IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පද්මිණි දහනායක දිවිරඟ මඩලට සමුදෙයි

දේශීය නර්තන සම්ප්‍රදාය සිංහල සිනමාවට හඳන්වා දුන් ප්‍රවීන භරත නැටුම් ආචාරිනී කලාශූරි කලා භූෂණ පද්මිණි දහනායක මහත්මිය අද (16) අභාවප්‍රාප්ත වූවාය.

සැඩ සුළං, දරුවා කාගෙද, සුජාතා ඇතුළු සිංහල සිනමාවේ මුල් කාලීන චිත්‍රපට රැසක නර්තන ශිල්පිනියක් වූ ඇය නැටුම් අධ්‍යක්ෂකවරියක් ලෙසද කටයුතු කර තිබේ.

නැ‌ටුම් ඉගනීමට කැමති අය සදහා නර්තන පාසලක්ද ඇය ඇරඹුවාය.

මියයන විට 81 වැනි වියේ පසුවූ දහනායක මහත්මිය අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායක මොරිස් දහනායක‌ මහතාගේ නැගණියක්ද වේ.

ඇයගේ දේහය හෙට (17) උදෑසන 9.00 සිට අනිද්දා (18) සවස 5.00 දක්වා බොරැල්ල ඒ.එන් රේමන්ඩ් මල් ශෘලාවේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා (18) සවස 5.00ට බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදු කරන බව ඇයගේ දියණිය වන ප්‍රවීන නර්තනාචාරිණී රංගනා ආරියදාස මහත්මිය පැවසුවාය.

(සමන්ත යහම්පත් සහහ ආරියරත්න රණබාහු)



අදහස් (1)

පද්මිණි දහනායක දිවිරඟ මඩලට සමුදෙයි

පූජ්‍ය තාමරකුලියේ සීවලි හිමි Tuesday, 16 May 2023 10:24 PM

නර්තනය සිය ආත්මය කර ගත් දැයේ දරුවන්ට එතුමිය ඉතිරි කර තැබූ කලා සම්ප්‍රදාය සැබවින්ම අගය කරමි.උතුම් නිවන් සුවය ලැබේවා

:       0       4

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 3512 1

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 22 4316 16

ප්‍රවීණ සහ ජනප්‍රිය ජ්‍යෝතීර්වේදියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.


ළමා රෝග විශේෂඥ වෛද්‍ය චමිලා පෙරේරාගේ මව කළුරිය කරයි
2024 අප්‍රේල් මස 08 248 0

මාලඹේ සුසිතපුර අංක 852/31 ලිපිනයේ පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ සමාජ සේවිකාවක මෙන්ම විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරිනියක වූ විමලා පෙරේරා මහත්මිය අභාවප්‍රාප්


කළුතර හිටපු සංවර්ධන සභා මන්ත්‍රී හේම ජයවර්ධන දිවි ගමන නිමවයි
2024 අප්‍රේල් මස 06 277 0

කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය.


සබරගමුව සරසවියේ හිටපු උපකුලපති ඉන්ද්‍රලාල් දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 05 2697 1

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙක් ලෙස කටයුතු කළ ජේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් කේ පෙරේරා මහතා අද (05) අභාවප්‍රාප්ත විය.


සිතේ සතුටට පෙම්බැන්ද කඳනාරච්චි සමු ගනී
2024 මාර්තු මස 26 2903 9

හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්‍රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site