59 හැවිරිදි බිලී රේ අයිරික් පසුගිය බ්‍රහස්පතින්දා වන තෙක් ගත කළේ නැෂ්විලේහි පිහිටි රිවර්බෙන්ඩ් දැඩි ආරක්ෂිත බන්ධනාගාරයේය. පසුගිය බදාදා ඔහු තම අවසාන රාත්‍රි භෝජනය ලෙස සුවිශේෂී බර්ගරයක් අනුභව කොට පෙප්සි බෝතලයක් පානය කළේය. මරණ දඬුවම පනවන ලද සිරකරුවකුට තම අවසාන භෝජනය ලෙස ඩොලර් 20කට නොවැඩි ආහාරයක් ලබා ගත හැකිය.
පසුදින සවස 7ට විෂ එන්නත් තුනක් මගින් ඔහු මරණයට පත් කිරීමට නියමිතව තිබිණි. 2009 සිසිල් ජොන්සන් නමැත්තා මරණයට පත් කිරීමෙන් පසු ටෙනසි නගරයේදී මරණ දඬුවමට යටත් කෙරුණු ප්‍රථම පුද්ගලයා වූයේ බිලී රේ අයිරික්ය.
බිලී රේ අයිරික්ට මරණ දඬුවම නියම වූයේ 1985දී සත් හැවිරිදි දැරියක වූ පෝලා කේ ඩයර් දූෂණය කොට මරා දැමීමේ වරදටය. එවක 26 හැවිරිදි වූ ඔහු වසරක පමණ කාලයක් ඩයර් නිවෙසේ දරුවන් රැකබලාගන්නකු ලෙස සේවය කර තිබිණි. බිලී මත්පැන් පානයට හුරු වී සිටි බැවින් 1985 අප්‍රේල් 15 වැනි දින පෝලාගේ මව වන කැතී බිලීව තම නිවෙසින් එළවා දැමුවාය. ඇයත් සැමියාත් රාත්‍රි සේවයට ගිය පසු රාත්‍රියේ දරුවන් බලා ගැනීමට කිසිවකු නොවූ හෙයින් කැතීගේ සැමියා වන කෙනී, බිලී යළි නිවෙසට කැඳවාගෙන ආවේ දරුවන්ගේ ආරක්ෂාව සඳහාය.
එදින රාත්‍රියේ බිලීගෙන් කෙනීට දුරකතන ඇමතුමක් ලැබිණි. ඉන් පැවසුණේ පෝලාව නැගිටුවීමට නොහැකි බැවින් වහා නිවෙසට පැමිණෙන ලෙසටය. නිවෙසට පැමිණි කෙනීට දැකගත හැකි වූයේ සාලයේ ලේ විලක් මැද වැටී සිටි පෝලාගේ සිරුරය. කෙනී වහා දැරිය අසළ පිහිටි ළමා රෝහල වෙත රැගෙන ගියේය. ඒ වන විටත් පෝලා මියගොස් සිටියාය. මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ හුස්ම හිරවීමෙන් ඇගේ මරණය සිදු වූ බවටය. එමෙන්ම දැරිය තදබල ලෙස දූෂණයට ලක්ව තිබුණාය. මිනීමැරුම් චෝදනාව යටතේ බිලී අත්අඩංගුවට ගැනිණි.
පෝලාගේ මරණයට වරදකරු වූ බිලී 1987 මැයි මස 4 දින මරණයට පත් කිරීමට නියමිත වූ අතර ඔහු මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. ඔහුගේ නීතිඥයෝ දසක ගණනක් පුරා ඔහු ගලවා ගැනීමට උත්සාහ දැරූහ.
ඔවුන්ගේ විරෝධතාව එල්ල වූයේ විදුලි පුටුව වෙනුවට විෂ එන්නතක් මගින් මරණයට පත් කිරීමේ නව ක්‍රියාමාර්ගයට එරෙහිවය. මරණකරුට වේදනාවක් ඇති නොවන පරිදි මරණයට පත්කිරීම සඳහා එම විෂ පිළිබඳ තවදුරටත් පර්යේෂණ කරන තෙක් මරණ දඬුවම ප්‍රමාද කරන මෙන් ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එහෙත් එම අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රතික්ෂේප කළේය.
බිලී විසින් දූෂණය කොට මරා දැමූ පෝලා නමැති දැරියගේ මව වන කැතී ජෙෆර්ස් ප්‍රකාශ කළේ, ඔහු කළ අපරාධයේ වේදනාව ඊට වඩා දරුණු බැවින් ඔහුට දැනෙන වේදනාව පිළිබඳව තමාට කිසිදු හැඟීමක් ඇති නොවන බවය.
“මම 13 වැනි ජුරි සභිකයා නොවෙයි. මගේ පෞද්ගලික මතය ප්‍රකාශ කිරීම හෝ ඔහු විනිශ්චයට ලක්කිරීමට මට අවශ්‍ය නැහැ. මගේ දියණියගේ වයස අවුරදු 7යි. ඔහු ඇය දූෂණය කොට, ගෙල මිරිකා මරා දැම්මා. මෙම තීන්දුව සර්ව සාධාරණයි. ඔහුට දෙවියන් සමාව දුන්නත් මගෙන් සමාවක් නැහැ.” ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ඇය සඳහන් කළාය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත දිනට සතියකට පෙර බිලී අඩි 8 *10 ප්‍රමාණයේ විශේෂිත සිරමැදිරියකට ගෙන එන ලදී. 2018 අගෝස්තු 7 දින රාත්‍රියේ මිඩසෝලම් නමැති විෂ එන්නත් තුනක් මගින් ඔහු මරණයට පත් කෙරිණි.
අන්තර්ජාලයෙනි
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට
මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර
මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද
සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා
සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම
එක් දහස් නවසිය හැට අටේ සරසවි සම්මාන උළෙලේ අවසාන වටය සඳහා චිත්‍රපට දෙකක් නම්කර තිබුණි. එයින් එකක් වූයේ හැටේ දශකයේ ජනප්‍රියත්වයට පත්වූ ලේඛකයකු වන කරුණාස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ළමා දූෂකයාට මරණ දඬුවම දුන්නේ මෙහෙමයි