IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අගමැති එළවලා මේ රට කිරීමට හිතීම විහිළුවක්


 “අගමැති ගැන අපිට විශ්වාසයි. එතුමා උගතෙක්. ඔහු ආතක් පාතක් නැතිව දේශපාලනයට ආපු කෙනෙක් නොවෙයි. එතුමා මහන්සි වී වැඩ කරනවා. ආර්ථීකය ගැන දැක්මත් විශාලයි.අගමැති එළවලා මේ රට කිරීමට හිතීම විහිළුවක්. මහනුවර සිද්ධිය අගමැති මත පැටවීම සාධාරණ නැහැ. මහේන්ද්‍රන්  විදේශිකයකු නම් ගෝඨාභයත් විදේශිකයෙක්.

අජිත් නිවාඞ් නිසා බිලියන 36ක් රටට අහිමි වුණා. ඒ ගැන ඒ කාලයේ පාලකයාට විරුද්ධව කවුරුවත් කතා කළේ නැහැ. කතා කළා නම් කඳ තියෙයි නිල්වලාවේ. ඔළුව තියෙයි කැලණි ගඟේ. එහෙම කාලයක් තිබුණා. ඒවා මෙයාලාට අමතකයි. අම්ම තාත්තගේ සොහොන් ගෙවල් හදන්න මහජන මුදල් ගසා කෑව හොරා ඇරෙන්න මීළඟ ජනාධිපති අපේක්ෂක කරන්න වෙන හොරෙක් තමුන්නාන්සේලාට නැද්ද?”

මාතර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා:-

“අපට තිබෙන වරප්‍රසාදයත් අයිතියත් අනුවයි අපි මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ. නමුත් අපට වඩා
වේගයෙන් එජාපයේ අය මේ ගැන රට හමුවේ තිබ්බා, එය අපට අයිති දෙයක් නොවෙයි, බැඳුම්කර සිද්ධියට අගමැතිතුමාත් වගකිව යුතුයි කියලා ජනතාව තුළ මතයක් තිබුණා. මේ විශ්වාසභංගය තුළම තිබෙන්නේ ප්‍රතිපත්තිමය කරුණුයි.

නුවරඑළිය දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී එම්. තිලකරාජා මහතා:-

“2008 සිට බැඳුම්කර වංචා සිදුවෙලා තියෙද්දී 2015 එකක් ගැන විතරක් ඒකාබද්දේ අය කතා කරනවා. මේ යෝජනාවට විරුද්ධව අප ඡන්දය දෙනවා. පසුගිය රජය වතුකරයේ ජනතාව අමතක කර තිබුණා. එය කඳුකර අමාත්‍යාංශය ලෙස සලකා අපට ගරුත්වයක් දුන්නා. ඒ නිසා අප එතුමාට ගෞරව කළ යුතුයි.”

කොළඹ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා:-

“අපි මේ යෝජනාව දිනන්නේ බොරු කියලා නොවෙයි. ඇත්ත කියලයි. දිගන සිද්ධියට සම්බන්ධ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ඒ තනතුරුවලින් ඉවත් කරනව ද කියලා නායකයන් කියන්න ඕන. ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය ජනාධිපති සමඟ ඩීල් දාලා හිරේ යන එක වළක්වාගෙන සිටිනවා. සුසිල් ඇමැතිතුමාට අල්ලස් නඩුවක් තිබෙනවා. අපට එක තැනක වැරදුණා. ජාතික ආණ්ඩු හදනකොට අපි සමහරු ගැන බැලුවේ නැහැ. සුසිල් ඇමැතිතුමා ගංජා ගහලා ඇවිල්ලා කතා කළා ද දන්නේ නැහැ. එතුමා උදේට විජේරාමේ හවසට ජනාධිපති මන්දිරේ.
අපි ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි කියනවා මේවා ගැන හොඳට සලකා බලන්න කියලා.”

 

 



අදහස් (30)

අගමැති එළවලා මේ රට කිරීමට හිතීම විහිළුවක්

chinthaka Thursday, 05 April 2018 12:54 PM

එ්ක ඇත්ත... රට දැන් සෑහෙන්න බදුවලින් සුඛිත, මුදිත වෙලා. කොටින්ම රෝගීන්ගේ රෝහල් බිලටත් 12% බදු ගහනවා. අපිට තියන දුක කියන්නේ මේ ගමන අපි ප්‍රාදේශීය සභා මැතිවරනෙන් රජයට දුන් පණිවිඩය සහ අතතුරු ඇඟවීමවත් මේ උගත්තු සෙට් එක තේරුම් නොගැනීමයි..

:       0       0

surath Thursday, 05 April 2018 03:00 PM

සර් විහිළු සපයන්න එපා. මහබැංකු හොරකමින් විනාශ වූ මුදල් සොයාගැනීමට අගමැතිගේ උනන්දුවක් නැත්තේ ඇයි?

:       0       0

Maheshika Thursday, 05 April 2018 09:38 PM

එතකොට මෙයාව සදාකාලිකව තියාගන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා. UNP එකේ වෙන කවුරුවත් නැද්ද මෙයාට අසනීපයක්වත් වුණු වෙලාවට වැඩ බලන්න.

:       0       0

Rohana Thursday, 05 April 2018 11:22 PM

නීතිය හා සාමය ඇමැති තනතුර සරත් ෆොන්සේකාට දෙන්න. එය ජනතා ඉල්ලීමයි.

:       0       1

hira Friday, 06 April 2018 02:32 AM

ඡන්ද 5000කට මේ වගේ සැප දෙන්නේ මේ අගමැති විතරයිනේ. එ්කයි මෙයා මෙච්චර ලෙන්ගතු... නමුත් ජනතා මතය කොහෙද කියන එක මෙයා දකින්න ඇතිනේ...

:       0       0

herath Friday, 06 April 2018 03:11 AM

අපිත් හිතුවා එතුමා මෙරට ගොඩගන්න ඉන්න මහා උගතා කියලා. නමුත් බැඳුම්කර සිදුවීමෙන් එතුමාම ඔප්පුකළා. එතුමත් අනිත් දේශපාලකයින්ට වඩා වැඩි වෙනසක් නෑ කියලා. එතුමාට තිබූ අවසන් අවස්ථාවත් නැතිකරගත්තා. ජනාධිපති කෙනෙක් වෙන්න එයාට තව අවස්ථාවක් නෑ.

:       0       0

Ratnamalala Friday, 06 April 2018 03:59 AM

අගමැතිට කෙල වුනානම් මෙයාටත් යන එනමන් නැතිවෙනවා.

:       0       0

Semil Friday, 06 April 2018 09:15 AM

ඔව්, ඔයාලට පින් ඇමැතිකම් දීලා තියෙන්නේ රනිල්නේ.. එයා නැතිව ඔබලාට ඔය සැප වාහන පින් පඩි හම්බවෙන්නේ නැහැනේ...

:       0       0

senarath Friday, 06 April 2018 09:18 AM

2002 සිට 2004 අගමැති ඉන්න කාලෙත් ඔබ හමුදාවේ ලොකු නිලයක් දැරුවා නේද? මේ තරම් "දක්ෂ " අගමැතිගේ ඒ කාලේ වැඩ මතක ඇතිනේ... දැන් කතාකරන්නේ පිනට ලැබුණු ඇමැතිකමට කෙලෙහිගුණ සලකන්නද? රටේ ජනතාව හොඳින් දන්නවා අගමැතිගේ වැඩ ගැන... එ්කනේ පසුගිය ඡන්දේදි හොඳ ප්‍රතිඵලයක් දුන්නේ...

:       0       0

Bamunuarachchi Friday, 06 April 2018 06:30 PM

අගමැති එළවලා රට කිරීමට හිතීම විහිළුවක්ලු.. හැබැයි කව්ද කීවේ කියලා නැත. කතාව ඇත්ත තමයි නමුත් රනිල් එලෙව්වොත් මෙරට කිරීම හරිම ලෙහෙසියි. එයා රටක් පාලනය කරන්න පුළුවන් කෙනෙක් නොවෙයි කියලා ඔප්පුවෙලා ඉවරයි.

:       0       0

Bamunuarachchi Friday, 06 April 2018 06:36 PM

අජිත් නිවාඩ් නිසා බිලියන 36ක් පාඩු වුණානම් අගුපිල් වල කියවකියවා ඉන්නේ නැතිව පාර්ලිමේන්තුවේ කියලා සුදුසු පියවර ගන්නකෝ. ඕවට රැවටුන කොටළුවන් ලක්ෂ 62ක් සිටියා තමයි.... දැන් උන්ගේත් මොලේ පෑදිලා...

:       0       0

Senarath Saturday, 07 April 2018 03:00 AM

කුඹියට සුලුදියපාරත් ගංගාවක් වගේ පෙනෙන්නේ... දේශපාලන නොදරුවෙක්ගේ දැනුම ගැන පුදුම වෙන්නේ නැහැ .

:       0       0

shanaka Saturday, 07 April 2018 07:27 AM

එක තමා අාපු ගමන් මහබැංකුව සුද්ද කරේ... පින් ඇමති කමට වෙන මොනවා කියන්නද?

:       0       0

Bamunuarachchi Saturday, 07 April 2018 08:54 AM

එතුමා උගතෙක්ලු... එහෙනම් මොකෝ ඔබව සැල්වේෂන් ආමි එකට හොඳයි කීවේ. " ඔහු ආතක් පාතක් නැතිව දේශපාලනයට ආපු කෙනෙක් නොවෙයිලු." ඒකගැන අපි හොඳට දන්නවා අපිට අමුතුවේ අටුවා ටීකා වුවමනා නැත. එතුමා මහන්සි වී වැඩ කරනවාලු. ඒක වෙන්න පුළුවන්, නමුත් මේ අවුරුදු 3 ට මහජනයාට සෙතක් උනේ නැහැ බදු බර හැරෙන්නට. ආර්ථීකය ගැන දැක්මත් විශාලයිලු... නැතුව එ්කනේ මහබැංකුවටම කෙළවුණේ. නේද? අගමැති එළවලා මේ රට කිරීමට හිතීම විහිළුවක්ලු අපිට නම් අගමැති තියා ගැනීම විහිළුවක් හලෝ මහේන්ද්‍රන් විදේශිකයකු නම් ගෝඨාභයත් විදේශිකයෙක්. මහේන්ද්‍රන් මහබැංකුව බැනාට දීලා රටින් පැන්න ගෝඨාභය ත්‍රස්තවාදයෙන් රට බේරාගෙන රට රැකගත්තා දැන් කොයි විදේශිකයාද හොඳ? මහේන්ද්‍රන් ලංකා පුරවැසිකම නැහැ ගෝඨාභය මැතිතුමා මෙරට පුරවැසියෙක්. ඉතින් කොහොමද ගෝඨාභය විදෙශිකයක් වෙන්නේ...? ඕක නොදන්නා ඔබද මේ රටේ ජනාධිපති වෙන්න හැදුවේ.... ඔබට කන්න හිතුණාම කබරගොයත් තලගොයා නේද?

:       0       0

ajithkaru Sunday, 08 April 2018 02:34 AM

එක්සත් ජාතික පක්ෂයේ පෙරහරේ කරඬුව වැඩමවන්න හොඳ සද්දන්ත කුලයේ ඇතෙක් වුවමනායි. දැන් ඉන්න ඇතා ඉඳහිට කලබල කලත් එයාව පෙරහරේ කරඬුව වඩම්මා නැවතත් ගන්න වෙනවා. එහෙම නොවෙන්න නම් තවත් ඇතෙක් පුහුණු කරන්න වෙනවා. ඒත් එක්සත් ජාතික පක්ෂයේ පෙරහරේ කරඬුව වඩම්මන්න සුදුසුකම් ඇති තවත් ඇතෙක් ඉන්නවද? නැහැනේ. ඒක නිසා මේ ඇතා ඉඳහිට කුලප්පුවෙලා එහෙට මෙහෙට දැඟලුවට කකුල්වලට විලංගු දාලා ගත්තහම ඔය දැඟලිල්ල නවතීවි. කරඬුව වැඩමවන්න දිගටම ගන්නත් පුළුවන්. එහෙම නැතුව ඔය අර ඇතා හොඳයි මේ ඇතා හොඳයි කිව්වට මම නම් හිතන්නේ නැහැ මේ දළය විතර හොඳ වෙන ඇතෙක් ඔතන ඉන්නවා කියලා...

:       0       0

Senarath Sunday, 08 April 2018 03:49 AM

මෝඩයා කට අරිනකම් උගතෙක්..

:       0       0

rama Monday, 09 April 2018 07:10 AM

මේ අය හිතන්නේ රනිල් නැත්නම් රට නවතිනවා කියලද? මීට කලින් හිටපු නායකයින්ට මුක්කුවකටවත් තියන්න පුලුවන්ද රනිල්?

:       0       0

දිලුම් Monday, 09 April 2018 11:02 AM

පිනට කහින්නේ නැතුව ඉන්න.

:       0       0

janatha anura Tuesday, 10 April 2018 03:00 AM

ඔබතුමා හරි මහ බැංකුව ගැන මනා දැනීමක් ඔහුට තිබෙනවා 2015, 2016 වසර දෙක තුල එය ඔප්පුකර ඔබතුමාගේ දැනීම ගැන අපට විශ්වාසයක් නැහැ.

:       0       0

siddhik Tuesday, 10 April 2018 08:50 AM

ඡන්ද 5000ක් ගන්නවට ජනතා ප්‍රසාදයක් නැති අය මන්ත්‍රීකම් කරන එක විහිළුවක් නෙමෙයි..

:       0       0

Sathyayaa Tuesday, 10 April 2018 09:34 AM

ඔබට කෙනෙහිලිකම් කරපු එකේ වාඩුව ගන්න ඔබ පාර්ලිමේන්තුවට යන්නම ඕනේ නැහැ... ගෝඨාහරියි කියා අප කියන්නේ නැහැ. ඔබ අද රනිල්ට කඩේ යන කොට ඒක හරියි කියන්න තරම් ජනතාව දේශපාලන වශයෙන් අනාථ වී නැහැ. ඔබලා කරන්නේ වෛරී දේශපාලනයක්.... මෙහි ඇති ඛේදවාචකය නම් ඒ ජරා දේශපාලනය අහිංසක ජනතාවගේ මුදලින් කිරීමයි. පාලක කණ්ඩායම වේවා, විරුද්ධ පක්ෂය වේවා, රෙදි ඇඳගෙන මින් මතු පාර්ලිමේන්තුවට එන්න බලාපොරොත්තු වෙනවා නම්, කරුණාකර තමන් විසින් හොඳින් ඉපැයූ ධනයක් ඇත්නම් ඒ මුදලින් පාර්ලිමේන්තුව නඩත්තු කර මහත්මා දේශපාලනයක් කරන්න.

:       0       0

surath Tuesday, 10 April 2018 01:44 PM

මහේන්ද්‍රන් රට කාපු කෙනෙක්..., ගොඨාභය රට බේරාගත් විරුවෙක්...

:       0       0

Imalk Tuesday, 10 April 2018 02:22 PM

ණයට කහිනවා මෙයා....

:       0       0

lalithsjm Wednesday, 11 April 2018 01:26 AM

අනේ අපි නොදන්නා අගමැති... එලෙව්වොත් රටටත් හොඳයි, පක්ෂයටත් හොඳයි...

:       0       0

prakaash Wednesday, 11 April 2018 03:49 AM

ෆොන්සේකාගේ විකාර කතා තමයි. හමුදාවේ හිටියා කියන්නත් ලැජ්ජයි. ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු පිංගුත්තරයින් එක්ක නේද අද ඉන්නේ... හමුදාවත්, රටත් විනාශ කරනවා...

:       0       0

Adam Wednesday, 11 April 2018 02:23 PM

සරත් ෆොන්සේකා කියන්නේ අපි ගරු කරපු කෙනෙක්... එ්ත් දැන් පිස්සන් කොටුවෙන් පැනලා වගෙයි හැසිරෙන්නේ කතා කරන්නේ...

:       0       0

Maheshika Wednesday, 11 April 2018 05:59 PM

තවම එලවල නැහැනේ... අවුරුදු තුනක් ඉඳලා මොනවද කෙරුවේ...? මහබැංකුව අඩියටම සූරගන කෑවා මිසක්...

:       0       0

deepthi Thursday, 12 April 2018 07:01 PM

දැන් නම් හොඳටම විකාර වගේ.. පව් ගෞරවය නැත්තටම නැතිකරගත්තා.

:       0       0

lalith Friday, 13 April 2018 01:30 PM

අනේ ජනරාල්තුමනි, විහිලු නම් ඔය ඕනෑතරම් තියෙන්නේ... දැන් ඔබතුමාගේ ක්‍රියාකලාපෙම ගැන හිතලා බලන්නකෝ...

:       0       0

Senarath Monday, 16 April 2018 08:00 AM

පරාද වූ අපේක්ෂකයෙකුට පින් ඇමතිකමක් ලැබුණාම කඩේ යන්නම වෙනවනේ. මේ අවුරුදු 3ට රටට වෙච්ච හෙනපතේ හොඳටම ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට 12 දක්වා
2021 පෙබරවාරි මස 08 909 0

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පාර්ලිමේන්තුවේද


සංචාරකයන් ගෙන්වීමෙන් සත පහක ආදායමක් නෑ
2021 ජනවාරි මස 07 3236 12

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බව ජාතික ජ


හිස්බුල්ලා පෙන්නලා බිල්ලා මවනවා
2021 ජනවාරි මස 07 2816 10

ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජනබලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහත


යුක්රේනයෙන් සංචාරකයන් ගෙනල්ලා කොරෝනාව ගරානාවක් කරගෙන
2021 ජනවාරි මස 05 3685 7

කඩා වැටුණු ආර්ථිකයක් තිබෙන, කොරෝනා රෝගීන් ලක්‍ෂ 11 කින් 19,000 ක් මියගිය යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා රටත් ජනතාවත් විනාශ නොකරන ලෙස ජාතික ජනබලවේගය පක්‍ෂයේ


තැබෑරුම් බලපත්‍ර 75 ක් දීලා - සීනි ජාවාරමෙන් බිලියන 10 ක්
2021 ජනවාරි මස 05 3901 3

වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය තුළ අලුතෙන් තැබෑරුම් බලපත්‍ර 75 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවට මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙම වසරේ පළමු පාර්ලිමේන්තු


ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න විදේශිකයන්ට පිස්සු නෑ
2021 ජනවාරි මස 05 14432 53

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 284 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site