(නිමන්ති රණසිංහ)
පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ සැකකාර ප්‍රධානින් වංචා කරන ලද මුදල්වලින් ජාත්‍යන්තර ඩොලර් මිලදී ගැනීම මෙන්ම මෙරට රාජ්‍ය ආයතනවල ද මුදල් ආයෝජනය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධියට අදාළ සැකකාර චීන ජාතිකයන් දෙදෙනා වීසා ලබා ලබාගැනීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් රුපියල් බිලියන 1.44 ක මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම්වල තිබී සොයා ගත් බවත් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥ හංස අබේරත්න මහතා මෙම දැනුම් දීම සිදු කර තිබේ.
මෙම සැකකරුවන් රුපියල් බිලියන පහළොවකට අධික මුදල් වංචාවෙන් සැකකරුවන් මිලදී ගත් දේපල සම්බන්ධ වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන බව මෙහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 8 දෙනාගෙන් කිහිප දෙනෙක්ම සුපිරි නිවාස සංකීර්ණයන් හි නිවාස මිලට ගෙන ඇති බවත් තවත් අය රුපියල් ලක්ෂ සියයකට අධික මුදල් වැය කරමින් නිවාස ඉදිකරගෙන ඇති බවත් අධිකරණයට දැනුම් දුන් රජයේ නීතිඥවරයා, සැකකරුවන් මිලදී ගත් සුපිරි වාහන එකොළහක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇති බවය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව ඇප මත සිටි පළමුවන සැකකරු වන අමල් කීර්ති බණ්ඩාර නමැත්තාද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
“ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” ආයතනය ගැන අධිකරණයට කියයි
chandani de mel - uk Monday, 28 November 2022 04:42 AM
මේ කේස් එකෙත් මුලම ඉන්නේ කවුද.?
Sunil Monday, 28 November 2022 06:16 AM
මෙවන් මහා පරිමාණ වංචාවල අඩුවක් දක්නට නැහැ,