IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හිටපු මහ ඇමැති මහදිවුල්වැව අභාවප්‍රාප්ත වේ

උතුරුමැද පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ නීතිඥ ඩී.පී.බී. මහදිවුල්වැව ( අශෝක මහදිවුල්වැව) මහතා  අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 97 වැනි වියේ පසු වූ අතර ටික කාලයක් රෝගාතුරව සිටියේය. හෙතෙම සිවු දරු පියෙකි.

ජේ.ආර්.ජයවර්ධන මහතා ජනාධිපති ලෙස සිටියදී ක්‍රියාත්මක කළ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය යටතේ ඔහු අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපති ලෙස ද වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

ඉන්පසු 1988 දී මුල්වරට පිහිටුවන ලද (එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වු) උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම , නිවාස ඉදිකිරීම් , යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් විය. ඒ ජී.ඩී.මහින්දසෝම මහතා උතුරුමැද මහ ඇමැති ලෙස සිටි (1988-1993) කාලසීමාවේ ය. අවස්ථා කිහිපයක දී වැඩබලන මහඇමැති ලෙස ද ඔහු කටයුතු කර ඇත.

ලංකා විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් උසස් අධ්‍යාපනයට වරම් ලබා ඇති මහදිවුල්වැව මහතා 1952 වසරේ දී නීතිඥ වෘත්තීයට පිවිස ඇත. 1994 වසරේ දී පිහිටුවන ලද උතුරුමැද නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධානී ලෙස සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අධිකරණය හමුවේ විභාග කළ විවිධ නඩු සඳහාම නොමිලේ පෙනී සිටිමින් ඔවුනට ඉමහත් සේවාවක් කළේය. එම සේවා කාලය වසර 25 කට වැඩිය. එමෙන්ම වෙනත් සමාජසේවා කටයුතු රැසක දී අනුරාධපුරයේ සාමාන්‍ය ජනතාවට බොහෝ උපකාර කළ සුධාරකයකු ද වූයේය.

අවමංගල්‍ය කටයුතු අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියේ දි මෙම අද 28 වැනිදා- පස්වරු 3.00 සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

 



අදහස් (0)

හිටපු මහ ඇමැති මහදිවුල්වැව අභාවප්‍රාප්ත වේ

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ළමා රෝග විශේෂඥ වෛද්‍ය චමිලා පෙරේරාගේ මව කළුරිය කරයි
2024 අප්‍රේල් මස 08 200 0

මාලඹේ සුසිතපුර අංක 852/31 ලිපිනයේ පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ සමාජ සේවිකාවක මෙන්ම විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරිනියක වූ විමලා පෙරේරා මහත්මිය අභාවප්‍රාප්


කළුතර හිටපු සංවර්ධන සභා මන්ත්‍රී හේම ජයවර්ධන දිවි ගමන නිමවයි
2024 අප්‍රේල් මස 06 242 0

කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය.


සබරගමුව සරසවියේ හිටපු උපකුලපති ඉන්ද්‍රලාල් දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 05 2671 1

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙක් ලෙස කටයුතු කළ ජේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් කේ පෙරේරා මහතා අද (05) අභාවප්‍රාප්ත විය.


සිතේ සතුටට පෙම්බැන්ද කඳනාරච්චි සමු ගනී
2024 මාර්තු මස 26 2878 9

හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්‍රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි
2024 මාර්තු මස 22 2591 6

ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇත.


අසෝක තිලකරත්න හඬ නිහඬ වෙයි
2024 මාර්තු මස 13 1973 3

ප්‍රවීණ නිවෙිදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවෙිදි යකු වූ අසෝක තිලකරත්න මහතා අද (13) අභාවප්‍රාප්ත විය


Our Group Site