. එජාප මහලේකම් ඒ බව දැනුම් දෙමින් තවදුරටත් එම සභිකයන් එජාපය නියෝජනය නොකරන බව මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය.

පළාත්පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධාන අනුව යම් පක්ෂයකින් තේරීපත් වන සභිකයකු එම පක්ෂය හැර යන්නේ නම් ඔහුගේ සභික ධූරය ද අහිමිවේ. ඒ අනුව සජිත් ප්‍රේමදාසට සහය පළකිරීමේ හේතුව නිසා පළාත්පාලන සභිකයන් 69 දෙනකු පක්ෂය හැරගිය බව සඳහන් කරමින් සහ ඔවුන් සභිකධූරය අතහැර ඇති බව සඳහන් කරමින් ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීහු ඉකුත් දින කීපයේ දී අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කළහ.

මේ අතර තමන්ගේ සභිකධූර අහෝසි කිරීමට එරෙහිව එජාප පළාත් පාලන සභිකයන් අභියාචනාධිකරණයේ ගොනුකළ නඩුව ද ප්‍රතික්ෂේප වීම නිසා සහ ශ්‍රේෂ්ඨාධිකරණය ද එම තීන්දුව පිළිගැනීම නිසා එජාපය ගත් ක්‍රියාමාර්ගය නිවැරැදි බවට නිල පිළිගැනීමක් ලැබිණ. එජාප පළාත් පාලන සභිකයන්ට සිය ධූර අහිමි කරගැනීමට සිදුවූ නමුත් ඇතැම් සභිකයන් හා එජාප නායකයන් අතර පොදු එකඟතාවක් ද ඇතිකර ගෙන තිබිණ. ඇතැම් සභිකයෝ දිව්රුම් ප්‍රකාශ ලබා දී තමන්ට වරදක් සිදුවූ බවත් තමන් තවදුරටත් එජාපයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන බවටත් සහතිකයක් ලබා දීමට කටයුතු කළහ. එජාප ආරංචි මාර්ග සඳහන් කළේ එම සභිකයන්ට මන්ත්‍රී ධූරයේ රැඳී සිටීමේ අවස්ථාව තවදුරටත් හිමිවන බවය.

පළාත්පාලන මැතිවරණය පැවැතියේ ඉකුත් 2018 වසරේ පෙබරවාරි මස 10 වැනි දිනය. පළාත් පාලන ආයතනයක නිල කාලය වසර හතරකි. ඒ අනුව ලබන 2022 වසරේ පෙබරවාරි මස 9 වැනිදින එම සභාවල නිලකාලය අහෝසි වේ. ඒ අනුව තවත් ඇත්තේ මාස 8 ක පමණ කාලයකි. කෙසේ වෙතත් එම කෙටි කාලයට වුවද අලුත් මන්ත්‍රීවරුන් පත්කිරීම නීතිය වේ. මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේ දී තරගකර හෝ ජාතික ලැයිස්තුවේ නම් සඳහන්ව ඇති හෝ අපේක්ෂකයන් නව මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට හැකි බවය. පළාත් පාලන මැතිවරණයේ දී සියයට 25 ක් පවතින හෙයින් එය ආරක්ෂාකර ගැනීම අවශ්‍ය බව ද ඔහු කීවේය. ඒ අනුව යම් මන්ත්‍රීවරියක් ඉවත් කළේ නම් ඒ වෙනුවට නැවත පත් කළ යුත්තේද කාන්තාවක්ම බව ද ඔහු ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමත් පළාත් පාලන සභිකයන් පිරිසක් නැවත එජාපයට එකතුවීමත් හේතුවෙන් සමගි ජනබලවේගය පක්ෂය තුළ යම් කැළඹීමක් ඇතිවී ඇතැයි ‘‘දේශපාලන විචාරකයෝ මත පළ කරති. දේශපාලන කරළියේ ඉකුත් දිනවල බොහෝ මත පළවුණා. රනිල් වික්‍රමසිංහ නැවත විපක්ෂනායක ධූරයට පත්වන බවටත් ආරංචි පැතිර ගියා. සජිත්ගේ පක්ෂයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් නැවත රනිල්ට එකතුවන බවටත් කතා පැතිර ගියා. මේවායේ සත්‍ය අසත්‍යතාව කුමක් වුවත් යම් බලපෑමක් සිදුව තිබෙන බව කිව හැකියි’’ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර සමගි ජනබලවේගය පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින චම්පික රණවකට පක්ෂයේ යම් තනතුරක් ලබාදීමට සජිත් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තීන්දු කර ඇත. ‘‘පාඨලීට පක්ෂයේ උසස් තනතුරක් ලබා දීම ගැන පක්ෂ නායකයන් අතර මේ දිනවල සාකච්ඡා පැවැත්වෙනවා. අපි පාඨලී චම්පිකත් එක්කත් ඒ ගැන සාකච්ඡා කරනවා. කොහොම වුණත් ඔහුට සමගිජන බලවේගය පක්ෂයේ උසස් තනතුරක් දෙන්න අවශ්‍යයි. අපි ඒ ගැන ඉක්මනින් තීන්දුවක් ගන්නවා’’ යැයි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.

ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වූ ගිනිදැල් තවමත් නිවි නිවී දැල්වෙමින් ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර වැනි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සහ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා අතර පවතින සීතල යුද්ධය ඉන්ධන මිල ප්‍රශ්නයෙන් පෙන්නුම් කරන බව ද දේශපාලන විචාරකයෝ පවසති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන විට ද්විත්ව පුරවැසි තහනම ඒ අයුරින්ම තබාගත යුතු යැයි විමල්, උදය, වාසු ඇතුළු හවුල්කාර පක්ෂවල නායකයන් තදින් කියා සිටියා. ඒත් ජනාධිපතිවරයා ඊට එකඟ වූයේ නැහැ. පසුව විරෝධය දැක්වූ පිරිස කීවේ ජනාධිපතිවරයා සංවේදී වී ද්විත්ව පුරවැසි තහනම ඉවත් කළ යුතු බවට ඉල්ලීමක් කළ බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන මුල්ම අවස්ථාවේ ද්විත්ව පුරවැසි තහනම නැවත ඇතුළත් කරන බවට ජනාධිපතිවරයා පැවසූ බවද විමල්, උදය සහ වාසු ඇතුළු පිරිස ප්‍රකාශ කළහ. ‘‘මේ ලැබුණු පුංචි ඉඩ ප්‍රස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන බැසිල් රාජපක්ෂ නැවත පාර්ලිමේන්තුවට පත්වේදැයි මාධ්‍යවේදියකු ඇසූ විට විමල් කීවේ ලජ්ජාවක් නැතිව රෙදි ඇඳගෙන කෙනකුට එවැන්නක් සිදු කළ නොහැකි බවයි. ඒ ප්‍රකාශය නිසාම බැසිල්ට අඩියක් ආපස්සට ගන්න සිදු වුණා. ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරනතුරු පාර්ලිමේන්තුවට නොපැමිණීමට ඔහු තීන්දු කළා. බැසිල් හා සුළුපක්ෂ නායකයන් අතර ගැටුම සිදුවුණේ එහෙම. මේක සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්ෂගේ වැඩක්’’ යැයි දේශපාලන මතධාරීහු පැහැදිලි කරති.

කෙසේ වෙතත් අවසානයේ ජනාධිපතිවරයා ද මැදිහත්වී ඉන්ධන මිල ඉහළ නැංවීම ආණ්ඩුවේ කටයුත්තක් බව ප්‍රකාශ කළේය. ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින බැසිල් රාජපක්ෂ ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවට ද වාර්තා පළවිය. කෙසේ වෙතත් බැසිල් දිවයිනට පැමිණි පසුව මේ ගැටුම තවදුරටත් දුරදිග යනු ඇතැයි ද ඇතැම් පිරිස් අනුමාන කරති. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් දිගින් දිගටම කියා සිටිනුයේ තමා සහ පක්ෂය ගත් තීන්දුව වෙනස් නොකරන බවය. මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතාට සහාය දක්වන ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු විසිපහක් ඉකුත් බදාදා රැස්වූහ. බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවති එම රැස්වීමේ දී සාකච්ඡා වූ දේවල් සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු වාර්තා වූයේ නැත. එහෙත් බැසිල් හිතවාදී මන්ත්‍රීවරුන් කියා සිටියේ බැසිල් රාජපක්ෂ ලංකාවේ සිටියේ නම් ඉන්ධන මිල ඉහළ නැංවීමට ඉඩක් නොතබන බවය. ඔහු ජනතාවගේ පීඩනය දන්නා පුද්ගලයකු බව ද එම මන්ත්‍රීවරු කීහ. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ගත් තීන්දුවක් වුව ද එය වෙනස් කළ යුතු යැයි ද බැසිල් හිතවාදී මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

මේ අතර ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තුවේ විශ්වාසය භංගවී ඇති බව සඳහන් කරමින් විපක්ෂය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරමින් තිබේ. ඉකුත් බදදා වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසිපස්දෙනෙක් විශ්වාසභංගයට අත්සන් තබා තිබිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඉකුත් අඟහරුවාදා කොළඹ දී සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණේය. කොරෝනා වසංගතය හේතුවෙන් එම සම්මන්ත්‍රණය පැවැත්වූයේ සූම් තාක්ෂණය ඔස්සේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙරට දේශපාලන පක්ෂ 14 ක නායකයන් සූම් තාක්ෂණය ඔස්සේ එම සම්මන්ත්‍රණයට එක්ව සිටීම විශේෂත්වයක් විය.

කොරෝනා වයිරසය පැතිරයාම නිසා කැබිනට් මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේද සූම් තාක්ෂණය ඔස්සේය. මීට අමතරව තවත් වැදගත් සාකච්ඡා සම්මන්ත්‍රණ ද සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීම මේ වනවිට ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයාට විශේෂ යෝජනාවක් කළේය. ‘‘කතානායකතුමනි කොරෝනා වයිරසය තදින් පැතිර යනවා. අපටත් පුළුවන් පාර්ලිමේන්තු රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන්න. එහෙම කරන්න කියලා මම යෝජනා කරනවා. මේ වනවිට මාලදිවයිනේ පාර්ලිමේන්තු රැස්වීම් ඔන්ලයින් ක්‍රමයට තමයි පවත්වන්නේ’’ යැයි ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කළේය. එහෙත් කතානායක හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හෝ ඊට එකඟතාවක් දැක්වූයේ නැත.

‘‘පාර්ලිමේන්තු රැස්වීම් එහෙම තියන්න අමාරුයි. ස්ථාවර නියෝග තිබෙනවා. ඒවාට අනුව තමයි පාර්ලිමේන්තු රැස්වීම් තියන්න ඕනේ. ඒ නිසා ඒක කරන්න අමාරුයි.’’ යැයි ආණ්ඩුවේ දේශපාලනඥයෙක් පැහැදිලි කළේය.

මෑතක දී පැවැත්වූ ශ්‍රී ලංකා ආයෝජන සංසදය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේ 2030 වසර වනවිට ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගන්නා බවය. ජනාධිපතිවරයාගේ ඉල්ලීමට එකඟතාව පළ කළේ ඉන්දියාවය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ සූර්යබල ව්‍යාපෘතීන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන සියයක ණය පහසුකමක් ලංකාවට ලබාදීමට එකඟතාව පළ කර තිබේ. ශ්‍රී ලංකාවට ලබාදෙන එම ණය පහසුකම පිළිබඳ ගිවිසුමට ඉකුත් බදාදා කොළඹදී අත්සන් තැබිණ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අතර එදින එම ගිවිසුම හුවමාරු කර ගැනිණ.

ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින ගැටුම්වලට දෙපාර්ශ්වයම එක සේ වගකිව යුතුය. නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරාදීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව එළැඹි විට ආණ්ඩුවේ සිටින හවුල්කාර පක්ෂවල විරෝධය අමනෝඥ ක්‍රියාවකැයි දේශපාලන නිරීක්ෂකයෝ නිර්වචනය කරති. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට තිබුණේ ආණ්ඩුවේ නායකයන් සමඟ සාකච්ඡාකර ප්‍රශ්නය නිරවුල් කරගැනීමය. එහෙත් ඔවුන් ගෙන ගියේද ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ගයකි. එයින් පසුව ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙනුත් ඉතා අසීරු තත්ත්වයකට පත්වූ අතර ඉන්දියාව සමඟ තිබූ සබඳතාවලට හානි සිදුවීය. එහි ප්‍රතිඵල සමස්ත රටටම විඳින්නට සිදුවී තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව ආණ්ඩුව ඇතුළේ නිර්මාණය වී ඇති ගැටුම ද එහිම දිගුවක් නොවේදැයි ආණ්ඩුව ඇතුළේම දේශපාලනඥයෝ නිර්වචනය කරමින් සිටිති. කෙසේවුවද අන්තිමට දෙපාර්ශවයටම බරපතළ ප්‍රශ්නවලට මුහුණ පාන්නට සිදුවී දෛවයේ සරදමට ලක්නොවිය හැකි යැයි කිව හැක්කේ කාටද යන ප්‍රශ්නය ශේෂකර තිබේ.

(***කස්තුරි)



අදහස් (0)

දෙපාර්ශව වෛරයේ අවසානය?

ඔබේ අදහස් එවන්න

කරළියේ පෙරළි

නිමක් නැති ඩොලර් අර්බුදය
2022 ජනවාරි මස 22 4307 3

ඩොලර් අර්බුදය එන්න එන්නම දරුණු අතර හැරෙමින් පවතියි. ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය පහත යමින් තිබෙන බවය. සංචිතය ස


රට ගොඩගන්න අයි.එම්.එෆ් යන්න බලපෑම්
2021 දෙසැම්බර් මස 17 2840 6

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට හෙවත් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා පියවර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා විසින් ඉ


අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය
2021 නොවැම්බර් මස 26 2994 0

මාතලේ දිස්ත්‍රික් ස.ජ.බ. පක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී බඩුමිල සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.


බඩු මිලට ජනතාව ඇවිස්සෙයි
2021 ඔක්තෝබර් මස 15 3152 4

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‍ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත්විය. සහල්, සීනි, ගෑස් සහ සි


ගුරු වැටුප් සටන දුර දිග යයිද?
2021 ඔක්තෝබර් මස 08 4091 4

නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ගණනාවක් මේ වන


සීමා පිට ඇරෙන රට
2021 ඔක්තෝබර් මස 01 3017 1

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දොස් අසන්නට සිදු වූයේය. සහල්, කිරිපිටි, ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site