IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘ගල්අඟුරු නැති වුණොත් පැය 10ක් විදුලිය නෑ‘‘

(ඩයනා උදයංගනී)

ඉදිරි කාලයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් පැය 10ක පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ගල් අඟුරු ගොඩබෑම කළ හැක්කේ සීමා සහිත කාලයකදී පමණක් බැවින් මෙම මස අග සිට ලබන අප්‍රේල් දක්වා ගල් අඟුරු ටොන් විසිපන් ලක්ෂයක් බාගත යුතු බවත්, එසේ නොකළහොත් ඩීසල් බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කරවීමට සිදුවී වියදම් අධික විය හැකි බවත් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

මාස කිහිපයකට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයවත් ගෙන්වා ගත නොහැකි තත්වයක් පවතින මෙවන් අවස්ථාවක 2025 දක්වා අවශ්‍ය ගල් අඟුරු ගෙන්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඇතැයි කී මන්ත්‍රීවරයා එය සිදුවන්නේ කුමන ක්‍රියාවලියක් මතද යන්න ගැටලුවක් බව කීවේය. රටේ ආර්ථික තත්වයට හා ඩොලර් සංචිතවලට ඔරොත්තු නොදෙන ආකාරයට, ගල් අඟුරු ප්‍රසම්පාදන කළ නිසා දැන් අර්බුදයක් මතුවී ඇතැයි කී රණවක මහතා එය ඉදිරියටත් අවිධිමත් ආකාරයට කළහොත් ඉතා භයානක ප්‍රතිඵල අත්විය හැකි බව ද පැවසීය.

අතීතයේ රොකට් යවන බව කියමින්ලංකා විදුලිබල මණ්ඩලයට කෝටි 49 ක් වංචා කළ රාජකීය පුතුන් වර්තමානයේ තෙල්වලටත් අත තියා ගසා කනවාද යන සැකය මතුවී ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.

 



අදහස් (5)

‘‘ගල්අඟුරු නැති වුණොත් පැය 10ක් විදුලිය නෑ‘‘

sharm warn Thursday, 18 August 2022 04:44 PM

ඔය ගල් අගුරු බලාගාරේ ගැනත් අක්‍රමිතා වෙච්ච කථා තියෙනවා නේද? ඒවා විසඳන්න කවුරුවත් නැද්ද?

:       3       21

WCA Thursday, 18 August 2022 05:54 PM

ඒක නම් අපිත් දන්නවා. ගල් අඟුරු නැති වුණොත් කොහොමත් ගල් අඟුරු බලාගාර දුවන්න වෙන්නේ නැහැනේ.. මොකද තෙල්වලින් දුවන්නද? මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න. ළිඳ ළඟ ගැහැණු වගේ කියවන්නේ නැතුව...

:       0       0

චන්දන Thursday, 18 August 2022 05:59 PM

මෙයාට මතක් වෙන්නේම ගල්අඟුරු... බිස්නස් එක දිගටම ගෙනියන්නයි කල්පනාව...

:       0       0

කිරිපුතා Thursday, 18 August 2022 06:18 PM

ලොකු දෙයක් කළා වගේ කතා කරන්නෙ. යල් පැනගිය ක්‍රමයක් ගෙනැල්ලා දැන් දඟළනවා. සූර්ය බලශක්තිය සෑම නිවසකින්ම නිර්මාණය කරගන්න, සුළං භාවිතා කරන්න මෙයාලට හිත නෑ. මොකද කොමිස් මදි

:       4       27

Bamunuarachchi Friday, 19 August 2022 06:51 AM

ඒවා කරන අය කරාවි ඔහේ කලබල නොවී ඉන්න... මොකද ගල් අඟුරු ගෙන්වීම බාර ගන්නද ලැහැස්තිය? කයිවාරුව නම් පැට්‍රල් රුපියල් 250කට දෙන්න පුළුවන් කියලා. මෙයා කාවද මේ ගොනාට අන්දන්නේ? සජබයින්ව වෙන්න ඇති...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 555 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1948 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1458 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 823 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2003 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 98 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site