IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලුම්බිණි තේ අධිපති මියයයි

දෙණියාය ,පල්ලෙගම ලුම්බිණි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ,ලුම්බිණි තේ කර්මාන්ත ශාලාවෙහි අධිපති ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ දයාපාල ජයවර්ධන (බානගල රාළහාමි) මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට (91) වියේ පසු වූ ඒ මහතා දියණියන් තිදෙනකුගේ සහ එක් පුතකුගේ පියෙකි.තේ කර්මාන්තයේ ලුම්බිණි නාමය ජාත්‍යන්තරයේ ඉණිපෙත්තට රැගෙන ගිය ඒ මහතා රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

දේහය ලුම්බිණි වත්ත ,පල්ලෙගම ,දෙණියාය ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (08) පවුලේ සුසාන භූමියේ දී ප.ව. 3.00 ට සිදු කිරීමට නියමිතය.

(එස් .ඩී. කොඩිකාර )

 



අදහස් (0)

ලුම්බිණි තේ අධිපති මියයයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ළමා රෝග විශේෂඥ වෛද්‍ය චමිලා පෙරේරාගේ මව කළුරිය කරයි
2024 අප්‍රේල් මස 08 209 0

මාලඹේ සුසිතපුර අංක 852/31 ලිපිනයේ පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ සමාජ සේවිකාවක මෙන්ම විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරිනියක වූ විමලා පෙරේරා මහත්මිය අභාවප්‍රාප්


කළුතර හිටපු සංවර්ධන සභා මන්ත්‍රී හේම ජයවර්ධන දිවි ගමන නිමවයි
2024 අප්‍රේල් මස 06 248 0

කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය.


සබරගමුව සරසවියේ හිටපු උපකුලපති ඉන්ද්‍රලාල් දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 05 2671 1

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙක් ලෙස කටයුතු කළ ජේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් කේ පෙරේරා මහතා අද (05) අභාවප්‍රාප්ත විය.


සිතේ සතුටට පෙම්බැන්ද කඳනාරච්චි සමු ගනී
2024 මාර්තු මස 26 2879 9

හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්‍රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි
2024 මාර්තු මස 22 2592 6

ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇත.


අසෝක තිලකරත්න හඬ නිහඬ වෙයි
2024 මාර්තු මස 13 1973 3

ප්‍රවීණ නිවෙිදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවෙිදි යකු වූ අසෝක තිලකරත්න මහතා අද (13) අභාවප්‍රාප්ත විය


Our Group Site