IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘හිතක් පපුවක් නැති පාලනයක්‘‘

(අංජුල මහික වීරරත්න)

ඩොලර් 60ට තිබූ තෙල් බැරලය වසර ගණනාවක් තිස්සේ ඩොලර් 26 දක්වා අඩු වී තිබෙන මොහොතක එහි වාසිය නොදී කොරෝනා වසංගතයෙන් පීඩිතව ආර්ථික වශයෙන් කඩා වැටී සිටින ජනතාවට ඉන්ධන මිල වැඩි කොට පහර දීම එක්සත් ජාතික පක්ෂ තරයේම හෙළා දකින බව පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

ජනතාව දරුණු ඛේදවාචකයකට ඇද වැටී සිටින අවස්ථාවක පාර්ලිමේන්තුවට වාහන 229 ක් ගෙන්වීමට රුපියල් බිලියන ගණනක් යෙදවීම  හිතක් පපුවක් ඇති පාලකයන්ට කළ නොහැක්කක් බවද අබෙිවර්ධන මහතා කීය. 

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ එජාප සභාපතිවරයා තවදුරටත් කීවෙි
2015 ජනවාරි 08 වන දින රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලයේදී ජනතාවට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩවල මිල පහත හෙලා 2019 දී පාලනය අවසන් වන තුරු ජනතාවට පීඩාවක් නොවන්නට රට පාලනය කළ බවයි.

 



අදහස් (12)

‘‘හිතක් පපුවක් නැති පාලනයක්‘‘

Lal hannadige Monday, 14 June 2021 02:32 PM

තව ටිකක් මුක්කුව ගහන්න ඔක්කොම දැන් සුදනෝ වෙන්න එනවා

:       126       133

සුරංගි Monday, 14 June 2021 03:08 PM

ඔහෙලා ආණ්ඩු කරන කාලේ ඔහෙලට හිතක්, පපුවක් තිබුණැයි..?

:       130       159

Raveendra Tuesday, 15 June 2021 06:33 AM

හිතක් පපුවක් නැති තිරිසනුන්ට පමණයි. හිතක් පපුවක් නැති අයගේ ක්‍රියාකලාපයන් හොඳින් හඳුනාගත හැකි බව මනාලෙස ඔප්පු කර ඇත...

:       0       0

Malli Monday, 14 June 2021 03:12 PM

ඇයි නුඹලගේ කාලේ අපිට කිරියෙන් පැණියෙන් කාලාද හිටියේ...? අනේ පලයන් බොරු නොකියා... මට නම් මේ ඔක්කොම එකයි.

:       151       216

කෝරලගේ Monday, 14 June 2021 03:16 PM

එජාපය පොළවට සමතලා කරපු ලොකුම හවුල් කාරයෙක් තමයි මෙයා. මේ ගොල්ලන්ට යන්න වෙන්නේ අපායට තමයි එකේ සාපයට. දැන් මේ බොරු කයිවාරු ගහනවා...

:       18       303

සවප්නා Monday, 14 June 2021 03:17 PM

මේ රටේ දේශපාලකයින්ට කවදාද හිතක් පපුවක් තිබ්බේ.. සැමදා කලේ ජනතාවට සිහින දෙමින් තම සිහිනය වන සුපිරි වාහන, එතෙර සවාරි, අත යට වාසි සලසා ගත්තා විතරයි..

:       1       77

මුණසිංහ Monday, 14 June 2021 03:29 PM

ඔබ තුමාල ආණ්ඩුව කරන කාලෙත් හිතක් පපුවක් තියාගෙ වාහන ගෙන්නවපු හැටි අපිට හොඳින් මතකයි

:       135       157

Ranga Monday, 14 June 2021 03:32 PM

මහත්තයෝ..., ඔය ගොල්ලන්ගේ කාලේ ඩොලර් 19ටත් තෙල් බැරල් එක තිබ්බා.. එතකොට රු. 55ට පෙට්‍රල් දුන්නාද..? රට බයිලා කියන්න එනවා..

:       207       240

හේරත් Monday, 14 June 2021 05:21 PM

එ්යි මේ බලාපල්ලකෝ... හිතක් පපුවක් තිබුණු ආණ්ඩුවක මහා ලොකු වැඩ්ඩෙක් කියන කථාව..! අනේ අපොයි! මේ මිනිස්සුන්ට විලි ලැජ්ජාව කියලා දෙයක් දැනෙන්නේ නැති හැටි...!

:       0       78

siri Monday, 14 June 2021 05:25 PM

මේක මේ චීන ජනකතාවක්. පරණ පොතක තිබ්බේ. වෙන මොනවා හරි සිදුවීම් එක්ක පටලවා ගන්න එපා. " එක්තරා ප්‍රජාතන්ත්‍රවාදී රටක් තිබුණලු. ඒ රටේ තිබුණු ආණ්ඩුවක් පිස්සු කෙළලා, මිනිස්සුන්ගේ පිටේ නොසෑහෙන්න බර පටවලා, වාහන ගන්න මුදල් නාස්ති කරලා, හැම දේකින්ම නොසෑහෙන්න කොමිස් ගහලා... පාරිසරිකව බිහිසුණු විනාශයක් කරලා, වසංගතයක් පැතිරුණු වෙලාවේ ප්‍රවීණෝපදේශක වෛද්‍යවරු පස්සට දාලා හිච්චි පුතෙකුට ඒ අයට වැඩකරන හැටි කියාදෙන්න බාරදීල‍ා, වැඩ කටයුතු හමුදාවට බාර කරලා, ඒ වසංගතය අනාගෙන, අවිද්‍යාත්මක තීන්දු තීරණ වලින් වුවමනාවෙන්ම මිනිස් ජීවිත ඒ වසංගතයකට බිළි කරලා, හත්පොළේ ගාගෙන, රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයත් බිංදුවටම දාලා, අන්තිමට ඡන්දයක් ළංවුණු වෙලාවේ, පරිප්පුයි, සැමන් ටින් එකයි, තව කීරි සම්බයි, පෙට්‍රල් වගේ දේවල් ටිකකුයි රුපියල් දහයකිනුයි අඩු කළාලු. මෙන්න බොලේ කලින් ඒ ආණ්ඩුවට පලු යන්න බැන බැන හිටපු ඒ රටේ මිනිස්සු "මොන තරම් සහනයක්ද?.. බැලුවාම ඉතින් ඒ හැටිම නරක නෑ අනේ..." කියාගෙන ගිහින් ඒ ආණ්ඩුවම නැවත පත්කරන්න ඡන්දෙ දුන්නාලු."

:       327       222

SUNIL MILANO Monday, 14 June 2021 06:00 PM

හරිම පුදුමයි... මේ අය කතා කරන්නේ කොහෙන්ද?

:       0       109

පප්ප Monday, 14 June 2021 06:12 PM

ගෝඨාභයට පාස්පෝට් එක ගන්න උදව් කරන කොට ඒක හිතුනෙ නැද්ද?

:       19       306

ඔබේ අදහස් එවන්න

දියත

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 76 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 16 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1598 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 484 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 564 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 424 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site