(නිමන්ති රණසිංහ)
විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටියැයි මුල්ලේරියාව පොලීසිය අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බුද්ධික ප්‍රසාද් නොහොත් “ආමි සුරංග” නැමැත්තා සහ තවත් පුද්ගලයකු ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. මහවත්ත මහත්මිය අද (28) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිඹුටාන ප්‍රදේශයේ පදිංචි රන්සි`ථ පේඩිගේ බුද්ධික ප්‍රසාද් නොහොත් “ආමි සුරංග” සහ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි ක`ථආරච්චිගේ චාමර චතුරංග නැමැත්තන්ය.
මෙම සැකකරුවන් යතුරුපැදියකින් ගමන් කරමින් මල්ලක බහා ගිනිඅවියක් රැගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව වල්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම සැකකරුවන් ඉකුත් 2018 වර්ෂයේදී පෑලියගොඩ පොලිස් වසමේදීද මේ ආකාරයෙන් ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, ඉකුත් 2020 වර්ෂයේදී පොලිස් හැදුනුම්පතක් පරිහණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අයවලුන් බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම සැකකරුවන් ඉකත් 2014 වර්ෂයේදී වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනයේදී පැවැති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සැකකරුවකු බවද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ගිනි අවිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා මෙන්ම සැකකරුවන්ගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා කැදවීමටත් නියෝග කළේය.
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම
ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද
බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
“ආමි සුරංග” රිමාන්ඩ්