(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනේ 'ජන සුවය' සමාජ සත්කාර වැඩසටහනෙහි 31 වන පියවර ලෙස රුපියල් ලක්ෂ විස්සක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලට පිරිනැමිණි.
සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තොගය තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය මංජුල ගුණතිලක මහතා වෙත බාර දුන්නේය.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මීට වසර 13 කට පෙරාතුව අනුරාධපුරයේ පැවති ජනහමුවකදී ත්‍රස්ත ප්‍රහාරයකට හසුව අභාවප්‍රාප්ත වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ප්රමුඛ විසි නව දෙනකු සිහිපත් කරමින් පැවැති ගුණානුස්මරණයටද එක්වූ විපක්ෂ නායකතුමා, රෝහල් උපකරණ පරිත්‍යාගයෙන් ලැබෙන කුසල්, එම පිරිසට අනුමෝදනා කළේය.
මීට පෙර අවස්ථා 30ක් තුල ලක්ෂ 876 ක රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කළේය.
මෙම අවස්ථාවට තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍යපාද තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය වැඩම කොට වදාළ අතර, සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර, හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, හිටපු අමාත්‍ය පී හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’’විපක්ෂයෙන් හුස්මක්’’ තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලට
Ishan Ahamed Wednesday, 13 October 2021 09:39 AM
ගොඩක් වටිනා වැඩසටහනක්... ඇත්තටම වෙනසක් ඇති කළ හැකි නායකයෙක්. ඔබ වැනි නායකයෙක් මෙරටට අවශ්‍යම මොහොතක්. මෙම කර්තව්‍යය සඳහා දායකත්වය දුන් සැමට දීර්ඝායු ලැඛේවා...!!!