IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අගමැතිතුමා ගැන අද රටේ විශ්වාසයක් නැහැ - දිනේෂ් ගුණවර්ධන

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදය අරඹමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ කීය.

“බැඳුම්කර වංචාවක් සිදු කිරීමේ අරමුණින් සම්මතයට පටහැනිව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර තමන් යටතට පත් කරවා ගත් හෙයින්ද, 

ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවූද, අපකීර්තිමත් ඉතිහාසයක් ඇත්තා වූද, බැඳියාවන් අතර ගැටුමක් ඇත්තා වූද, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට යෝජනා කළ හෙයින්ද, 

මෑත යුගයේ ලෝකයේ සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට ඉතා පැහැදිලි ලෙස සම්බන්ධ හෙයින්ද, 

එකී වංචාවේ වංචනිකයන් බේරාගැනීම සඳහා තම දේශපාලන හිතවතුන්ගෙන් සමන්විත පිටිපන කමිටුව පත්කරඑකී වංචනිකයන් බේරා ගැනීමට උත්සාහයක් දැරූ හෙයින්ද, මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වංචනිකයන් ආරක්‍ෂා කරමින්ද, සැබෑ කරුණු යටපත් කරමින්ද, 2015 මාර්තු 17 දින විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව නොමඟ යැවූ හෙයින්ද, 

බැඳුම්කර වංචාව පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් විමර්ශනය කරමින්තිබියදී, එකී කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයකු වෙනස් කර නව සාමාජිකයකු ඇතුළු කර එකී කාරක සභාව හරහා චූදිතයන් නිදොස් කිරීමට උත්සාහයක් ගත්හෙයින්ද,

බැඳුම්කර වංචාව පිළිබඳ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් විමර්ශනය කරමින් තිබියදී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ එකී කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ට බලපෑම් කළ හෙයින්ද,

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට ඒ පිළිබඳ ජනාධිපති කොමිසමේ දී හෙළි වූ නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමරසිරි මහතාට මුදල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කළ හෙයින්ද, මහ බැංකු බැඳුම්කර වංචාවේ චූදිතයකු වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුව වෙනත්  අයකු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන මොහොතේ දී නැවතත් ඔහුව එකී ධුරයට පත් කර ගැනීමට දැවැන්ත වෑයමක් දැරූ හෙයින්ද, 

බැඳුම්කර වංචාවේ චූදිතයකු වීම හේතුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට මහ බැංකු අධිපති තනතුර අහිමි වීමෙන් පසුද ඔහුට සිය අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබා දුන් හෙයින්ද, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවෙන් පිටවන තෙක් ඔහු විදේශගත වීම වළක්වන අධිකරණ නියෝගයක් ලබා ගැනීම මඟහැරීමෙන් ඔහුට විදේශගත වී අධිකරණය මඟහැර සිටීමට අවස්ථාව සැලසූ හෙයින්ද, මුදල් අමාත්‍යවරයාට පමණක් බලතල ක්‍රියාත්මක කළ හැකි

(I) 1949 අංක 58 දරන මූල්‍ය පනත
(II) 1953 අංක 24 දරන විනිමය පාලන පනත
(III) 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් පනත
(IV) 1937 අංක 7 දරන ලියාපදිංචි කළ ස්කන්ධ සහ සුරැකුම්

ආඥා පනත

(V) 1944 අංක 16 දරන මූල්‍ය සංචිත අරමුදල් ආඥා පනත
(VI) 1988 අංක 30 දරන බැංකු පනත
(VII) 1979 අංක 35 දරන අවිනිශ්චිත අරමුදල් පනත
(VIII) 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ

පනත

(IX) 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත

යන අණ පනත් ඒ බව දනිමින්ම ශ්‍රී ලංකා මහ බැංකුව තමන් යටතට පත් කර ගනිමින් එකී අණ පනත් යටතේ
බලතල ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රටේ ආර්ථිකය සහ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ඉතාම වැදගත් වන්නා වූ අණ පනත් උල්ලංඝණය කළ හෙයින්ද,

ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයද, ආර්ථික කළමනාකරණ කමිටුව හරහා මුදල් අමාත්‍යාංශයද, ශ්‍රී ලංකා මහ බැංකුවද තමන් යටතට ගෙන පසුගිය තෙවසර තුළ ජාතික ආර්ථිකය මෙහෙයවීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධන අඩපණ වීමෙන්ද, කොටස් වෙළඳපොළ කඩා වැටීමෙන්ද, උද්ධමනය පාලනය කළ නොහැකි අයුරින් ඉහළ යෑමෙන්ද, පොලී අනුපාතය ශීඝ්‍ර වර්ධනයට ලක්වීමෙන්ද, විදේශීය ආයෝජකයන් ආයෝජන හකුළාගෙන ශ්‍රී ලංකාවෙන් ඉවත්වී මෙන්ද දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය කර ජනතාව පීඩාවට පත්කර ඇති හෙයින්ද, සහ 

නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධුරය දරමින් සිටි කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇති වුණු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවට ආරක්‍ෂාව සැලසීමට ක්ෂණික පියවර ගැනීමට අසමත්වීමෙන් ජීවිත සහ දේපළ හානි සිදුවීමෙන් ජාතික සමගිය බරපතළ ලෙස පළුදු කරමින් ජනාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කැළල් කළ හෙයින්ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙසද, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු ලෙසද කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව මෙන්ම එතුමා අග්‍රාමාත්‍ය ධුරය දරන ආණ්ඩුවට කටයුතු කිරීමේ හැකියාව පිළිබඳවද විශ්වාසයක් නොපවතින බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

රටේ මූල්‍ය ක්‍රමය කෙරෙහි විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩ වී තිබෙනවා. කෝප් කමිටුව මේ වංචාව ගැන කටයුතු කළා. මේක යෝධ වංචාවක්. අද වනතුරු ඒ ගැන පියවරක් නැහැ. මේ වංචාවට ඊටීඑෆ් එකේ සල්ලි පාවිච්චි කළා. නීතිපතිට යවපු ලිපියට මොකද වුණේ. ඒ ලිපිය නිෂ්ක්‍රීය වුණා. මේ වංචාව නිසා මුළු රටම ගඳ ගැස්සුවා. මේ වගේ වංචා වෙනකොට විදේශීය ආයෝජකයෝ රටට ඒවි ද? මේ තත්ත්වයට වගකිව යුත්තේ අගමැතිවරයායි. අගමැතිතුමා ගැන අද රටේ විශ්වාසයක් නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට ගෙන ඒමට තවම ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.”

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යෝජනාව ස්ථිර කළේය.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා:-

“විවාදය පටන් ගන්නකොටම හුළං බැහැලා. දිනේෂ් තමන්ගේ යාළුවාට විරුද්ධව මේ යෝජනාව ගෙනාවේ
බොහොම අමාරුවෙනුයි. මේ විශ්වාසභංගය පුස්සක්. ජනපති කොමිසමෙන් කෝප් කමිටුවෙන් මේ චෝදනාවට අගමැති වරදකරුවකු කළේ නැහැ. අගමැති කොමිසමට සාක්‍ෂි දෙන්න ගියේ ස්වේච්ඡාවෙනුයි. කොමිසම ඒ ප්‍රයත්නය අගය කළා. එතුමාට ඕන නම් යන්නෙ නැතිව ඉන්න තිබුණා. අහපු ප්‍රශ්න ඔක්කොටම එතුමා පිළිතුරු දුන්නා. කොයි අගමැති ද මේ වගේ කොමිසමකට ගියේ. අගමැති මේ සිද්ධියට කිසිසේත් සම්බන්ධ නැහැ.”

දිනේෂ් ගුණවර්ධන මහතා:-

“සිංගප්පූරු ජාතිකයෙක් පත් කිරීම හරි කියල ද කියන්නේ?”

සභානායක:-

“එතකොට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකා පුරවැසියෙක් නොවෙයි ද? එතුමා පත් කළ එක මතක නැති ද?
අනේ නිකම් ඉන්න.”



අදහස් (0)

අගමැතිතුමා ගැන අද රටේ විශ්වාසයක් නැහැ - දිනේෂ් ගුණවර්ධන

ඔබේ අදහස් එවන්න

පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට 12 දක්වා
2021 පෙබරවාරි මස 08 908 0

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පාර්ලිමේන්තුවේද


සංචාරකයන් ගෙන්වීමෙන් සත පහක ආදායමක් නෑ
2021 ජනවාරි මස 07 3236 12

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බව ජාතික ජ


හිස්බුල්ලා පෙන්නලා බිල්ලා මවනවා
2021 ජනවාරි මස 07 2815 10

ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජනබලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහත


යුක්රේනයෙන් සංචාරකයන් ගෙනල්ලා කොරෝනාව ගරානාවක් කරගෙන
2021 ජනවාරි මස 05 3685 7

කඩා වැටුණු ආර්ථිකයක් තිබෙන, කොරෝනා රෝගීන් ලක්‍ෂ 11 කින් 19,000 ක් මියගිය යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා රටත් ජනතාවත් විනාශ නොකරන ලෙස ජාතික ජනබලවේගය පක්‍ෂයේ


තැබෑරුම් බලපත්‍ර 75 ක් දීලා - සීනි ජාවාරමෙන් බිලියන 10 ක්
2021 ජනවාරි මස 05 3901 3

වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය තුළ අලුතෙන් තැබෑරුම් බලපත්‍ර 75 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවට මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙම වසරේ පළමු පාර්ලිමේන්තු


ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න විදේශිකයන්ට පිස්සු නෑ
2021 ජනවාරි මස 05 14432 53

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site