(රෝහණ චන්ද්‍රදාස)
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර පූජා නගරයේ භයාගිරි පූර්වාරාම විහාරාධිපති පොතානේ ධම්මානන්ද නාහිමියෝ අද(14) උදෑසන අපවත්වූහ.
අපවත්වනවිට උන්වහන්සේ 80 වැනි වියෙහි පසුවූහ.
රෝගාතුරව වැඩසිටි උන්වහන්සේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි අපවත් වූ අතර ආදාහන පූජෝත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බව විහාරස්ථ දායක සභාව ප්‍රකාශ කරයි.
පොතානේ ධම්මානන්ද නාහිමියෝ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරයෙහි ද කාලයක් කටයුතු කර ඇති උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශනා පැවැත්වීමෙහිලා රජරට බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටියහ.
හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇත.
ප්‍රවීණ නිවෙිදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවෙිදි යකු වූ අසෝක තිලකරත්න මහතා අද (13) අභාවප්‍රාප්ත විය
ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ප්රවෘත්ති නිවේදිකා රම්‍යා වනිගසේකර මහතමිය අද (08) උදැසන අභාවප්‍රාප්ත වූවාය .
ලාංකේය දේශපාලන ක්ෂේත්රයේ පෙරළිකාර චරිතයක්වූද හිටපු මුදල් අමාත්‍යවරයකුවූද ප්‍රකට ආර්ථික විශේෂඥයකුවූද රොනී ද මැල් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද ( 27) අ
හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
පොතානේ ධම්මානන්ද නාහිමියෝ අපවත් වූහ
K.M.K.Kumarasinghe Sunday, 16 April 2023 01:46 PM
මිහින්තලේ සිට ත්‍රිකුණාමලය පාරේ සැතපුම් 3ක් පමණ දුරින් මහකණදරාව වැව මධ්‍යයෙන් දකුණට හැරී සැතපුමක් පමණ යනවිට උන්වහන්සේ උපන් පොතාන ගම්මානය හමුවෙයි. එවකට ගොවි පවුලක් වූ පියා සුද්දහාමී සහ මව නංහාමී ගේ දෙවන පුතා පොතානේ ධම්මානන්ද වශයෙන් පැවිදි ජීවිතයට පත්වී ආචාර්ය උපාධි ලබා ජ්‍යෙෂ්ඨ කඨ්කාකාචාර්යවරයෙකු වශයෙන් රජරට භික්ෂු විශ්ව විද්‍යාලයේ අගනා සේවයක් උපන් බිමට කර අවුරුදු 80ක් ආයු වළඳා අපවත් වූහ. උන්වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා!!!