(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් ‘‘එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී. කොන්සෝටියම් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දුන්නේය.
එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්නට අදාළව මෙම ප‍්‍රකාශය ලබාදීම සඳහා අර්ජුන හෙට්ටිආරච්චි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාගර කටයුතු පිළිබද අංශය වෙත පැමිණීයේ ඉකුත් දා අධිකරණයෙන් නිකුත් වූ නියෝගකට අනුවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උදෑසන 8.30ට පමණ පැමිණී ඒ මහතා පැය දෙකකට අධික කාලයක් සිය ප‍්‍රකාශය ලබා දීමෙන් පසු උදෑසන 10.45ට පමණ එම ස්ථානයෙන් පිටත්ව ගියේය.
අර්ජුන හෙට්ටිආරච්චි මහතා සිය නිතීඥවරයා ද සමග පැමිණ මෙම ප‍්‍රකාශය ලබාදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.
සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘‘එක්ස්ප්රස් පර්ල්‘‘ නෞකාවේ දේශීය නියෝජිතයා සී.අයි.ඩීයට එයි