IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


“වැලිකඩ - අ.පුර බන්ධනාගාරවල සී.සී.ටී.වී පද්ධති නෑ’’

(නිමන්ති රණසිංහ)

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ හෝ අනුරාධපුර බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධති සවිකර නැතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.

සී සී ටී වී කැමරා පද්ධති සවි කර ඇත්තේ,  බූස්ස, අගුණකොළපැළැස්ස සහ ක`ථතර යන බන්ධනාගාරවල පමණක් බව ද එම මුලස්ථානය සදහන් කරයි.

ඒ අනුව, බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් සිදුකරනු ලැබූ බව කියන සිද්ධියට අදාළව විමර්ශනයේදී සී සී ටී වී දර්ශන උපයෝගී කර ගත නොහැකි වන බව බන්ධනාගාර නිලධාරීහු සදහන් කරති.

කෙසේ වෙතත් මෙරටේ සෑම බන්ධනාගරයකටම ඇතු`ථ වන ඕනෑම පුද්ගලයකුගේ සටහන් තබා ගැනීමේ ‘ලොග් සටහන් පොතක්’ සෑම බන්ධනාගරයකම ඇති බවත් විශේෂයෙන්ම බන්ධනාගාර තුළ සෑම අංශයකම එවැනි ‘ලොග් සටහන් පොත් ’ ගණනාවක් ම ඇති බවත් එම නිලධාරීහු පවසති.

සිරකරු දිනය පැවැති ඉකුත් 12 වැනිදා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුලු වී එල් ටී ටී ඊ රැඳවියන් දෙදෙනකු ඔහු ඉදිරියේ දණ ගස්වා ඔවුන්ට මරණීය තර්ජනය කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරය මගින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද පරීක්ෂණ පැවැත්වෙයි.



අදහස් (13)

“වැලිකඩ - අ.පුර බන්ධනාගාරවල සී.සී.ටී.වී පද්ධති නෑ’’

Kcn Friday, 17 September 2021 07:17 PM

සාදුකාරයක් දෙන්න පින්වතුනි

:       4       68

Nuwan Friday, 17 September 2021 07:25 PM

මේ වගේ විහිළු වලින් රටේ මිනිස්සු තව කොතරම් කාලයක් රවටන්නද හදන්නේ? ලංකාවේ තියෙන ප්‍රධානම හිරගෙදර කාමර නැහැලු.. ඔය ලොග් පොත් ඕන කෙනෙක්ට අතුරුදන් කරන්න පුළුවන් බව ඕනෑම පොඩි ලමයෙක් දන්නවා.

:       2       56

සඳුන්Friday, 17 September 2021 08:04 PM

රට බේරගන්න අන්තිම අවස්ථාව පැමිණෙන හැමවිටම රැවටෙනවා.

:       2       40

gunarathnaFriday, 17 September 2021 08:26 PM

එතකොට සීසීටීවී දර්ශන අතුරුදන් කරන්න බැරිද? මේක මානව හිමිකම් සමුළුව යන වෙලාවේ දෙමළ සංධානයේ කරපු කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? 

:       20       19

අයිස්බග් ස්ලිම් Friday, 17 September 2021 07:39 PM

මට කලිං කියන්න පුළුවන්ද තවත් මෙව්වා නැති තැන්? මට අඬන්නද, හිනාවෙන්නද, කියාලා හිතාගන්න බැරුව ඉන්නේ මේ අන්දන අැන්දිල්ලට..., එක අතකට... එහෙමත් හොඳයි... නැත්නං රෙකෝඩ් ටික මැකිලා තියෙන්න බැරි නැහැ. රටවැසියාව අල්ලලා රට පටෝලා, සර්ලා, සින්නක්කරේටම, ශ්‍රී ලංකාව ලියාගන්න. සර්, එතකොට අපට රටක් නැහැ කියලා.. ඉන්නා ඉතුරු කාලේවත්, සතුටින් ඉඳලා මැරිලා යන්න ඇහැකි මැරි මැරී ඉපදෙන එක හරිම අමාරුයි.. සර්.

:       5       48

පොඩි මල්ලි Friday, 17 September 2021 08:34 PM

මාර රටක් අප්පා... අද සිල්ලර කඩේක වුණත් CCTV තියනවා. මෙච්චර ආරක්ෂා කරන්න ඕන තැනකට සීසීටීවී නෑ. වැඩිපුර වංචා වෙන තැන්වල තමයි ලොක්කො සෙකියුරිටි අඩු කරන්නේ.. මොකද සාක්කි නෑනේ... ලොග් පොතෙන් හොයන්න බෑනේ මිනිහා කරපු, කියපු දේවල්...

:       1       44

dona Friday, 17 September 2021 09:03 PM

අනේ ඉතින් සිංහලයා මෝඩයා කියලා තාමත් ඔය මහ අය හිතන්නේ, මේ වගේ අමන කතා කියන තක්කඩින්ව ගහලා පන්නලා දාන්න කෙනෙක් නැති හැටි. බන්ධනාගාරේ අයටත් මෙලහකට ජරාව දීලා ඇති...

:       1       24

bandara Friday, 17 September 2021 09:11 PM

හික් හික්... හිනා තමයි..

:       1       22

kapila Friday, 17 September 2021 09:14 PM

ඊළඟට අර දනගස්වපු දෙන්න කියනවා ලොහාන් කියලා නෙවෙයි අපි කැමැත්තෙන් දණගැහුවේ කියලා. ලොහාන්ගේ අතේ තිබුණු පිස්තෝලය අපි උදුරාගෙන අපිම අපේ ඔලුවට තියාගත්තා කියලා...

:       1       34

Prabha Friday, 17 September 2021 09:48 PM

13ක් මරලා බේරුණු එකේ... ඔලුවට පිස්තෝලයක් තියලා හිරේ යයිද?

:       1       34

Jude perera Friday, 17 September 2021 10:22 PM

ලොග් පොතත් එදා තිබිලා නැහැ...

:       1       20

asank Friday, 17 September 2021 10:52 PM

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ හෝ අනුරාධපුර බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධති සවිකර නැහැ නේන්නම් අපි දන්නවනේ ඒක. ඒවා එදාම අයින් කලානේ...

:       2       16

Niran Saturday, 18 September 2021 09:35 AM

අනේ ඉතින් ඒකෙන් හැටි. අනික් ඔකොම හිරගෙවල්වල තියෙනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 59 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 163 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 783 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 90 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 259 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 247 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site