(ඉන්දිකා රාමනායක)
ගාලුමුදොර අරගලයට පහර දීමට මුල් වු මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස සතියක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට බලකරමින් සහ සමාජවාදී තරුණ සංගමය පාගමනින් පොලිස්පතිවරයාට ලිපියක් බාර දීමට පොලිස් මුලස්ථානයට අසලට පැමිණීම හේතුවෙන් පොලිස් මුලස්ථානය ඉදිරිපිට අද (16) උණුසුම් තත්ත්වයක් හටගත්හ.
පිරිස පොලිස්පතිවරයා හමුවීමට පොලිස් මුලස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කර කරගෙන පොලිස් මුලස්ථානයට ඇතුලු වීමට උත්සහ කළ අවස්ථාවේ මෙම උණුසුම් තත්ත්වය හටගත්හ.
විරෝධතාකරුවන් රැගෙන ආ ලිපිය පොලිස්පතිවරයාට බාර දීමට අවස්ථාව හිමි නොවු අතර ඒ සදහා පැමිණි සිටි නියෝජිතයන් දෙදෙනාට බාර නොදුන් අතර ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොමැති බවට පවසමින් විරෝධතාකරුවන් එම ලිපිය පොලිස් මුලස්ථානය ඉදිරිපිටදීම ගිනි තැබුහ.
මෙම විරෝධතාව අද පස්වරු 4.00 ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වු අතර එය පා ගමනින් පොලිස් මුලස්ථාන බලා ගමන් ගත්හ.
සාමකාමි අරගලයට පහර දීලා අද වෙනකොට අවස් 7 යි, ගහපු එවුන් සැප නින්දේ, පොලිස්පති බලා සිටියි, ආණ්ඩුව - පොලිසිය මැරයන් ටික රකින විට අරගලයම රැක ගන්නට පෙරට ආවේ මහජනයයි, සටන් කරපු මහජනයා පන්න පන්නා හිරේදැම්මා, අණදුන්නේ මන්දිරයෙන් - ගුටි කෑවේ අපේ එවුන්, බේරගතන්න මගට ආව අපේ එවුන්- උන් හොයන්නේ අපෙ එවුන්, ආදි නොයෙක් සටන් පාට කයමින් පිරිස පොලිස් මුලස්ථානය වෙත ගමන් ගත්හ.
මෙම පා ගමන හේතුවෙන් පොලිස් මුලස්ථානය අසල අතිරේක කණ්ඩායම් යොදා යොදවා තිබිණි.
පිරිස පොලිස් මුලස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවේ නිරත වෙමින් සිට පිටය ගියහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘අරගලයට පහරදුන් මැරයන් අල්ලනු‘‘