(ඩයනා උදයංගනී)
මීට පෙර මෙරට පැවති බොහෝ සන්ධානවල ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වුවත් වර්තමානයේ එසේ නොවන බව එහි ඇතැම් මන්ත්‍රීවරුන්ට අමතක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා අද (26) පැවසීය.
මේ වන විට පවතින සන්ධානයේ ප්‍රධාන පක්ෂය ඔවුන් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව කී ප්‍රධාන ලේකම්වරයා නිදහස් පක්ෂයේ ඇතැමුන් තවමත් ඉන්නේ ප්‍රධාන පක්ෂය තමන් බවට වන අතීත මානසිකත්වයේ යැයි ච සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රජය තුළ යම් යම් ගැටලු මතුව ඇත්තේ ඔවුන් ප්‍රධාන පක්ෂයක් වටා සන්ධානගත වූ පක්ෂයක් බව අමතක කිරීම නිසා යැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
අතීත සන්ධාන තුළ ශ්‍රී.ල.නි.පයට තිබූ බලය වැඩි නමුත් වර්තමානයේ තත්වය වෙනස් නිසා තනතුරු ලැබීමේදී හා විවිධ කරුණුවලදී පොදුජන පෙරමුණේ අදහස්වලට අනුකූලතාවක් දැක්වීමට ඔවුන්ට සිදුවන බවද කාරියවසම් මහතා කීවේය.
සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී.ල.නි.ප ය ජනපතිවරයා හමුවූයේ ආණ්ඩුව තුළ අර්බුදයක් නිසාදැයි මාධ්‍යවේදියා මෙහිදී ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව විපක්ෂයේ පක්ෂවලටත් ජනාධිපතිවරයා හමුවීමට අයිතිය තිබෙනවා. ශ්‍රී.ල.නි.පයේ බහුතරයක් නැතත් සුළුතරයක් රජය කෙනෙහිලිකම් කරන බවට මතයක ඉන්නවා. එක ඇමතිවරයෙක් ඔහුට විහිළු ඇමතිකමක් ලැබුණු බව කීවා. මෙවැනි කීප දෙනෙක් ඒ පක්ෂයේ ඉන්නවා.
ඒත් බහුතරය් ඒ මතයේ නොවීම ගැන සතුටු වෙනවා. මේ සන්ධානයේ ප්‍රධාන පක්ෂය ඔවුන් නොවන බව ඒ අයට අමතක වෙලා. දේශපාලන පරිණතභාවයක් ඇති නායකයන් එය තේරුම් ගත්තත් තේරුම් නොගත් අය විවිධ කතා කියනවා. මේ තත්වය විසඳාගෙන සුබවාදී ලෙස ඉදිරියට යන්න හැකිවේ යැයි අපි විශ්වාස කරනවා. ඔවුන්ට මත දැරීමේ හැකියාව තිබෙනවා. සියලු පක්ෂ තම මතය පවසද්දී අපිත් අපේ මතය ප්‍රකාශ කරනවා.”
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
“ශ්‍රී.ල.නි.ප ය තාමත් පැරණි මානසිකත්වයේ’’
මුණසිංහ Monday, 26 July 2021 05:00 PM
මෙයා නම් මීට පස්සේ නිකමටවත් පාර්ලිමේන්තු එවන්න එපා...
Kule Monday, 26 July 2021 05:10 PM
මහත්තයෝ ඔබ අද ඔතන ඉන්නෙත් ඔබගේ පියාණෝ ශ්‍රීලංකා නි. පක්ෂයේ නිසා...
සමිත සේනක අලුත්ගමගේ. Monday, 26 July 2021 05:23 PM
ශ්‍රී ලනිපයේ අරගල කොට කඩාගෙන ගිය අය නිසා එම පක්ෂයේ සිටි අනෙකුත් පිරිස් ඇද වැටුනේ එසේ මෙසේ කරදරයකට නෙමෙයි. කඩාගෙන ගිය අය තවත් පක්ෂයක් හා එක්වී රජයක් පිහිටුවා, තනතුරු හා බොහෝ දේ ලබමින් පිනායමින් සිටියදී, සියලු කරදර හිරිහැර මැද, ඉතා දුකසේ පොහොට්ටුව පිහිටුවා ගත් හැටි මතකයි. ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයක් තිබූ ශ්රීලනිපය කල්යල් බලා නැවතත් පොහෝට්ටුවේ එල්ලුනේය. දැන් හරියට කතාව හා ක්‍රියාව ඒ අය නිසා පොහොට්ටුව දිනුවා වගේය. අප දේශපාලන කාටත්, ආවඩන්නේ නැති වුවත්, මේ දේවල් නොකියා නොහැක්කේය....